[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාගානන්ද ජාත්‍යන්තර
බෞද්ධ විශ්ව විද්‍යාලය

ලොව බොදු පරපුරට සෙත සලසන නාගානන්ද බොදු සරසවිය

කැලණිය බොල්ලෑගල ප්‍රදේශයේ අක්කර 50 ක මනරම් භූමි භාගයක ඉදිකර ඇති ලොවට ම ආගමික හැදියාව බෙදා දෙන මේ පින් බිම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය යි. ආසියාවේ පළමු විශ්ව විද්‍යාලය වූ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය ආදර්ශ කරගනිමින් 21 වැනි සියවසේ ඉදිවුණු මේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය අපේ රටේ බිහි වූ මේ ආකාරයේ එකම බොදු සරසවිය යි. වත්මන්හි භික්ෂුන් වහන්සේ පමණක් නොව මෙහෙණින් වහන්සේ හා ගිහි තරුණ තරුණියන් ද ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනය ලබන මෙම ආයතනය මානෙල්වත්ත පුදබිමේ මනරම් භූමි භාගයක විසිරී පැතිරී තිබේ.මානෙල්වත්ත රජමහා විහාරාධිපති සහ තායිවානයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිවූ නාගානන්ද සරසවියේ අධ්‍යාපනය ලබන 5000 ක පිරිසට නේවාසික පහසුකම් ලබාදීමට කටයුතු කරමින් ඇතැයි එම ආයතනයේ සෙනෙට් මණ්ඩල සාමාජික උපකුලපති හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් ශාස්ත්‍රපති දොඩම්පහළ රාහුල හිමිපාණෝ පවසති.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]