UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවෙන්
 

මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා පුද බිමට වැඩම කර වසර 2323 ක් සපිරීම නිමිති කරගෙන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 54 වන වසරටත් පුරා දින හතක් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ සමාරම්භක දින (16) දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නාද මැද උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුද බිම ඒකාලෝක විය. මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි පැවැති මිහින්තලා ආලෝක පූජාවට ලංකා විදුලි බල මණ්ඩලය සම අනුග්‍රහය ලබාදෙයි. ආලෝක පුජාව විවෘත කිරීමේ අවස්ථාවට, උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර,ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්ෂ නීතිඥ සිරිමෙවන් ඩයස්, ලේකම් කුමුදු ගුණවර්ධන, නීතිඥ කරණාරත්න හේරත්,ලංකා විදුලි බල මණ්ඩලයේ පියසිරි ගුණසිංහ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක,මිහින්තලා පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක,ලේක්හවුස් ප්‍රචාරක කළමණාකරු ශාන්ත ජයමහ , යන මහත්වරුන් සමඟ ලේක්හවුස් ආයතනයේ සහ විදුලි බල මණ්ඩලයේ නිලධාරි හුද සහභාගි වුහ.

උතුරු මැද පළාත් සභාවේ ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර සහ ල්ක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්ෂ නීතිඥ සිරිමෙවන් ඩයස් මහතා අලෝක පුජාව විවෘත කිරීමට එක්වු අවස්ථාව.

ලේක්හවුස් ආලෝක පූජාවේ දෙවන දිනය අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලයේදී පැවැත්විණි.මිහින්තලා රාජ මහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමිපාදයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම අවස්ථාවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර,ලේක්හවුස් ආයතනයේ නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, ලේකම් කුමුදු ගුණවර්ධන, මිහින්තලා ප්‍රාදේශිය ලේකම් රුවන් ඒකනායක, මිහින්තලා පොලිස් ස්ථානාධිපති රුක්මාල් රත්නායක,ලේක්හවුස් ආයතනයේ මහජන සම්බන්ධතා හා ප්‍රචාරක කළමණාකරු ශාන්ත ජයමහ යන මහත්වරුන් සමඟ රාජ්‍ය නිලධාරිහුද සමඟ ජනතාව සහභාගි වූහ

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව තුන්වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන,ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි , මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න , නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, නීතිඥ කරුණාරත්න හේරත් ,යන මහත්ම මහත්මීන් සමඟ විශාල පිරිසක් සහභාගි වූහ.

මිහින්තලා පුද බිමේදී පැවැති මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පොසොන් පෝදා විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් සියල්ල පැවැත්විණි. එම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක , ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා පොලිස්පති පූජිත් ජයසුන්දර, ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි , මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න , නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, සාමාන්‍යාධිකාරි අභය අමරදාස යන මහත්වරු පිරිසක් සහභාගි වූහ.

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහා පින්කමේ පස්වන දින (20) මිහින්තලා පුදබිමේදී පැවැත්විණි. මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක, නීති අධ්‍යක්ෂ නීතිඥ සිරිමෙවන් ඩයස්, විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියසිරි විජේනායක යන මහත්වරුන් ද සහභාගි වූහ.

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ හයවන දිනය (21) දා ලංකා විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ඩබ්ලිව්. ආර්.එම්. සනත් බණ්ඩාර, අතිරේක සාමාන්‍යාධිකාරි ඒ.කේ. කරුණාසේන ,උතුරු මැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියසිරි ගුණසිංහ, හිටපු අතිරේක සාමාන්‍යාධිකාරි සුනිල් රණසිංහ, ලේක්හවුස් ආයතනයේ (මානව හා ප්‍රාග්ධන) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නාරද සුමනරත්න, (පරිපාලන හා මෙහෙයුම්) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුභාෂ් කරුණාරත්න මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

බුදුසරණ පොසොන්පුර පසළොස්වක පත්‍රය ජනාධිපතිතුමන් වෙත ලේක්හවුස් සභාපතිතුමා විසින් මිහින්තලා පුද බිමේදී පිළිගැන් වු අවස්ථාව.

 මිහින්තලා පුද බිමේදී ලේක්හවුස් අනුරූ තාවකාලික ගොඩනැගිල්ලේ දී කථානායක කරු ජයසුරිය මහතා

පොසොන් පුර පෝදා ලේක්හවුස් සමාන්‍යාධිකාරි අභය අමරදාස මහතා සහ සුභ සාධන කළමනාකාර ඩබ්ලිව්. අයි.පේමරත්න මහතා ඇතුළු පිරිස බුද්ධ පුජාව වැඩම කරවමින්

මිහින්තලේ මහා සෑය වෙත කප්රුක් පුජා කිරීම සඳහා මිහින්තලේ නගරයේ සිට පුද පෙරහරෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් කප්රුක් පුජාව වැඩම වු අවස්ථාව.

 
 
 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]