UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 45 ක මුදලක් ලබා දී ඇත. මල්වතු අස්ගිරි මහානායක මාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිබෙන අතර අදාළ චෙක්පත ඉකුත් දා (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාර දෙනු ලැබීය. හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවට රන් වියන පුජාකළ අතර දළදා සමිඳුන් වැඩ සිටින කුටියට ඉහළින් එය ස්ථාපිත කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනටද හානි සිදුවූ අතර 2001 වසරේදී එය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සඳහා මෙම මුදල වැය කිරීමට නියමිත ය.

 

 

සෝමවතී දීපාලෝකන පින්කම් මාලාව දෙදිනක්

සෝමවතී සෑ රදුන් අබියස පැවැත්වෙන සෝමවති දීපාලෝකන පින්කම් මාලාව සැප්තැම්බර් 04 හා 05 යන දෙදින පුරා සෑ රදුන් අබියස දී පැවැත්වීමට නියමිත ය. එම පින්කම් මාලාවේදී ධර්ම දේශනා, සෑ රදුන් දීපාලෝකයෙන් ඒකාලෝක කිරීම, කප්රුක් පූජාව, බෝධි පූජා ආදි පින්කම් මාලාවක් සිදු කිරීමට නියමිත ය. මීට අමතරව සිල් සමාදන් වූ පින්වතුන් උදෙසා සිල් රෙදි බෙදාදීම හා පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීමද සිදු කිරීමට නියමිතය. එම පින්කම් මාලාව සංවිධානය කරනුයේ විදෙස් රටක වෙසෙන කැලුම් සුජිත් මහතාගේ ප්‍රධානත්වයෙනි. 04 වැනිදා ස්තූපය වටා මල් ඇතිරීම, කප්රුක් පූජාව, සෝමවතී ස්තූප දීපාලෝකනය කිරීම, ගිලන්පස බුද්ධ පූජාව , දන්සල ආරම්භ කිරීම, ධර්ම දේශනාව හා රාත්‍රී පිරිත් සජ්ඣායනාව පැවැත්වේ.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]