UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව බුද්ධ වන්දනා සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවා පුළුල් වේ

දඹදිව බුද්ධ වන්දනා සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවා පුළුල් වේ

ජාතික ගුවන් සේවයේ 37 වසරක දැහැමි සේවාවන් වඩාත් පුළුල් කරමින් දඹදිව වන්දනා සඳහා කොළඹින් පිටත්වන සියලු බැතිමතුන්ට නව සේවා රැසක් හඳුන්වා දීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ගුවන් සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් නව ගුවන් ප්‍රවේශ මාර්ග මෙන් ම සුවපහසු ගුවන් අභ්‍යන්තර සේවා දඹදිව වන්දනාකරුවන්ට ඉමහත් සහනයක් සහ අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. ශ්‍රීලංකන්, ඉන්දියානු ගමනාන්ත 14ක් වන චෙන්නායි, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, නවදිල්ලිය, බුද්ධගයාව, මදුරෙයි, වරණාසි, කොචින්, බැංගලෝරය, කල්කටා මෙන් ම මෑතක දී හඳුන්වාදුන් නව ගමනාන්ත වන කොයින් බටූර්, විසාකාපට්නම් සහ හයිද්‍රාබාද් වෙත සතියකට ගුවන් ගමන් 126ක් සිදු කරනු ලබයි.

සෑම වසරකම දඹදිව වන්දනා සඳහා බැතිමතුන් විශාල පිරිසක් කොළඹ සිට ඉන්දියාව වෙත සංචාරය කරනු ලැබූව ද මෙම වසරේ දී එය වඩාත් විශේෂ වන්නේ වැඩිම දඹදිව ප්‍රවේශ මාර්ග ආවරණය කරනු ලබන ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් සේවා වැඩිදියුණු කිරීමයි. පසුගිය වසරේ දී මිහින් ලංකා ගුවන් සේවයේ සියලු ගුවන් ගමන් ශ්‍රීලංකන් වෙත පවරාගැනීමෙන් අනතුරුව සියලුම බැතිමතුන් ට ජාත්‍යන්තර සම්මානලාභී ගුවන් සේවයක් වන ශ්‍රීලංකන් හි ගුවන් සේවා සත්කාරය අත්විඳීමට අවස්ථා උදා වී ඇත. මෙය හුදෙක් ගුවන් ප්‍රවාහනය සඳහා පමණක් සීමා නොවූ සේවාවක් වන අතර සෑම බැතිමතෙකු ම ආරක්ෂිත ව ගෙන යාම ඇතුළු ගංවතුර වැනි හදිසි ආපදා තත්ත්වයක දී වූවත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම දක්වා විහිදෙයි.

දේශීයත්වයට වඩාත් සමීප සුහද ආගන්තුක සත්කාරය සමගින් පාරිභෝගික අවශ්‍යතා අනුව සේවා සැපයීමට මිත්‍රශිලි ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයක් සෑම ගුවන් යානයක ම සේවයේ නිරතව සිටියි. නිර්මාංශ ආහාර වේලක් වූවත් පෙර ඇනවුම් කර ලබාගැනීමට ද රෝද පුටු සේවාව, විශේෂ රැකබලා ගැනීම් සේවා ඇතුළු මව් බසින් තොරතුරු දැනගැනීමේ විශේෂ සේවා සැපයීමට ද ගුවන් සමාගම කටයුතු කරනු ලබයි. දඹදිව වන්දනා ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකි ප්‍රවේශ ගමනාන්ත ලෙස චෙන්නායි, බැංගලෝරය, කල්කටා, නවදිල්ලිය, මුම්බායි, වරණාසී, බුද්ධගයා, විසාකාපට්නම් සහ හයිද්‍රාබාද් හැඳින්විය හැකි බව ද කියයි.

වැඩිවිස්තර දුරකථන මධ්‍යස්ථානය වන 197331979 හා සම්බන්ධ වන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය කියයි.

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]