| කඨින පින්කම්
			 
ගින්නේරිය 
වදාකඩ ගින්නේරිය පත්තින් විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඔක්තෝබර් 11, 12 දෙදිනතුළ 
පැවැත්වේ. 11 වෙනිදා රාත්‍රී බෝධි පූජාව සමඟ බුද්ධවන්දනාව, 12 වෙනි දින හබරම දෙවෙලේ 
මෑණියන්ගේ ප්‍රධානත්වයෙන් සඟසතු මහා දාන පූජාව සමග කඨිණ චීවර පූජාව සිදු කෙරේ. 
විහාරාධිපති, ශාස්ත්‍රපති සේනපුර සද්ධාමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පින්කම් 
මාලාව සිදුවේ.  
සීදුව සුගතාරාමය 
			 
සීදූව සුගතාරාමයේ වාර්ෂික කඨින මහා පින්කම මෙම මස 14, 15 යන දිනයන්හි පැවැත්වේ. 14 
වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 15 වන දා අලුයම 1 ට කඨින චීවර 
පෙරහර සීදූව වලපාර නිමල් ලක්ෂ්මන් මහතාගේ සහ කාන්ති ගුණසේකර මහත්මියගේ ප්‍රධාන 
දායකත්වයෙන් ආරම්භ කෙරේ. උදෑසන 6 ට කඨින චීවර පූජාව සහ අර්ධ ශතාධික සංඝගත දක්ෂිණාව 
පැවැත්වේ. 15 වන දා කඨිනානිශංස ධර්ම දේශනාව බුස්දුල්ලේ සිරිධම්ම හිමියන් විසිනි. 
මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කෙරේ.  
			 
			 
බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි කඨින පූජාව මෙම මස 
14, 15 දෙදිනෙහි පැවැත්වේ. 14 වෙනි සෙනසුරාදා රාත්‍රී 9.00 සිට පසුදා පහන්වන තුරු 
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පැවැත්වෙන අතර, 15 වෙනි ඉරිදා උදෑසන 6.00 ට 
කඨින චීවර පූජාව සිදු කෙරේ. දවල් සඟසතු දානය සියක් නමක් විෂයෙහි පැවැත්වෙන අතර 
කඨිනානිසංස ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් සිදු කරනු ලැබේ. 
			 
පිළියන්දල 
පිළියන්දල බංගලාවත්ත ශ්‍රී සද්ධානන්ද බෞද්ධ විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 14, 15 
දෙදින තුළ විහාරාධිපති සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ බස්නාහිර පළාතේ උප ප්‍රධාන 
සංඝනායක හොරණ විද්‍යාරත්න විශ්වවිද්‍යාපීඨයේ ආචාර්ය ඇටම්පිටියේ සද්ධානන්ද නා 
හිමියන්ගේ අනුශාසනා පරිදි පොල්ගස්කොට්ටනුව නො. 356/ ඒ නිවසේ පදිංචි කේ.ඩී. නිමල් 
මහතා, කේ.කේ. ධම්මිකා මහත්මියගේ ප්‍රධාන දායකත්වය ඇතිව සිදු කෙරේ. 15 දින දවල් 
හතළිස් නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානය හා කඨින චීවර පූජාව පැවැත්වේ.
			 
			 
කොළඹ 08 බොරැල්ලේ එෆ්.ආර්. සේනානායකාරාමය 
			 
කොළඹ 08 බොරැල්ලේ එෆ්.ආර්. සේනානායකාරාමයේ මහා කඨින පින්කම විහාරාධිපති කොළඹ 
මහදිසාවේ ප්‍රධාන සංඝනායක පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙනේ ආචාර්ය තෙල්වත්තේ 
නන්දතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින තුළ පැවැත්වේ. 14 
වන දින සර්වරාත්‍රික දින පිරිත් දේශනාව ද 15 වන දින කඨින චීවරය රැගත් පෙරහර බොරැල්ල 
කිතුල්වත්තේ ප්‍රේමරත්න රාජපක්ෂ මහතාගේ නිවසින් පිටත්ව වීදි සංචාරය කර අලුයම 
විහාරස්ථානයට ළඟා වේ. එදින මහා සංඝරත්නයට හීල් දානය පිරිනැමෙන අතර එදිනම රාත්‍රී 
07.00 ට කඨින ආනිසංස ධර්මදේශනාව පැවැත්වේ.  
			 
			 
දඩල්ල වාළුකාරාමය 
ගිංතොට දඩල්ල වාළුකාරාමයේ වාර්ෂික කඨින මහා පින්කම ඔක්තෝබර් 13, 14 යන දිනවලදී 
පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත. |