UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනවශ්‍ය බයක් ජීවිතයට අවශ්‍ය ද?

අනවශ්‍ය බයක් ජීවිතයට අවශ්‍ය ද?

බෞද්ධ පිරිස මනස තුළ විවිධ ප්‍රශ්න පුරවාගෙන සිටින පිරිසක් නොවෙයි. බෞද්ධ යන වචනය තුළ යමක් දැනුම් තේරුම් තිබෙන අදහස් ඇති පිරිසක් ලෙස බෞද්ධ පිරිස අර්ථ ගැන්වෙනවා. බෞද්ධ යන නම තුළ එවැනි තේරුමක් තිබුණත් ඇතැම් බෞද්ධ පිරිසට එවැනි තේරුමක් තිබෙනවාය කියන කාරණය පිළිබඳවවත් නිවැරැදිව තේරුම් ගෙන තිබෙනවාද? යන කාරණය ඇතැමි පිරිස් ක්‍රියාකරන ආකාරය දෙස බලන විට සිතෙනවා.

බහුං වේ සරණං යන්ති
පබ්බතානි වනානිච
ආරාම රුක්ඛ චේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා

යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ගාථාවට අනුව භයට ,භීතියට සන්ත්‍රාසයට පත්වුණ මිනිසුන් බය නිසා තැති ගැන්ම නිසා , ජීවිතය පිළිබඳව ඇති වුණ භය නිසා ,අනාගතය පිළිබඳව ඇතිවෙන භය නිසා ,විශ්වයට තිබෙන භය නිසා යමි යම් පුද්ගලයන් විවිධ දේවල් තුළින් සරණ පතන අවස්ථා තිබෙනවා. විවිධ කාරණා පිළිබඳව භය ස්වභාවයක් පුද්ගලයාට තිබෙනවා. පුද්ගලයාට බිය වීමට අවශ්‍යවන තැන් නැතිවා නොවේ. භය තැති ගැන්ම ලොඹු දැහැගැනීම පිළිබඳව පුද්ගලයාගේ මොළය තුළ වෙනම ක්‍රියාත්මක වන කොටසක් තිබෙනවා.

මනුෂ්‍යයාට භය ඇතිවීම පිළිබඳව සොයා ගැනීම සඳහා විද්‍යාඥයන් පිරිසක් වානරයන් යොදාගෙන පර්යේෂණයක් කළා. එහිදී වානරයන්ගේ මොළයෙහි භයට පත්වන කොටස ශෛල්‍යකර්ම මාර්ගයෙන් ඉවත් කර සාමාන්‍ය පරිදි සෙසු සතුන් සමඟ ජිවත් වීමේ අවස්ථාව ලබාදුන්නා. සාමාන්‍ය වඳුරන් භයට පත්වීමට අවශ්‍යවූ තැන බයට තැතිගැන්මට පත්වුණත්, ශෛල්‍යකර්මයට භාජනය කරමින් මොළයෙහි බයට පත්වන කොටස ඉවත් කළ වඳුරන් තුළ බයක් ඇතිවුනේ නැහැ. ඔවුන් තුළ බය නැති වීම නිසා ඔවුන්ට බරපතළ හානි සිදුවුණා. බය පිළිබද පැවැති තත්වය ඉවත් වුණ නිසා එම සතුන්ගේ ජීවිතය බරපතල හානිදායක තත්වයකට පත්වුණා. පාර මාරුවන විට වාහනයක් එනවා නමි, පාර පනින්න බයයි. අපට අවදානමක් දැනෙන තැනක බියක් දැනුන විට අප වහා එතනින් ඉවත් වෙයි. බියවීමත් මිනිසුන්ට අවශ්‍යයි. බය වීම අනවශ්‍ය ලෙස මිනිසා තුළ තිබීම අනවශ්‍ය කාරණාවක්. සාමාන්‍යයෙන් මිනිසකු උපදින විටම මානසික වශයෙන් බිය යන සංකල්පය ශරීරය තුළ තිබෙනවා. සැම දෙනකුටම තිබිය යුතු කාරණාවක් වුවත් එය අසීමිත ලෙස බයවීම රෝගී තත්වයක්.

මනස තුළ තිබෙන අවබෝධය අඩුකම නිසාද එවැනි තත්වයක් ඇතිවිය හැකියි.ඇතැමි රෝගී තත්වයන් ඹෟෂධ ප්‍රතිකාර තුළින් සුව කළ හැකියි. ඇතැමි රෝග බෝධි පූජා වැනි ආගමික පරිසරය තුළින් සුව කළ හැකියි. ඇතැමි රෝග උපදේශන මාර්ගයෙන් සුව කළ හැකියි.

