UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

අපි නිවන් දකිමු

සත්හට කරුණාව සමසේ පතුරුවන
නෙත් හැර බලා එක වදනින් සනසවන
මෙත් සිසිලසින් රාගී ගිනිදැල් නිවන
අත් ඔසවලා වැන්දට මදි බුදු රුවන

මෙත් සිත අපිත් ටික ටිකවත් පුරුදු වෙමු
සිත් තුළ රාග ද්වේශය මෝහය නසමු
සත්හට කරුණාව නිතරම පතුර වමු
අත් බැව් නසන නිවනම නිති ලැබ ගනිමු


බුදු ගුණ මහිම

සැමියත් දරු දෙදෙනත් – මවත් පියත්
සිටි සොහොයුරත් සැනකින් මරු කටට ගියා
තනි වූ ඇය ඒ දුක වාවනු බැරිව
මහ මඟ දිව ගියා උමතු වෙසින්
නොහඬන් පටාචාරා...

මෙලොව උපන් හැම දෙනාහට
තමන් ගෙනා ආයුෂ අහිමිව ගිය දා
උපන්නා සේම මැරෙනවා
ඒ ලෝ දහමයි
නොහඬන් පටාචාරා...

දියෙත් – ගොඩබිමෙත් ඉපදෙන ජීවිත
ගස් වැලුත් ,පැළ ඇවිත් මේ ලෙසින්
උපන්නා සේම මැරෙනවා
ඒ සොබා දහමයි
නොහඬන් පටාචාරා...

පන්සිල් – අටසිල් – දසසිල් රකිමින්
දන් – සිල් නිති භාවනා වඩමින්
නිවනින් සැනසුම පැතූ උතුමන්
මැරෙනවා, මැරෙනවා නියතමයි
නොහඬන් පටාචාරා ...

බුදු බව පැතූ බෝසත්වරුන්
බුදු වූ මහා බෝසත්වරුන්
මහා සඟ රුවන සහ තෙරණියන්
අපවත් වුණා ඒ සසර දහමයි
නොහඬන් පටාචාරා...

ඔබේ දුක නිවන්නට සමතෙක් ඇත දෙව්රම් වෙහෙරේ
කුළුණු බුදු ගුණෙන් නැහැවුණා ඇය දෙව්රමට පිවිසී
සිත දමනය වුණා මඟ පල නිවනින් සැනසුම ලැබුවා
භව දුක නැසූ ඒ මහ රහත් තෙරණී
යළි කිසිදා නොහඬන පටාචාරා...


බුදුසරණ යමු

උදයේ, හවස තෙරුවන වෙත යන්න
එය සෑහෙනව කොයිකාටත් සැන සෙන්න
මෙත් වඩලා වෛරය දුරු කර වන්න
සැමදා හතර පෝයට අටසිල් ගන්න


සිහින...

සිහින මනරම් සිහින විලසම
සිතට වද දී හිතඟ දැවටී
තිබෙන කල්
සිහින මනරම්


සිහින සොඳුරු වූවත්
සිහින එළිකර ගන්නෙ කෝමැයි
පියවි ලෝකය කුරිරු නම්
සිහින බොඳවී ගියත්

සිහින අතහැර ලන්නෙ කෝමැයි
සිහින මතින්ම
ජීවිතය ජයගත යුතු නම්


අරිදම් සඳ මුවාවිය

කළු වළාවක
සඟ පරපුරක් බිහිකර දී ඔවා මිණි
පිළිවෙත් සසුන ඔපවත් කළ සඳා ණනි
හැම සිත් පහන් කළ බණ භාවනා වෙනි

හැම සෙනසුනම අද පාළුයි ස්වා මිනි
සසුනට විසල් මෙහෙයක් කොට සුබ වාදී
නිහඬව නිසසලව තෙරුවනටම ඇදී
පිවිතුරු උතුම් සිල්ගුණ සුවඳින් සෑදී

