[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කච්චායන බමුණු තුමා දහම් ඇසීම

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

දුටුගැමුණු රාජ මහා විහාරයේ දී ගණේගම නාහිමි සමරා පින්කම් රැසක්

ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරාධිපති ව වැඩ විසූ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත ගනේගම ශ්‍රී සරණංකර නාහිමියන් අපවත් වී දෙසැම්බර් 29 වන දිනට වසර 30 ක් සපිරේ. උන්වහන්සේ ජාතික, ආගමික , අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රබෝධය සඳහා සුවිසල් මෙහෙවරක් ඉටුකළ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් වේ. ඓතිහාසික වටිනාකමින් යුත් හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරය හා ගා/ශ්‍රී රතනසාර විද්‍යායතන පිරිවෙණ ආදි ආයතන රැසක නිර්මාතෘවරයන් වහන්සේ වෙති. පැවිදි හා ගිහි සැමගේ ගුණ සැමරීම පිණිසත්, රටවාසීන්ට සෙත් පැතීමත් ඇතුළු අරමුණු රැසක් සහිතව පින්කම් මාලාවක් දුටුගැමුණු රජමහා විහාරයේ දී පැවැත්වේ. 25 වනදා පස්වරු 4.00-5.00 ගුණානුස්මරණ ධර්මානුශාසනාව 26 වනදා රාත්‍රි සත්වේලේ පිරිත් දේශනාව සමාරම්භය ද 29 දින පස්වරු 3.00 දේවදූත පෙරහර ද රාත්‍රී 9.00 ට දොරකඩ අස්න හා අනුශාසනා...

බුද්ධාභිවන්දනා සර්වරාත්‍රික බුදු ගුණ දේශනාව 28 වනදා

තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මෙයට වර්ෂ 2608 කට පෙර දඹදිව බුද්ධගයා බෝධි මණ්ඩලයේ ඇසතු බෝ රුක් සෙවණේ වජ්‍රාසනාරූඪ ව වැඩ හිඳ අනන්ත බුද්ධ ගුණ, බුද්ධ ඤාණ ප්‍රතිලාභයෙන් මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වැනි පරම ශාස්තෘන් වහන්සේ ලෙස සම්බුද්ධ රාජ්‍යයෙන් අබිසෙස් ලද සේක. භාග්‍යවතුන් වහන්සේ ගුණයෙන් තමන් හා සම කෙනෙකුන් නැති බැවින්, අසම ද, අසම වූ සර්වඥයන් වහන්සේලාට පමණක් සම වූ බැවින් අසමසම ද නම් වූ සේක. අනන්ත ගුණ ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සම්භාරය, සියල්ල දත් සර්වඥයන් වහන්සේ නමකට ම විනා ස්වයම්භූ ඥානයෙන් ආර්ය සත්‍යාවබෝධය කළ පසු බුදුවරයන් වහන්සේ නමකට හෝ කල්පයක් මුළුල්ලේ ඇද හැලෙන මහ වැස්සක වැසි බිඳු ගණන ගණන් කිරීමට තරම් මහා නුවණින් යුතු ව වැඩ සිටි සාරිපුත්ත අග්‍රශ්‍රාවක මහෝත්තමයන් වහන්සේ වැනි රහතන් වහන්සේ නමකට හෝ සම්පූර්ණයෙන් ම විෂය නොවෙයි.

 

ධර්ම දේශනාව:

සත් වගට සෙත් කළොත් දෙලොව දීම අසහාය සම්පත්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අප්පමාදේන මඝවා
දේවානං සෙට්ඨතංගතෝ
අප්පමාදං පසංසන්ති
පමාදෝ ගරහිතෝ සදා

සුපින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩවසන සමයෙහි ‘මහාලී’ නම් ‘ලිච්ඡවී’ රජ කුමරුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම ගාථා ධර්මය දේශනා කළ සේක. ලිච්ඡවී රජවරු මහත් ඉසුරෙන් වැජඹෙන අතර, සක්දෙව් රජ පිළිබඳව ඇති අසහාය සම්පත් ගැන අප බුදුරදුන් විසින් දේශනා කළ විස්තර අසා දැන ගන්නට ඉතා ආශාවෙන් සිටිති. මෙම මහාලී කුමරු ද සක්දෙවිඳු පිළිබඳ, උපත හා සැප සම්පත් පිළිබඳව බුදුරදුන්ගෙන් විමසා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ උපත හා එවන් අසහාය සම්පතක් ලබා ගැනීමේ අතීත මහා කුසල බලමහිමය ද විස්තර කර දුන් සේක. පෙර කලෙක මගධ රට ‘මචලගම’ මඝ නම් තරුණයෙක් යහපත් ගුණයෙන් හා නුවණින් සම්පූර්ණ ව තවත් තරුණයන් තෙතිසක් සමඟ ස්වේච්ඡාවෙන් ම ශ්‍රමදාන කටයුතු අරඹා ගම රට දියුණු කරන්නට පටන් ගත් හ.ක්‍රීඩා භූමි ශුද්ධ පවිත්‍ර කිරීම, ළිං, පොකුණු සෑදීම, මං මාවත් ශුද්ධ පවිත්‍ර කොට ගමනාගමන පහසුකම් සැලසීමා දී පරාර්ථකාමී ව සේවය කරති.

 

ගිහි ගෙදරට දහම් වැටක් :

බුද්ධිමත් පුද්ගලයා මනස පිරිසුදු කර ගනී

යම් පුද්ගලයෙකුගේ මනසෙහි අමනාපයක් ඇති වූ විට, එම තත්ත්වය තරහවක් දක්වා ද, ඇති වූ තරහව කේන්තිය දක්වාද, ඇති වූ කේන්තිය ක්‍රෝධය දක්වා ද, ඇති වූ ක්‍රෝධය වෛරය දක්වා ද හටගත් වෛරය බද්ධ වෛරය දක්වා ද වර්ධනය වීමට පෙර බුද්ධිමත් පුද්ගලයා එය තමාගේ ම මනසින් හැකි ඉක්මනින් ඉවත්කර දැමීමට උත්සාහ දරයි. මනසෙහි හටගත් එම ස්වභාවය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු දැන ගනී. කුසල කර්ම හා අකුසල කර්ම වශයෙන් කර්මය කොටස් දෙකකට වර්ග කළ හැකි ය. තමාගේ තුන් දොරින් සමාජගත කරන දෙය පෙරළා තමාටම ආපසු ලැබෙන බව බුදු දහමේ මූලික ඉගැන්වීමකි. තමා කළ දෙය පෙරළා තමාටම පෙරළා ලැබෙන බව දැකිය හැකි වන්නේ ඒ පිළිබඳ ව විමර්ශනශීලී ව හෝ පර්යේෂණාත්මක ව අධ්‍යයනය කරන පුද්ගලයෙකුට ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]