UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කඨිනත්ථාරය අනුමෝදන්වීම

“කඨිනයක් දීම බොහෝ ම හොඳ යි. හුඟක් පින්සිදු වෙනවා.” කියා දායකයන්ට විස්තර වර්ණනා දැක්වීම පමණක් නොව යටත් පිරිසෙයින් තමන්ගේ අම්මාට තාත්තාටවත් ඒ පිළිබඳ විස්තර කර කඨිනයක් ලබා ගැනීමට ක්‍රියා කිරීමත් භික්ෂූන්ට අකැප බව මෙයින් වැඩිදුරටත් කියවෙනවා. එය කොපමණ අහඹු ලෙස, පුදුම ලෙස, සිදු වන අති උත්කෘෂ්ඨ පින්කමක් වෙනවා ද කියතොත් “ආකාසතො ඛතිණ්ණසදිසමෙව වට්ටතීති” යනුවෙන් කියවෙන විදියට “කඨින වස්ත්‍රයක් දායකයන් විසින් හිමිදිරි පාන්දර හිරු නගින අවස්ථාවෙහි භික්ෂූන් වස් විසූ ස්ථානයට පැමිණ එම වස්ත්‍රය බාර දෙන අවස්ථාව හරියට භික්ෂුවට දැනෙන්නේ අහසින් පාත් වූ වැනි අද්භූත සිදුවීමක් විදියට යි." දැන් අපට ගැටලුවක් මතු වෙනවා මොකක්ද මේ “කඨිනත්ථාරය අනුමෝදන් වෙනවා” යන්නෙහි තේරුම? කඨින සිවුර අතුරනු ලැබීමට යම් ස්ථානයක විහාරස්ථානයක, සෙනසුනක පෙරවස් වසා වස් ඡේදනය නො වී වස් පවාරණය කළ එක් භික්ෂුවක්, දෙනමක්, තෙනමක්, සිව්නමක් වේ ද ගණපූරණයට වෙනත් උපසම්පන්න භික්ෂුවක් හෝ පස්නමක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගණපූරක භික්ෂූන් කොට සලකා කඨිනයක් ලැබිය හැකි ය. එහෙත් කඨිනය ඇතිරූ භික්ෂූන්ට ඇති වෙන ආනිසංස පහ වෙනත් ස්ථානයක වස් විසූ ගණපූරක භික්ෂූන්ට නො ලැබේ.

ඉතිරිය»

 

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.56 ට ලබයි.
13 වන දා සිකුරාදා පූර්ව භාග 04.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වන දා බ්‍රහස්පතින්දා ය.


මී ළඟ පෝය ඔක්තෝබර් 19 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 12

Full Moonඅමාවක

ඔක්තෝබර් 19

First Quarterපුර අටවක

ඔක්තෝබර් 27

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]