[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

මෙත් ගුණය

මෙත්තා යනු හිතවත් බවයි, සැබෑ මිත්‍රත්වය යි. නැතහොත් මෛත්‍රිය යි. මිතුරකු පිළිබඳ තමා තුළ ඇති හිතවත් බවට සමාන හිතවත් බවක් සියලු ජීවීන් කෙරෙහි ඇති කර ගැනීම මෛත්‍රී භාවනාවෙන් සිදු වෙයි. මිත්‍රත්වය උසස් මානුෂික ගුණාංගයකි. සැබෑ මිතුරා සිය මිතුරාට අවැඩක්, විපතක් වෙනවාට අකැමැති වේ. ඔහු මිතුරාගේ දියුණුව ම අපේක්ෂා කරයි. මිතුරා සම්බන්ධයෙන් ඇති කර ගන්නා වූ එම හිතවත්කම තමා අපි‍්‍රය කරන, අමනාප අය සම්බන්ධයෙන් ද ඇති කර ගැනීම මෛත්‍රිය යි.

****

ශ්‍රී දළදා මාලිගය

විමල දහම් රජ කළ පාය
සුවිසල් කඳුවලින් වට වූ පාය
රන් මිණි මුතුවලින් සමලංකෘත පාය
පෙනේ අසිරි උඩරට දළදා පාය

****

සහජීවනය

සහජීවනය යනු සාමයෙන්, සමගියෙන් එකට ජීවත් වීමයි. එය මනුෂ්‍ය සමාජයේ තිබිය යුතු උසස් ම ලක්ෂණයක් ලෙස බුදු දහම සලකයි. ‘සමවායො එව සාධු” (සමගිය ම යහපති) සමග්ගා හොථ මා විවදථ (සමගිවන්න, විවාද ඇති කර නො ගන්න) වැනි උපදේශයන්ගෙනුත්, අසමගියේ ආදීනව හා සමගියේ ආනිසංස දැක්වෙන බණකතා මගිනුත් ඉදිරිපත් කර තිබෙන්නේ සහජීවනයේ අවශ්‍යතාව හා වැදගත්කම යි. බෞද්ධ අදහසට අනුව සහජීවනය සඳහා පුද්ගලයා ඇතැම් ආකල්පවලින් බැහැර වියයුතු අතර, ඇතැම් ආකල්ප වර්ධනය විය යුතු ය. ජාතිය, කුලය වැනි කරුණු පදනම් කරගෙන මනුෂ්‍ය වර්ගයා අතර එක කොටසක් උසස් ලෙසත්, තව කොටසක් පහත් ලෙසත් සැලකීම සහජීවනයට බාධාවකි.

****

සිරි දම්පල් මෙහෙවර

1864 සැප්තැම්බර් 27 දින දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් වීර පුතෙක් උපත ලැබී ය. ඉංගී‍්‍රසි හා කිතු දහම දක්ෂ ලෙස උගත් අතර, හික්කඩුවේ සුමංගල නාහිමියන්ගෙන් සිංහල, පාලි, බුදුදහම, ප්‍රගුණ කළ මෙතුමා තම නම ද ධර්මපාල යනුවෙන් භාවිතයට ගෙන අනගාරික ධර්මපාල නමින් සිංහල ජාතිය හා බුදු දහම සුරක්ෂිත කිරීමේ මෙහෙය ඇරඹී ය.

බුදු දහම හැදෑරීමට පැමිණසිටි ඕල්කොට්තුමා සමග පරම විඥානාර්ථ බෞද්ධ සංගමය අරඹා ධර්ම ප්‍රචාරය ඇරඹී ය. “සිංහලයෙනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්” යන අභීත නාද පතුරමින් හින්දු මහන්තාගෙන් බුද්ධගයාව බේරාගෙන බොදුනුවන් සතු කරගත්තේය. ‘සිංහල බෞද්ධයා පුවත් පත ආරම්භ කර බෞද්ධ ගුණ ධර්ම පිරි සදාචාර සමාජයක් ගොඩනැඟී ය. මෙතුමා ඉදිකරන ලද දඹදිව මූලගන්ධ කුටි විහාරයේ දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිව සිට 1933 අප්‍රේල් මස 29 දින අපවත් වූ හ. සිංහල ජාතිය අවදි කළ එතුමා ජාතික වීරයෙක්, වශයෙන් සලකා අපි උපහාර දක්වමු.