හරි වැරැද්ද නිවැරැදිව තේරුම් ගැනීමට උපදෙස් දීම තුළින් අනවශ්‍ය බයක් වළක්වා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධ කරගත යුතුයි.යමි යමි කාරණා පිළිබඳව අනවශ්‍ය බයක් මනස තුළ තබාගත යුතු නැහැ.තමන් ජීවත්වන ජීවිත කාලය තුළ අනවශ්‍ය බයක් ලොඹු දැහැගැනීමක් තබාගත යුතු නැති අතර එසේ තබා ගැනීම තුළ විශාල හානිකර තත්වයන් ද ඇතිවෙනවා.

මනුස්සා භය තජ්ජිතා යන බියට තැති ගැන්මට ලොඹු දැහැගැන්මට පත්වුණ මිනිසුන් විශාල ගස් ගල් පර්වතවලට වඳිමින් පුදමින් සරණ යනවා. විශාල ගස්වල දෙවියෙකු ඇතැයි විශ්වාස කරමින් එම ගසට වඳිනවා. එම ගස් ගල් තුළ වැඩ සිටින දෙවියාටත් වඩා බලයක් බුද්ධිය දියුණු කළ මිනිසාට තිබෙන බව එම මිනිසුන්ම නොදන්නා කාරණාවක්. විශාල ගස්වල මහා බලයක් ඇති දෙවියෙකු ඇතැයි යන විශ්වාසය නිසා අතැමි පිරිස් එම ගසට වඳිනවා.ඊටත් වඩා බලයක් අපට තිබෙන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරඇති බව එම පුද්ගලයන් දන්නේ නැහැ. බෝධීන් වහන්සේට වන්දනා කරනු ලබන්නේ ගසකට වඳිනවා යන අදහසින් නොවෙයි. බෝධීන් වහන්සේ පුදනු ලබන්නේ බුදුරජාණන්වහන්සේට වඳිනවා යන හැඟීමෙන් .බෝධි පූජාව කියල කිවිවත් එතැන තියන්නේ බුද්ධ පූජාවක්.විහාර ගෙයට බුද්ධ පූජාව වෙනම පූජා කරනවා. බෝධීන් වහන්සේට බුද්ධ පූජාව වෙනම පූජා කරනවා. විහාරගෙය සමීපයෙහිම නැත්නම් ස්ථාන තුනකට වෙන වෙනම වන්දනා කරනවා. ශාරීරික චෛත්‍යයට, පාරිභෝගික චෛත්‍යයට, උද්දේශික චෛත්‍යයට වශයෙන් ත්‍රිවිධ චෛත්‍යයන් වඳිනවා. චෛත්‍යයට, විහාර මන්දිරයට, බෝධීන් වහන්සේට වැඳුම් පිදුමි කරනවා. එය ආගමික පැත්ත වුණත් මෙම ගාථාවෙන් කියවෙන්නේ එම කාරණය නොවෙයි.

ආගම දහම පිළිබ ඳව විශ්වාසයක් නැති ඇතැමි පුද්ගලයන් සහ සමහර විට ආගම දහම විශ්වාස කරන පිරිස් පවා ආගම දහමට වැඩිය උඩින් ගස් ගල් පර්වත සරණ යනවා. අපේ සමාජය දෙස බලන විට බෞද්ධ ආගමික ඇවතුම් පැවතුම් තිබෙන සමාජයක වුණත් කාලයෙන් කාලයට මිනිසුන් එවැනි වැඩවල යෙදෙනවා.

පංච ශිලය සමාදන් වන පංචශීලය අනුව ජීවත් වන ඒ අනුව ජීවිතය සකස් කරගන්නා පුද්ගලයකු සිටිනවා නමි,එම පුද්ගලයා කිසිම දෙයකට තැති ගැනීමක් බයක් ඇති කරගත යුතු නැහැ.අඩුම වශයෙන් හොල්මනකටවත් බය විය යුතු නැහැ. පන්සිල් ගන්න ගමන් පන්සිල්වලට අනුව ජීවිතය සකස් කරගන්නා පුද්ගලයන් බය නැහැ.පන්සිල් ආරක්ෂා නොකර පන්සිල් කඩන පිරිස බයට පත්වෙනවා. පාණාතිපාති ෙවිරමණී සික්ඛා පදං සමාදියාමි යන සිල් පදය තුළින් මම මගේ ජීවිතයට ආදරය වගේම කිසිදු පුද්ගලයකුටවත් අඩුම වශයෙන් වෙනත් සතෙකුටවත් හිංසාවක් නොකරන බවට

අධිෂ්ඨානය අප තුළ ඇතිකර ගත යුතුයි.

