UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහසක් බුදුවරුන් විහාර මන්දිරය තුළ මෙසේ මූර්තිමත් කෙරේ.

අනුරාධපුර කොක්කිච්චිය සිරිසම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය

අනුරාධපුර, උතුරුමැද පළාතේ ප්‍රධාන අගනුවර බවට පත්වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඒ 1873 දීය. අනුරාධපුර පූජා නගරය ගැන කිසියම් තැකීමක් ඇතිවූයේ 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුවය. නව නගරයක් ඇතිකිරීමත්, පැරණි නගරය පූජා නගරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත්, මින් පසුව සිදු විය. පැරණි ස්මාරකයන් රැක ගැනීම හා ඒවා සංරක්ෂණය කිරීමට 1890 දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. මෙහි කැණීම් හා සංරක්ෂණ කටයුතු 1884 දී ඇරඹිණි. එතැන් සිට මේ දක්වා පැවති රජයන්වල අනුග්‍රහය මත පූජා නගරයේ විවිධ සංවර්ධන කටයුතු සිදු කෙරිණි. නමුත්, තත්ත්වය මෙසේ පවතිද්දී රජයේ හෝ වෙනත් කිසිදු මූල්‍ය ආයතනයක අනුග්‍රහයක් නොලැබ දායක පිරිස්වල උදව් උපකාර ඇතිව පූජා නගරය ආසන්නයේම මහා ඝන වනාන්තරයක් මධ්‍යයේ බුදුසිරිත විදහා දැක්වෙන ‘සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරය’ නමින් එළිමහන් පුදබිමක් නිර්මාණය කිරීමට අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති, ‘ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීෂ්වර ධර්ම ප්‍රභධීරානන්දාභිධාන’ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝ නායක හා රජරට පාර්ශවයේ උපාධ්‍යාය අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අදහසක් පහළ විය.

ඉතිරිය»

 

  පොසොන් අව අටවක පෝය

  පොසොන් අව අටවක පෝය ජුනි 27 වනදා සඳුදා අපරභාග 12.44 ට ලබයි. 28 වනදා අඟහරුවාදා පූර්වභාග 10.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 27 වනදා සඳුදා ය.

මීළඟ පෝය ජූලි 04 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11

Full Moonපසෙලාස්වක

ජූලි 19


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]