UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන – 2016

දහම් දැනුමින් පරිපූර්ණ වූ ගුණගරුක යහපත් දරුවෙකු සමාජ ගත කිරීම අරමුණු කර ගනිමින් බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම් වැඩසටහන් මාලාවේ ප්‍රාදේශීය අදියර සැප්තැම්බර් මස 25 වන දින මධ්‍යස්ථාන 319කදී දහම් පාසල් 9942 ක දරු දැරියන් 397,680 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම වැඩසටහන ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, කථික, ගද්‍ය රචනා, පාලි ගාථා ගායනා, පාලි ගාථා සහ පද්‍ය ගායනා, බෞද්ධ චිත්‍ර, මව්පිය ගුණ ගීත ආදී වශයෙන් නිපුණතා ඉසව් 40 ක් ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

සීදුවේ සුමනවංස නාහිමියන් 33 වෙනි වරටත් පවත්වන

ශ්‍රී දළදා පූජා පින්කම් මාලාව 05 සහ 06

වාර්ෂිකව ශ්‍රී දළදා පූජාව සහිත විශේෂ පින්කම් මාලාවක් ඔක්තෝබර් මස 5 සහ 6 දිනයන්හි මහනුවරදී 33 වන වරටත් පැවැත්වේ. ඔක්තෝබර් මස 5 වෙනිදා පස්වරු 4.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන්ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මැතිතුමන්ට සහ ලක්වැසි සැමට ආශිර්වාද කිරීම සඳහා විශේෂ ආශිර්වාද පහන් පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා පින්කම් මාලාවක් මහනුවර නාථදේවාල විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එදින ආශිර්වාද පූජා පින්කම මෙහෙයවනු ලබන්නේ පිලිකුත්තුව රාජමහ විහාරාධිපති ගම්පහ දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිලධාරි ශාස්ත්‍රපති යක්කඩුවේ රාහුල නාහිමියන් විසිනි. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක නිලධාරින් ඇතුළු සම්භාවනීය ගිිහි පැවිදි ප්‍රභූන් , දායික දායිකා පින්වතුන් විශාල පිරිසක් සහභාගි වෙති.

ඉතිරිය»

බෞද්ධ සාහිත්‍යයේ එන උදාන

" බුද්ධකාලය වන විට කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ විවිධාකාර අවතක්සේරුවලට පාත්‍ර වී සිට ඇති බව ප්‍රකටය. කාන්තාවට ආගමික සාමාජික වශයෙන් කිසිවක් කළ නොහැකි බව බ්‍රාහ්මණ අදහස් මඟින් ප්‍රකාශ වී තිබුණි. ‘ඉත්ථිභාවො කිං කයිරා’ ආදී වශයෙන් කාන්තාවනට කළ හැක්කේ කුමක්ද? යන අදහස බ්‍රාහ්මණ දහමට අනුව මුල් බැස තිබුණි. එහෙත් එහි අභියෝගය ඉදිරියේ බුදුසමයේ ආලෝකය ලැබීමෙන් සැනසීමට පත් තෙරණියන් තමන් පත් වූ එම තත්ත්වය පිළිබඳව භාවාත්මක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ප්‍රකාශ කළ අදහස් ථේරී ගාථාව පුරා දක්නට ලැබේ."    බුදුදහමෙහි උදාන වශයෙන් නම් කර ඇත්තේ බුදුන් වහන්සේ විසින් යම්කිසි අවස්ථාවක් හෝ සිද්ධියක් මූලික කරගෙන හදවතෙහි පැන නැඟුණු සොම්නස් සහගත ස්වභාවය ප්‍රකාශ කිරීම ලෙසට උදාන අටුවාවෙහි සඳහන් කර ඇත. විශේෂයෙන් නවාංග සත්ථු සාසන සංදර්භයෙහි උදාන සම්බන්ධයෙන් දක්වන අර්ථ කථනය නම් ‘සෝමනස්ස ඤාණමයික ගාථා පටිසංයුත්තා ද්වේ අසීති සුත්තන්තා උදානන්ති වේදිතබ්බං’ යනුවෙනි. එහි අදහස් කර ඇත්තේ සමස්තයක් වශයෙන් උදාන පාලිය ම බව පැහැදිලිය. උදානයෙහි ඇත්තේ සූත්‍ර හතළිස් දෙකක් නිසා එහි අඩංගු සියලු සූත්‍ර බුදුරදුන්ගේ උදාන ගණයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කීර්තිය ඇතිවීමේ හේතු මොනවාද?

 

සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි. කුම්භ ඝෝෂක නම් සිටුපුත්‍රයාගේ ස්ථානෝචිත ප්‍රඥාව හා කාර්යශූරත්වය අරබයා මේ ගාථා ධර්මය දේශනාකොට වදාළ සේක. එක් කලෙක මෙම රජගහනුවර සිටුපවුල අහිවාතක නම් දරුණු රෝගාබාධයකින් පීඩා විඳින්නට විය. දාසයන්, කම්කරුවන් මෙන්ම ගවයන්, සුනඛයන් පවා මරණයට පත්වූ අතර සිටුවරයා හා සිටුදේවිය මරණාසන්න ඇඳේ සිට තම පුතාට කතාකොට “පුතුනි” මේ රෝගය ඉතා දරුණුය. අපගේ ජීවිතයද ඉතා අවදානම්ය. ඔබ මේ රෝග පීඩාවෙන් බේරෙන්නට නම් බිත්තියක් පලා පිටව ගොස් කොහේ හෝ පළාතක ජීවත්වන්න, අසවල් තැන හතළිස් කෙලක් ධනය නිදන්ගත කොට ඇත. යම් දිනෙක ඒවා උදුරාගෙන ජීවත් වෙන්න යයි කඳුළු පිරිදෙනෙතින් යුක්තව කීහ. සිටු පුතාද මරණ බියෙන් චලිතව දෙමව්පියන් වැඳ බිත්තියක් පලා පිටව ගොස් ඈත පර්වත ප්‍රදේශයක ජීවත්වන්නේ දොළොස් වසරක් ගත කළහ.

ඉතිරිය»

මහාමායා දේවිය පුත් කුමරා සමඟ මහ පෙරහරින්ආපසු කිඹුල්වත්පුරයට වැඩම කරවීම.
සිතුවම - නාමල් පුෂ්ප කුමාර

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]