[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ගිහි ගෙදරට දහම් වැටක් :

බුද්ධිමත් පුද්ගලයා මනස පිරිසුදු කර ගනී

යම් පුද්ගලයෙකුගේ මනසෙහි අමනාපයක් ඇති වූ විට, එම තත්ත්වය තරහවක් දක්වා ද, ඇති වූ තරහව කේන්තිය දක්වාද, ඇති වූ කේන්තිය ක්‍රෝධය දක්වා ද, ඇති වූ ක්‍රෝධය වෛරය දක්වා ද හටගත් වෛරය බද්ධ වෛරය දක්වා ද වර්ධනය වීමට පෙර බුද්ධිමත් පුද්ගලයා එය තමාගේ ම මනසින් හැකි ඉක්මනින් ඉවත්කර දැමීමට උත්සාහ දරයි. මනසෙහි හටගත් එම ස්වභාවය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බව ඔහු දැන ගනී. කුසල කර්ම හා අකුසල කර්ම වශයෙන් කර්මය කොටස් දෙකකට වර්ග කළ හැකි ය. තමාගේ තුන් දොරින් සමාජගත කරන දෙය පෙරළා තමාටම ආපසු ලැබෙන බව බුදු දහමේ මූලික ඉගැන්වීමකි. තමා කළ දෙය පෙරළා තමාටම පෙරළා ලැබෙන බව දැකිය හැකි වන්නේ ඒ පිළිබඳ ව විමර්ශනශීලී ව හෝ පර්යේෂණාත්මක ව අධ්‍යයනය කරන පුද්ගලයෙකුට ය. මේ ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයකුම කොටස් හතරකට වර්ග කළ හැකි අතර ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ඉන් එක් වර්ගයට අයත් වේ. එනම්, වහා කිපෙන, ඉක්මනින් ම එම කේන්තිය පහ වී යන පුද්ගලයන්. වහා නොකිපුන ද, පසුව එම කේන්තිය පැසව පැසවා මනසේ තිබෙන පුද්ගලයන්. වහා කිපෙන, පසුවත් කේන්තිය හිතේ තබාගෙන සිටින පුද්ගලයන්. ඉක්මනින් නොකිපෙන, පසුවත් කේන්ති නොගන්නා පුද්ගලයන් වශයෙනි.


උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය දෙසැම්බර් මස 25 වන දා බදාදා පූර්වභාග 11.17 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 25 වනදා බදාදා ය.

මීළග පෝය ජනවාරි 03 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 25

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසෙලාස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]