UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක 2016.09.30

රටක අනාගතය

ලොව පවතින මල් වර්ග බොහෝ ය. ඒ මල් අතර සුඟන්ධවත් මල්වලට කවුරුත් පි‍්‍රය කරති. දුඟඳ ගෙන දෙන මල්වලට බොහෝවිට බොහෝ දෙනාගේ ඇල්මක් නැත. මල් බුදුන් පුදන්නට පවා යොදා ගැනීමෙන් මල්වලට ඇත්තේ කෙබඳු වටිනාකමක්දැයි වටහා ගත හැකි වේ. මල් කළඹක් පිළිගන්වා ඇතැම්විට අමුත්තකු පිළිගැනීමට පවා මල් යොදා ගනු ලැබේ. ගෙවත්තක්, නිවසක් අලංකාර කරනුයේ මල් වගාකිරීමෙනි. අප අපේක්ෂා කරනුයේ මල් ගැන කතා කිරීමට නොවේ.

මල් වැනි ළමා පරපුර ගැන කතා කළ යුතුව ඇත. නිවසකට අලුතෙන්ම පැමිණෙන අමුත්තා බිළිඳාය.ළමයාය. පවුලකට අලුතෙන් එකතුවන දරුවා ළමයා පිළිගැනීමට මව්පිය දෙපළ ප්‍රධාන ඥාති මිත්‍රාදීහු නො ඉවසිල්ලෙන් බලා සිටිති. දස මසක් පුරා ඊට සූදානම් වේ. නිවසට එන ඒ අමුත්තා වෙනුවෙන් සියලු දේම අලුතෙන්ම සූදානම් කරති. අවම වශයෙන් මැසි මදුරුවෙකුගෙන්වත් පීඩාවක් කරදරයක් නොවීමට වගබලා ගැනීමද සුවිශේෂය.

ළමයා සියලු දෙනාගේ ආදරය නිරන්තරයෙන් හිමිකර ගන්නා අයෙකු වේ. ළමයා තුළ පවතින ළමාකම, ළමා ගති තවත් අයෙකු සතුටට පත් කරවන්නක්ම වේ. මල් කැකුළු වැනි ළමයින් කෙරෙහි සෑම මොහොතකම අවධානයෙන් පසුවිය යුතු වේ. කිසිවක් වටහා ගැනීමට නොහැකි කාලයද ළමා කාලයම වේ. ඒ නිසාම වස විෂ පමණක් නොව ගින්දරට වුවද අත පෙවීමට ළමයා යොමුවේ.

ඇතැම් විට අවධානය රැකවරණය අඩු වූ විට ළමයාගේ ජීවිතයට පවා උවදුරු ඇතිවිය හැකිය. දරුවන්ට මව්පියවරු මොනතරම් සෙනෙහසකින් ආදරයකින් කරුණාවකින් කටයුතු කරන්නේදැයි කිසාගෝතමී කතාපුවතෙන් පැහැදිලිය. දරුවාට මව් සෙනෙහස, පිය සෙනෙහස තරම් සෙනෙහසක් වෙනත් කිසිවකුගෙන් ලැබේද?

මනුෂ්‍යයා පමණක් නොව තිරිසන් ගත සත්ත්වයන් පවා තම කුසින් බිහිවෙන දරුවා රැක ගැනීමට නොගන්නා උත්සාහයක් නැත.

සමාජය දෙස බලනවිට දරුවාට දරුවා ලෙස නොසලකන ඇතැම් මව්පියවරු කලාතුරකින් හෝ දකින්නට ලැබේ. ඇතැම් විට කලාතුරකින් හෝ පවුලක ඇතිවන අඬදබර හේතුවෙන් දරුවන්ට විවිධ

දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදු වූ අවස්ථාද නැතුවා නොවේ. නිවසක පවුලක ඇතිවන ගැටලුවලට දරුවන් වගකිවයුතු නොවේ. ළමයාගේ ළමා කාලය සතුටෙන් ගත කිරීමට අවශ්‍ය මූලික වට පිටාව සකසාදීම මව්පියවරුන්ගේ යුතුකම වේ. කලාතුරකින් හෝ මව්පියවරුන්ගේ අඩුපාඩුකම් නිසා නැතහොත් දුරදිග නොබලා කටයුතු නොකිරීමේ හේතුව නිසා එහි විපාක විඳීමට සිදුවනුයේ ඇතැම්විට ළමයාටය.

ළමයකු මෙලොවට බිහිවූ දා පටන් නිසි රැකවරණය සලසමින් පෝෂණය කිරීම, හදා වඩා ඇතිදැඩි කිරීම මව්පියන් සතු වගකීම වේ. ළමයා කුඩා කල අධ්‍යාපනයට යොමු කරවීමද ඒ මගින් ළමයා බුද්ධිමතෙකු කිරීමද, මව්පියවරු සතු වගකීමකි. වැඩි පිරිසක් දරුවන්ට අවශ්‍ය සියලු සැප සම්පත් මව්පිය දෙපළ විසින් සපයන බව රහසක් නොවේ. එහෙත් කලාතුරකින් මවක් හෝ පියෙක් දරුවා වෙත ඉටු කළ යුතු යුතුකම පැහැර හැරීම නිසා සමස්ත සමාජයම දොස් කීමට පෙළෙඹෙනු ඇැත.

රසවත් ආහාරයෙන් ළමයාගේ කුස පුරවා තබන්නා සේම ළමයාගේ අනාගතය සඳහා ශක්තිමත් අඩිතාලමක් සම්පාදනය කළ යුතුව ඇත. ගොඩනැගිල්ලක අත්තිවාරම හෙවත් අඩිතාලම ශක්තිමත් වුවහොත් අදාළ ගොඩනැගිල්ල ශතවර්ෂාධික කාලයක් පවතිනු ඇත. එහෙත් ඒ අත්තිවාරම නිසි පරිදි නොයෙදුවහොත් ගොඩනැගිල්ල ද ශක්තිමත් නොවනු ඇත. එබැවින් ළමයා පෝෂණය කිරීම මෙන්ම ළමයාගේ රැකවරණයද නිරතුරුව සැපයිය යුතු ය. එමෙන්ම නිසි වියේදී හොඳ නරක මෙන්ම අධ්‍යාපනයද ලබා දිය යුතු ය. ගසකට මනා ලෙස වැඩීමට ජලය, වාතය මෙන්ම සාරවත් පසද අත්‍යවශ්‍ය ය. එබඳු පරිසරයක වැඩෙන ගස මගින් අපේක්ෂා කරන ඵලද ලැබේ.

ළමයාට අවශ්‍ය දැන උගත්කම මෙන්ම ගුණවත්කම ළමා දිවිය සරසන මහඟු ආභරණයෝය එබැවින් බුද්ධිමත්ව සිතා බලා ළමා පරපුර ආරක්ෂා කර ගනිමින් පෝෂණය කිරීමට අවධානය යොමු කළ යුතු ය. දරුවාගේ ළමා කාලය පැහැර ගැනීමට කිසිවකුටත් අයිතියක් නොපවතින බව බුද්ධිමත්ව වටහා ගත යුතු ය. රටක ජීවනාලිය ළමා පරපුර හෙයින් යහපත් අනාගතයකට වත්මන් ළමා පරපුර යොමු කරවමු.

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]