UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර 15 දා


කොල්ලුපිටිය වාළුකාරාමයේ වාර්ෂික ඇසළ මහා පෙරහර මෙම 15 වනදා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ය . ඒ නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. 9 වනදා ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය ගණදෙවි කෝවිල දක්වා ගමන් කිරීමද, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද, 10 වනදා කොළඹ මහානාම විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද, 11 වනදා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිට මල් පෙරහර විහාරස්ථානයට පැමිණීමද ,12 වනදා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මල්පෙරහර විහාරස්ථානයට පැමිණීමද , 13 වනදා කොල්ලුපිටිය පොලිස්ස්ථානයේ සිට මල් පෙරහර පැමිණීමද, 14 වනදා බෝධි පූජාව දහම් දෙසුම හා පාවාඩ පෙරහරද, 15 වනදා අවසන් මහා පෙරහර වීථී සංචාරය කිරීමද සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මසුරු මළ දුරලමු

න වෙ කදරියා දෙව ලොකං වජන්ති
බාලා හවේ නප්පසං සන්ති දානං
ධීරෝ ච දානං අනුමොදමානො
තේනේව සො හොති සුඛී පරත්ථ

දැඩි මසුරු පුද්ගලයෝ දිව්‍ය ලෝකයට නොයන්නෝම ය. ඔවුහු කදරිය නමින් හැඳින්වෙති. බාලයෝ ඒකාන්තයෙන්ම දන්දීම ප්‍රශංසා නොකරන්නෝම ය. නුවණැත්තෝ දන්දෙති. අනුමෝදන් වීම ද සිදු කරති. ඒ නිසා ම පරලොව සැප සම්පත් වින්දනය කරති. මේ, දන්දීමේ වැදගත්කම පෙන්වා දෙන දේශනයකි. එමෙන් ම මසුරු පුද්ගලයන් කිසිවක් රැස් කර නොගන්නා බව ද පෙන්වා දෙමින් කළ දේශනයකි. මේ ලොවෙහි බොහෝ මසුරු මළ සහිත පිරිස් වෙති. අඳබාලයෝ ද බොහෝ වෙති. සුබ ක්‍රියාවක් කරන කල්හි එය නවතාලීමට ඔවුහු හැමවිට විවිධ ක්‍රියාමාර්ග ගනිති. කරන වැඩයෙහි දොස් දකිති. යමක් කරන්නේ ද එය අතරමඟ නවතාලීමට අවශ්‍ය පිඹුරුපත් සකසති. එම ක්‍රියාව කරන්නන්ගේ සිත් බිඳීමට ක්‍රියා කරති. මෙවැන්නෝ සමාජයට පිළිලයකි. ඒ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉතිරිය»

කඨිනත්ථාරය අනුමෝදන්වීම

“කඨිනයක් දීම බොහෝ ම හොඳ යි. හුඟක් පින්සිදු වෙනවා.” කියා දායකයන්ට විස්තර වර්ණනා දැක්වීම පමණක් නොව යටත් පිරිසෙයින් තමන්ගේ අම්මාට තාත්තාටවත් ඒ පිළිබඳ විස්තර කර කඨිනයක් ලබා ගැනීමට ක්‍රියා කිරීමත් භික්ෂූන්ට අකැප බව මෙයින් වැඩිදුරටත් කියවෙනවා. එය කොපමණ අහඹු ලෙස, පුදුම ලෙස, සිදු වන අති උත්කෘෂ්ඨ පින්කමක් වෙනවා ද කියතොත් “ආකාසතො ඛතිණ්ණසදිසමෙව වට්ටතීති” යනුවෙන් කියවෙන විදියට “කඨින වස්ත්‍රයක් දායකයන් විසින් හිමිදිරි පාන්දර හිරු නගින අවස්ථාවෙහි භික්ෂූන් වස් විසූ ස්ථානයට පැමිණ එම වස්ත්‍රය බාර දෙන අවස්ථාව හරියට භික්ෂුවට දැනෙන්නේ අහසින් පාත් වූ වැනි අද්භූත සිදුවීමක් විදියට යි." දැන් අපට ගැටලුවක් මතු වෙනවා මොකක්ද මේ “කඨිනත්ථාරය අනුමෝදන් වෙනවා” යන්නෙහි තේරුම? කඨින සිවුර අතුරනු ලැබීමට යම් ස්ථානයක විහාරස්ථානයක, සෙනසුනක පෙරවස් වසා වස් ඡේදනය නො වී වස් පවාරණය කළ එක් භික්ෂුවක්, දෙනමක්, තෙනමක්, සිව්නමක් වේ ද ගණපූරණයට වෙනත් උපසම්පන්න භික්ෂුවක් හෝ පස්නමක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගණපූරක භික්ෂූන් කොට සලකා කඨිනයක් ලැබිය හැකි ය. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂූන්ට ඇති වෙන ආනිසංස පහ වෙනත් ස්ථානයක වස් විසූ ගණපූරක භික්ෂූන්ට නො ලැබේ.

ඉතිරිය»

දඹදිව බුද්ධ වන්දනා සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවා පුළුල් වේ

ජාතික ගුවන් සේවයේ 37 වසරක දැහැමි සේවාවන් වඩාත් පුළුල් කරමින් දඹදිව වන්දනා සඳහා කොළඹින් පිටත්වන සියලු බැතිමතුන්ට නව සේවා රැසක් හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ගුවන් සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් නව ගුවන් ප්‍රවේශ මාර්ග මෙන් ම සුවපහසු ගුවන් අභ්‍යන්තර සේවා දඹදිව වන්දනාකරුවන්ට ඉමහත් සහනයක් සහ අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. ශ්‍රීලංකන්, ඉන්දියානු ගමනාන්ත 14ක් වන චෙන්නායි, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්, බැංගලෝරය, කල්කටා මෙන් ම මෑතක දී හඳුන්වාදුන් නව ගමනාන්ත වන කොයින් බටූර්, විසාකාපට්නම් සහ හයිද්‍රාබාද් වෙත සතියකට ගුවන් ගමන් 126ක් සිදු කරනු ලබයි.

ඉතිරිය»

 
 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]