UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමවතී දීපාලෝකන පින්කම් මාලාව දෙදිනක්

සෝමවතී සෑ රදුන් අබියස පැවැත්වෙන සෝමවති දීපාලෝකන පින්කම් මාලාව සැප්තැම්බර් 04 හා 05 යන දෙදින පුරා සෑ රදුන් අබියස දී පැවැත්වීමට නියමිත ය. එම පින්කම් මාලාවේදී ධර්ම දේශනා, සෑ රදුන් දීපාලෝකයෙන් ඒකාලෝක කිරීම, කප්රුක් පූජාව, බෝධි පූජා ආදි පින්කම් මාලාවක් සිදු කිරීමට නියමිත ය. මීට අමතරව සිල් සමාදන් වූ පින්වතුන් උදෙසා සිල් රෙදි බෙදාදීම හා පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීමද සිදු කිරීමට නියමිතය. එම පින්කම් මාලාව සංවිධානය කරනුයේ විදෙස් රටක වෙසෙන කැලුම් සුජිත් මහතාගේ ප්‍රධානත්වයෙනි. 04 වැනිදා ස්තූපය වටා මල් ඇතිරීම, කප්රුක් පූජාව, සෝමවතී ස්තූප දීපාලෝකනය කිරීම, ගිලන්පස බුද්ධ පූජාව , දන්සල ආරම්භ කිරීම, ධර්ම දේශනාව හා රාත්‍රී පිරිත් සජ්ඣායනාව පැවැත්වේ. පසු දින උදේ කිරිපිඩු බුද්ධ පූජාව, දවල් දානය, සිල් රෙදි බෙදා දීම හා පාසල් දරුවන්ට පොත්පත් බෙදාදීම ආදි පින්කම් මාලාවක් පැවැත්වේ. 

ඉතිරිය»

සේරුවාවිල දී පින්කමක්

සේරුවාවිල ඓතිහාසික මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මල්වර්ග ලක්ෂයක් පූජාකිරීම සහ විදුලි බුබුලු පහළොස් දහසකින් චෛත්‍ය ඒකාලෝක කිරීමේ ලලාට ධාතු පූජෝත්සවය සැප්තැම්බර් (02) දා සවස සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. විහාරාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැලණියේ අජිත හිමියෝ එම ආශිර්වාද පින්කම් මෙහෙයවති. කප්රුක් පූජා, අෂ්ඨ පරිස්කාර පුජා, අෂ්ඨපාන පූජා, සුවඳ මංජුසා පූජා සහ කිරි ආහාර ඇතුළු පූජා රැසක් මෙදින දවස පුරා පැවැත්වීමට තිරිවානේගම කළගෙඩිහේන ශ්‍රී සර්වඥධාතු වන්දනා පදනම මෙම පින්කම සංවිධානය කර ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මරුවා හඳුනා ගන්න

සෑම ජීවියෙකුම මාරපාසයට ගොදුරු වී ඇත. මිනිසාට ද ඉන් ගැලවීමක් නැත. මාරවසඟයට ගොදුරක් වී ද,ඒ බව තේරුම් ගන්නා ස්වභාවයක් පෙනෙන්නට නැත. මාරයින් පස් දෙනෙක් ගැන ධර්මයේ සඳහන් ය. ක්ලේශ මාර,අභිසංස්කාර මාර, මච්චුමාර, ස්කන්ධමාර, දේවපුත්‍ර මාර යනුවෙනි. මෙහි දී අවධානය යොමු කරවනු ලබන්නේ ක්ලේශ මාර සංකල්පය ගැනය. මිනිසා මෙහෙයවනු ලබන්නේ මිනිස් සිත මගිනි. සිතේ හට ගන්නා වූ විවිධ කෙලෙස් මේ සසර මෙහෙයවයි. සිතේ හටගන්නා විවිධ කෙලෙස් තුළින් අතපය,කට, සිත,මෙහෙය වේ. විවිධ ක්‍රියාකාරකම් තුළින් සිතේ කර්ම බලවේගයන් ගොඩනැඟේ. එම කර්ම බලවේග නිසා මිනිසා සසර දුක් විඳිමින් එහි සැරිසරයි. ඒ අනුව ඇස්,කන්, නාසා දී පංච ඉන්ද්‍රිය තුළින් මිනිසා මාරයා සතුටු කරවයි. මාරයාගේ අපේක්ෂාව කෙලෙසුන් රැස් කරවීම ය. එනම් ක්‍රෝධය, වෛරය, ආශාව, රාගය වැනි පාප කර්ම මිනිස් සන්තානයෙහි උපදින්නේ මාර බන්දනය නිසයි.

ඉතිරිය»

ශ්‍රී දළදා පුරාණය - 8: 

සිරි දළදා පුද පූජා

එකල රටේ ප්‍රධානියා දිනපතා ම පැමිණ පෙරහර ආරම්භ කර ඇති අතර පසුකාලීනව එම බලතල හා වගකීම් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාටත්, දියවඩන නිලමේ තුමන්ටත් පිරිනැමීමෙන් පසු සියලු පෙරහර සංවිධාන කටයුතු පූර්ණ වශයෙන් සිදුනොවුණත් රජයේ මැදිහත් වීම මත සිදුකරගෙන එනු ලබයි. එවකට ආණ්ඩුකාරවරයා පෙරහරට සම්බන්ධවීමේ සිරිත අනුගමනය කරමින් වර්තමානයෙහි අවසන් රන්දෝලි පෙරහරට රටේ ප්‍රධානියා ලෙස වර්තමාන ජනාධිපතිවරයා සහභාගි වෙයි. අවසන් දිනයේදී පෙරහර නැරඹීමෙන් අනතුරුව පසුවදා පැවැත්වෙන දහවල් පෙරහර අවසන් කර එදිනම සවස රජගෙදරට පැමිණෙන , දියවඩන නිළමේතුමා සහ සතර දේවාල බස්නායක නිළමේවරුන් පෙරහර අවසන් වූ බවට සංද්ශයක් මාර්ගයෙන් රටේ ප්‍රධානියාට දැන්වීමෙන් අනතුරුව එම සංදේශය ජනාධිපතිතුමා බාරගැනීමත් සමඟ පෙරහර නිමාවට පත්වීම ප්‍රකාශයට පත්කරයි. මේ කාල වකවානුවෙහි පැවැත්වෙන පෙරහර ආකෘතිය දෙස බලන විට එවකට පැවතුන ඉංග්‍රීසි ආණ්ඩුකාර වකවානුවෙහි පැවතුන පෙරහරේ තිබුණ ශාසනික මෙන් ම ජාතික ලක්ෂණ වඩාත් ඔප්නංවමින් සංස්කෘතික අංග ඇතුළත් වන ආකාරයෙන් පෙරහර සිදුකෙරෙයි.

ඉතිරිය»

පස්වන සතියෙහි අජපල් නුගරුක මුල වැඩසිටීම. සිතුවම - පුන්සර උදාර

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]