කිසියම් පුද්ගලයකු කායික හිංසාවක් කරනු ලැබුව හොත් එම කායික හිංසාව කළ නිසා එම පුද්ගලයාගේ හදවත තුළ සැම අවස්ථාවකම චකිතයක් ,බයක් ඇතිවෙනවා.එහි විපාකය මට විඳින්න වෙයි යන බය ඇතිවෙනවා. තමන් සතු දෙයට තමන් ආදරය වගේම අනෙක් පුද්ගලයාත් තමන් සතු දෙයට ආදරය දක්වන බවට හැඟීමෙන් කටයුතු කරන පුද්ගලයකුට කිසිදු බයක් ඇතිවන්නේ නැහැ.

අනුන්ගේ දෙයක් හොරෙන් ගත්ත පුද්ගලයාට එම හොරකම කවදා හෝ අසුවේවි යැයි බයක් ඇතිවෙනවා.පොලිස් නිලධාරියෙක් පාරේ ගමන් කළත් සොරකම මතකයට නැගෙනවා.එවැනි පිරිස් ෙබිරීම සඳහා දේවාලවල දෙවියන්ට පුද පූජා පවත්වන අවස්ථා තිබෙනවා.තමන්ගේ මනස තුළ තිබෙන්නාවූ චකිතය නිසා එවැනි දෙයකින් හෝ ෙබිරීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ ජීවන පැවැත්ම පරීක්ෂා කර බැලුව හොත් වැඩි පිරිසක් වැරැදි ආකාරයට සමාජය තුළ ජීවත් වුණ පුද්ගලයන්.දෙවියන් අදහන සියලු දෙනා වැරැදි කරන පුද්ගලයන් බවට එතුළින් අර්ථවත් වන්නේ නැහැ.තමා විසින් සමා ජයට හානිකළ විට තමන් හානි කළ බව තමා අවංකවම දන්නා කාරණාවක් වෙනවා. කාට හැංඟුවත් තමන් තමන්ගේ අතින් වරදක් සිදුවුණ බව තමා දන්නවා. තමා තුළින් වරදක් සිදුවුණාය කියන මානසික තත්වය විසින්ම තමන්ට බයක් වගේම චකිතයක් දැනෙනවා. තමන් නිවැරැදි සත්‍ය කාරණා ඇසීමට ප්‍රියත්වයක් දක්වනවා සේම අනෙක් පිරිසත් නිවැරැදි කාරණා ඇසීමට ප්‍රියයි. සත්‍ය වචනයම සමාජයට කතා කරන පුද්ගලයා කවදාවත් බිය වන්නේ නැහැ. තමන් අවංකවම සත්‍ය කතා කළ බව ඔහු දන්නා කාරණාවක්. බොරුවක් හෙවත් අසත්‍යයක් ප්‍රකාශ කළ පුද්ගලයා සත්‍ය කාරණා වුවත් සමාජයට වරදක් වන ආකාරයට පාවිචිචි කළ පුද්ගලයා තමා තුළ තිබෙන්නාවූ වෛරය නිසා සත්‍ය කාරණා අසත්‍ය ලෙස ප්‍රකාශ කරන බව එම පුද්ගලයාම දන්නා කාරණාවක්. එවැනි වචනයක් පාවිචිචි කළ පුද්ගලයා තුළ අසහනයක් පවතිනවා. සිත තුළ තද තරහවක් තිබෙනකමි බයක් දැනෙන්නේ නැති වුණත් එම තරහව නිවුන අවස්ථාව තුළ බයක් දැනෙන්න පටන් ගන්නවා. පුද්ගලයෙකුට තරහව තිබීම හොඳ කාරණාවක් නොවන අතර පුද්ගලයෙකු ලෙස බයක් තබා ගැනීමද හොඳ කාරණාවක් නොවෙයි.එවැනි වරදක් නොකළ පුද්ගලයකුට ද්වේශයෙන් කතා නොකළ පුද්ගලයකුට බයක් ඇති විය යුතු නැහැ. කාගෙන් පිහිටක් ලබන්න හෝ කවුරුවත් සරණයාමට අවශ්‍ය වන්නේ නැහැ. පන්සලට ගොස් බෝධි පූජාවත් තිබිබත් සෑහීමකට පත්විය හැකිය.

මෙම ලිපියෙහි ඉතිරි කොටස වප් පුර අව අටවක (ඔක්තෝබර් 09) පෝදා පත්‍රයේ පළ වේ.

 

    බිනර අමාවක පෝය

 බිනර අමාවක පෝය සැප්තැම්බර් 30 වනදා සිකුරාදා පූර්ව භාග 03.55 ට ලබයි.
ඔක්තෝබර් 01 වන දා සෙනසුරාදා පූර්ව භාග 05.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 30 වනදා සිකුරාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර් 09 වන ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 30

First Quarterපුර අටවක

ඔක්තෝබර් 09

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 15

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 22


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]