UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොත්මලේ මහවැලි මහා සෑය වන්දනාවට විවෘත වේ

 

කොත්මලේ මහවැලි මහා සෑය සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (20) සිදු විය.

ඉතිරිය»

හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරයේ සිට මහ සඟරුවන හත්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ

පානදුර නගර සමීපයේ හිරණ සුවණ්ණ පුණ්ණාරාම පුරාණ විහාරස්ථ පුණ්‍ය භූමියට සම්බන්ධ නිවාස ගණනාවක් අතරින් නිවාස 700 ක් තුළ එකම දවසක එකම වේලාවක කසාවතින් බැබළෙන ස්වර්ණමය දුර්ලභ මහාදානමය පින්කමක් සිදු කෙරේ. ජුනි මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබූ එම පුණ්‍ය මහෝත්සවයේදී එක් හිමි නමක් එක් නිවසකට වඩින සේ, නිවාස 700 ටම ස්වාමින් වහන්සේලා 700 නමක් වඩමවා දවල් දානය හා පරිෂ්කාරාදිය පූජා කිරීමට නියමිතය.

ඉතිරිය»

ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වන්දනාවට මිහින්තලා මහසෑය අබියස දී සෑම පසළොස්වක පෝදාකම කප්රුක් පූජා මහා පින්කමක්

ඌර්ණ රෝම ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා මිහින්තලා මහ සෑ රදුන් වහන්සේ වෙත කප්රුක් පූජා කිරීමේ පින්කමක් සෑම පුර පසළොස්වක පෝදාකම සිදු කිරීමට සංවිධායක කමිටුව අපේක්ෂා කරනු ලැබේ. මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි සෑම පුරපසළොස්වක පෝදාකම ලේක්හවුස් ආයතනය මෙහෙයවීමෙන් එම කප්රුක් පූජා පින්කම සිදු කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක

තස්ස එවං ජානතො පස්සතො කාමසවාපි චිත්තං විමුච්චති. භවාසවාපිචිත්තං විමුච්චති,අවිජ්ජාසවාපි චිත්තංවිමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති. ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදෘ ඉතිපි, තථාගත නිසෙවිතං ඉතිපි, එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරියසාවකො නිට්ඨං ගතො හොති.” සම්මා සම්බුද්ධො භගවා ස්වාක්ඛාතො, භගවතා, ධම්මො” සුපටිපන්නො භගවතො සාවක සංඝොති. එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති. සකල සතවෙන පතළ කරුණාවෙන් පිරුණු සිත සතන් ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි “ජානුස්සෝණි’ නම් බ්‍රාහ්මණයා අරබයා මෙම චුල්ලහත්ථි පදෝපම සූත්‍ර ධර්මය දේශනා කළ සේක.

ඉතිරිය»

තරුණ වියේදීම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය සැම විටම ඔබට මඟ පෙන්වනු ලබන්නේ ඔබගේ මේ ලෝක ජීව්තය වඩාත් තෘප්තිමත් හා වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කිරීමටයි. එමෙන්ම බුදු දහම ලබාදෙන උපදේශය මත පිහිටා කටයුතු කරන පුද්ගලයකු වන ඔබගේ ඊළඟ භවය වඩාත් යහපත් වාසනාවන්ත භවයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අනිවාර්යෙන්ම උදාවෙයි. ඔබගේ ජීවිතයට ඉතාම වටිනා කාරණා දෙකක් පිළිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු.

ඉතිරිය»

 
 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]