UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

තරුණ වියේදීම ආර්ථිකය කළමනාකරණය කරගත යුතුයි

ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය සැම විටම ඔබට මඟ පෙන්වනු ලබන්නේ ඔබගේ මේ ලෝක ජීව්තය වඩාත් තෘප්තිමත් හා වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කිරීමටයි. එමෙන්ම බුදු දහම ලබාදෙන උපදේශය මත පිහිටා කටයුතු කරන පුද්ගලයකු වන ඔබගේ ඊළඟ භවය වඩාත් යහපත් වාසනාවන්ත භවයක් බවට පත්කර ගැනීමේ අවස්ථාව අනිවාර්යෙන්ම උදාවෙයි. ඔබගේ ජීවිතයට ඉතාම වටිනා කාරණා දෙකක් පිළිබඳව ඔබගේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන්නෙමු. ඔබ සූදුවෙහි ලොල් නොවීමට සහ නෘත්‍ය ගීත දර්ශනයෙහි ලෝලියකු නොවිය යුතුය. යන කාරණාව පිළිබඳව අප දැනුවත් විය යුතුය. අප රට තුළ ඉතාම වේගයෙන් ,ඔට්ටු තැබීමේ ව්‍යාපාර හෙවත් කැෂිනෝ වැනි මුදල් ඔට්ටුවට තබා කරනු ලබන්නාවූ සූදු ව්‍යාපාර ප්‍රචලිත වෙමින් තිබෙයි. තරුණ ප්‍රජාව ලෙස ඔබ තේරුම් ගත යුත්තේ කැෂිනෝ වැනි දේවලට අප රට තුළ ඉතාම සුළු කණ්ඩායමක් නියැලුණද රේස් බයි රේස් වැනි පිටරටවල දුවන අශ්වයන් සදහා ඔට්ටු ඇල්ලීම වැනි ක්‍රියාවල රට පුරාම විශාල පිරිසක් නියැලෙමින් සිටිම අපට දැක ගත හැකි කාරණාවක් . අප සුදූවකට නොයා යුත්තේ ඇයි? සූදුවෙන් ලබා තිබෙන ජයග්‍රහණයන් පිළිබඳව යමි පුද්ගලයකුට ප්‍රකාශ කළ හැකියි. සූදූ කර දිනපු පිරිස් සිටිනා බවට ඇතැමෙකු ප්‍රකාශ කළ හැකියි. සූදු කර දිනපු පිරිස් ඇති. එම අයගේ අදහසට අප විරුද්ධ වනවා නොවේ. සූදුව තුළින් ලබපු ජයග්‍රහණයන් ඇතුළත සාර්ථක වූ පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර කාර්යයක්.

ඉතිරිය»

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]