****

සිදුහත් කුමාරයා

සිදුහත් කුමරු කියන්නේ ඉතා හොඳ ගතිගුණ තිබු කුමාරයෙක්. මුළු ලොවට ම යහපතක් සිදු කරනවාය යන අර්ථයෙන් එතුමාට “සිද්ධාර්ථ” යැයි නම තැබුවා. එතුමාගෙන් අපට බොහෝ ආදර්ශ ගත හැකි ය. ඒ ගුරුවරුන්ට කීකරුව, ඉතා දක්ෂ ලෙස ඉගෙන ගැනීම, සතුන්ට ආදරය කිරීම ආදිය යි. එතුමා ජීවන නිපුණතා රාශියක් ප්‍රගුණ කළේ ය. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා මිස නැවත නො නැගිටිමි යන අධිෂ්ඨානය තබා ගත්තේ තමන් වහන්සේ තුළ වූ මහත් ආත්ම විශ්වාසය නිසා ය.

****

පිය ගුණ

උදේ පිටව ඔබ
අඳුෙර්ය ආවේ
නිදා සිටි අප සිඹ
සැනසුනා දරු සෙනෙහසක් ලැබ

දරුවන්ගේ ලොව එළිය කළ
අප්පච්චියි පහන් සිල
ඔබය හිරු මල
මගේ ලෝකයෙ අඳුර දුරු කළ

****

දුක

දුක්ඛ යනු අපහසුව, කරදරය, විපත, කනගාටුව, අකැමැත්ත යන සාමාන්‍ය අරුතින් ද, තෘප්තිමත් නොවීම, අසම්පූර්ණ බව, අසහනය, අසාර බව යන ගැඹුරු අරුතින් ද හැඳින් වේ. බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයෙන් සත්ත්වයා අත්දකින දුක අටවැදෑරුම් ලෙස දක්වා ඇත. ඉපදීම, දිරීම, ලෙඩවීම, මරණය අපි‍්‍රයයන් හා එක්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, කැමති දෙය නො ලැබීම මෙන් ම, මුළු පංච උපාදානස්ඛන්ධයෝ ම දුක්ඛයෝ වෙති.

****

ගුරු බැතිය

විටෙකදි දඬුවම විටෙකදී මෙත් ගුණය
අප වෙත ලබා දුන්නේ සිප් නැණ ධනය
හැම විට බලා සිසු සිසුවන්ගේ විනය
ඔබ ගුණ අගය දැනෙනුයේ මට මතු දිනය

සඟ වෙද ගුරු ද ගොවි කම්කරු බලමුළුවේ
බිහි කළ සොඳුරු තරු සිය ගණනක ් හමුවේ
බැති පුද මලින් පූජාසන මත තැබුවේ
මේ කවි මලින් ගුරු මව්පියවරු පිදුවේ

****

පර පණ නො නසමු

පර පණ නැසීමෙන් වෙන්වීමේ සිල්පදය රැකීමෙන් කෙනෙකු සිල් පදයක් රකිනවා පමණක් නොව, අවට සමාජයේ සිටින සියලු සත්ත්වයන්ගේ ජීවිත සුරැකීම ද සිදු වේ. සියලු සත්ත්වයන්ට මරණ බියෙන් තොරව ජීවත්වීමේ හැකියාව ද එයින් ලැබේ. අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අත්තූපනායික ධර්ම පරියාය දේශනා කළ සේක. තමා උපමාවට ගෙන අන් අයට හිංසා පීඩා නොකර, අන් සතුන් නො මරා සිටීමේ පිළිවෙත අත්තූපනායික ධර්ම පරියාය වේ.

තමන් සතුන් නොමැරීම සේ ම, සතුන් මැරීමට අනුන්ට අනුබල නොදීම ද කළ යුතු ය. අනුන් ලවා සතුන් නො මැරවීම ද කළ යුතු ය

****

චෛත්‍ය වන්දනාව

****

පංචායුධ කුමාරයා

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]