UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජගත් වෙසක් දින සැමරුම් උළෙල 2017 වසරේ දී ශ්‍රී ලංකාවට හිමිවීම ලාංකේය බෞද්ධ ජනතාව ලද සුවිශේෂී අවස්ථාවක් ලෙසින් සැලකෙන අතර එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ දී ඉකුත් (12) දා පැවැත්විණි. එම සාකච්ඡාවට ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නාහිමි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ආනමඩුවේ ධම්මදස්සි අනු නා හිමි, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, ප්‍රමුඛ මහා සඟරුවනද අමාත්‍යවරුන් රැසක් ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් ද සහභාගි වූහ. ජනාධිපති මාධ්‍ය අංශය.

 

 

දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ වැඩසටහන – 2016

දහම් දැනුමින් පරිපූර්ණ වූ ගුණගරුක යහපත් දරුවෙකු සමාජ ගත කිරීම අරමුණු කර ගනිමින් බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම් වැඩසටහන් මාලාවේ ප්‍රාදේශීය අදියර සැප්තැම්බර් මස 25 වන දින මධ්‍යස්ථාන 319කදී දහම් පාසල් 9942 ක දරු දැරියන් 397,680 ක ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම වැඩසටහන ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, කථික, ගද්‍ය රචනා, පාලි ගාථා ගායනා, පාලි ගාථා සහ පද්‍ය ගායනා, බෞද්ධ චිත්‍ර, මව්පිය ගුණ ගීත ආදී වශයෙන් නිපුණතා ඉසව් 40 ක් ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබිණි.

ඉතිරිය»

 

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]