ඔබ රන් කරඬුවකි සදහම් රැස් විදී
හිමි ඇසුරෙන්ම දැනමුතුකම් ලබා ගෙන
ශික්ෂාකාමී සිල්වත් ගුණ දරා ගෙන
සඟ සිසු පරපුරක් ඇත හිමි ගිය මඟම යන

බුදු බව ලබන්නට හිමියනි ඇත එ පින
අති උත්තම හිමියනි අලාමක
බොදු අප වෙතම වැඩසෑදු හැම වෙලාවක
අප සිත් සතන් තුළ ඇතිකොට අමාවක

අරිදම් සඳ මුවාවිය කළු වළාවක
තෙවළා දහම් පිරිසිඳ දත් පඬි රුවන
සමිඳුට කුමට මෙසසර නිතියෙන් දැවෙන
පැතූ බුදුබවම ලැබුමට හිමිකර නිවන
දෙවියෝ පවා ආසිරි දෙති වැඳ සරණ


ආභරණය

ආභරණයකි රූපය සත්වයා හට
ආභරණයකි රූපෙට ගුණවන්ත කම
ආභරණයකි ඥානය ගුණවත් කමට
ආභරණයකි ප්‍රඥාවට ඉවසීම


සිත නමැති රියැදුරා

රථාචාරියෙකි සිත
භව ගමන් මාවතේ
කය නමැති රිය පදවන
මුලාවූ පසිඳුරන්
කය තුළම බිඳි බිඳී
යදමක් ගොතා වෙහෙසෙයි
රැකගත නොහැකි කය රැක්මට
වෙර සිඳී දුබල වේ
තමා පදවන රිය
නැවුම් රථයක් පතා
කය අතැර දමයි සිත
කුසල් අකුසල් ලෙසින් 
ගෙතුන යදමත් රැගෙන
මේ රථාචාරියා
පසිඳුරන් සහිත නව
රථයක් සොයා නික්මෙයි


දුමට තිත තබනු මැන

හිරිමල් තරුණ අය හට ලෙඩ තනා දිදී
මතු පරපුරට ගෙන එන දැඩි විනාසෙ දී
යළි යළි සිතිය යුතුවෙයි මේ වෙලාවෙදී
දුම්වැටියක මිල නම් වැඩි වුණා මදි

උජාරුවට රඳවාගෙන දෙතොල උඩ
දරුවනි, මම දකිමි ඔබ දුම් උරන හැඩ
මතුවට මතු කරන පෙනහළු වලට ලෙඩ
දෙන්නට එපා විස දුම් වැටියකට ඉඩ

පෙම්බර දූවරුනි, මොහොතක් යොමනු සිත
රිංගා ගොසින් විෂ දුම ගේ හතර අත
රන් කැටි දරුවටත්, ඔබටත් පෙවෙනු ඇත
දෙන්නට එපා අත දුම්බොන අයෙකු වෙත

දවසට හැට පහක් පිළිකා වැළඳ ගෙන
ලක්වැසියන් දුමින් මිය යන පුවත ගැන
සලකා බලා එහි පවතින විෂම ගුණ
ලට හනිකට තිත තබනු මැන


සිතට...

සිත නමැති මිතුරාණෙනි
මම, ඔබ අමතමි
යම්කිසි දිනක
ඔබ, මා අතහැර
වෙනත් නිවෙසක් කරා
න බව මම දන්නෙමි
එසේ මා අතහැර යන්නට පෙර
ඔබ විසින් කළ යුතු යම් දෙයක් ඇත
මේ මායාකාරී ලෝකයේ
ඇත්ත මට වටහා දෙන්න
මගේ නෙතට ඔබ ඇතුළු වූයේ
සැප සම්පත්
සොයා ගෙනය
ඔබ සිතන සැපතක්
මෙහි නොමැත
අප සැපයයි සිතන දේ මොහොතකින්
දුක බවට පෙරළේ
මා හට ලෝකයේ
අරුත වටහා දෙන්න
ඔබ කාරුණික වේවා

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]