UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රත්මලානේ සුජාත නා හිමි

රත්මලානේ සුජාත නා හිමි

හෝමාගම, ගලවිලවත්ත, විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා ශ්වේජින් මහා නිකායේ සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක රත්මලානේ සුජාත නාහිමියන් අපවත්වී සැප්තැම්බර් 04 වැනි දිනට වසරක් සම්පූර්ණ වේ.

1965 ජුනි මස 11 වැනි දින මොරටුවේ දී උපත ලද මෙම කුමරුවා සුනිල් පියරත්න නම් විය. ඔහුගේ දයාබර දෙමාපියන් වූයේ මොරටුවගේ නිව්ටන් මහතා සහ ශීලා සමරකෝන් මහත්මියයි.

මෙම දරුවා වයස අවුරුදු දාහතරේ දී ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව සිටි සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක පත්බේරියේ ශ්‍රී කාශ්‍යප නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් රත්මලානේ සුජාත නමින් සසුන්ගත විය. පසුව නුගේගොඩ සුභද්‍රාරාම මහ පිරිවෙනට ඇතුලත් ව අධ්‍යාපන කටයුතුවල නිරත වී 1985 උපසම්පදාව ලැබූහ.

උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුලත්ව ශාස්ත්‍රවේදී උපාධියත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වෙතින් ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තේය. උසස් අධ්‍යාපනයෙන් පසු ගුරු වෘත්තියට පිවිසි උන්වහන්සේ නියඳගල කණිෂ්ඨ විද්‍යාලයේ හා මීගොඩ මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර පසුව පන්නිපිටිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස පත්ව 2013 එම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති තනතුරට පත්වී අපවත් වන තුරු එම තනතුර ඉසුලූහ. පත්බේරියේ කාශ්‍යප නාහිමියෝ අපවත්වීමෙන් පසු එහි විහාරාධිපති පදවියට පත්වූහ.

විහාරස්ථානයේ ආගමික කටයුතු දායකකාරකාදීන්ගේ සමාජමය කාර්යයන්ද ඉතා දක්ෂ ලෙස ඉටු කරමින් භාවනා මධ්‍යස්ථානය ප්‍රදේශයේ විහාරස්ථාන අතර ප්‍රමුඛ විහාරයක් බවට පත් කළ සේක. මහකටුවාන සණස මිතියේ ප්‍රධාන ලේකම් වශයෙන්ද, හෝමාගම සමථ මූල මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද, ශ්‍රී ගෞතම දහම් පාසලේ දීර්ඝ කාලයක් ප්‍රධානාචාර්යවරයා ලෙසද, හේවාගම් කෝරළයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ලෙසද සමිති සමාගම් රාශියක නිලතල දරමින් අති විශාල සේවාවක් ගලවිලවත්ත ප්‍රදේශයට පමණක් නොව නොයෙක් ගම් ප්‍රදේශවලට කරන ලද සේවය අතිමහත් ය.

උන්වහන්සේට පින් පිණිස 2017 සැප්තැම්බර් මස 02 දින රාත්‍රී 7 ට ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී ධර්ම දේශනාවක් ද පසුදා දහවල් 50 නමක් විෂයෙහි සාංඝික දානමය පින්කමක්ද පැවැත්වීමට දායක කාරකාදීන් කටයුතු යොදා ඇත.

මීට වසරකට පෙර අසාධ්‍ය රෝගයක් නිසා අපවත්වූ රත්මලානේ සුජාත නා හිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා.

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]