UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බෞද්ධ සාහිත්‍යයේ එන උදාන

" බුද්ධකාලය වන විට කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ විවිධාකාර අවතක්සේරුවලට පාත්‍ර වී සිට ඇති බව ප්‍රකටය. කාන්තාවට ආගමික සාමාජික වශයෙන් කිසිවක් කළ නොහැකි බව බ්‍රාහ්මණ අදහස් මඟින් ප්‍රකාශ වී තිබුණි. ‘ඉත්ථිභාවො කිං කයිරා’ ආදී වශයෙන් කාන්තාවනට කළ හැක්කේ කුමක්ද? යන අදහස බ්‍රාහ්මණ දහමට අනුව මුල් බැස තිබුණි. එහෙත් එහි අභියෝගය ඉදිරියේ බුදුසමයේ ආලෝකය ලැබීමෙන් සැනසීමට පත් තෙරණියන් තමන් පත් වූ එම තත්ත්වය පිළිබඳව භාවාත්මක සතුට ප්‍රකාශ කිරීම වශයෙන් ප්‍රකාශ කළ අදහස් ථේරී ගාථාව පුරා දක්නට ලැබේ."    බුදුදහමෙහි උදාන වශයෙන් නම් කර ඇත්තේ බුදුන් වහන්සේ විසින් යම්කිසි අවස්ථාවක් හෝ සිද්ධියක් මූලික කරගෙන හදවතෙහි පැන නැඟුණු සොම්නස් සහගත ස්වභාවය ප්‍රකාශ කිරීම ලෙසට උදාන අටුවාවෙහි සඳහන් කර ඇත. විශේෂයෙන් නවාංග සත්ථු සාසන සංදර්භයෙහි උදාන සම්බන්ධයෙන් දක්වන අර්ථ කථනය නම් ‘සෝමනස්ස ඤාණමයික ගාථා පටිසංයුත්තා ද්වේ අසීති සුත්තන්තා උදානන්ති වේදිතබ්බං’ යනුවෙනි. එහි අදහස් කර ඇත්තේ සමස්තයක් වශයෙන් උදාන පාලිය ම බව පැහැදිලිය. උදානයෙහි ඇත්තේ සූත්‍ර හතළිස් දෙකක් නිසා එහි අඩංගු සියලු සූත්‍ර බුදුරදුන්ගේ උදාන ගණයට ඇතුළත් වී ඇති බව පැහැදිලි වේ.

ඉතිරිය»

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]