UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතුන් වහන්සේ නමක්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට සර්වඥ ධාතුන් වහන්සේ නමක් පුජා කිරීම (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත තායිලන්ත උප අගමැති සොමොකිද් ජට්‍රශ්‍රීපිටක් මහතාගේ සංචාරය හා සමගාමීව මෙය සිදුවූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එම සර්වඥ ධාතුන් වහන්සේ තායිලන්ත උප අගමැතිවරයා වෙත භාර කෙරිණි.බෙරගල, ගලේවෙල රජමහා විහාරස්ථානයේ සිට පන්නිපිටිය සත්බුදු මහා විහාරය වෙත වැඩම කිරීමෙන් අනතුරුව රිය පෙරහරකින් මෙම සර්වඥ ධාතුන් වහන්සේ ජනාධිපති කාර්යාලය වෙත වැඩම කරවීම සිදුවිය.

ඉතිරිය»

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය

අපේ‍්‍රල් මස 01,02 හා 03 යන දිනයන්හිදී අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍රකර ගනිමින් මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා” පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබද ශී‍්‍ර සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේද” දරණාගම කුසලධම්ම නාහිමියන් වහන්සේ දැක්වූ අදහස් මෙසේය. මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා නමින් පුණ්‍ය මහෝත්සවයක් පවත්වනු ලබන්නේ කුමක් අරමුණු කරගෙනද?

ඉතිරිය»

දැයෙන් සමුගත් ගලගම ශ්‍රී අත්ථදස්සි මහා නා හිමි

දශක අටකට වැඩි කාලයක් කසාවත දරමින් ධර්මධර, විනයධර ශ්‍රේෂ්ඨ හිමි නමක ලෙස අති උදාරවූ ජාතික, ආගමික හා ශාසනික සේවාවක් ඉටුකරමින් දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමඳ ගෞරවාදරයටපත් අපවත්වී වදාළ ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්ස්‍යාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (13) පස්වරුවේ දැයෙන් සමුගත්හ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

උතුම් පිහිට තෙරුවන් සරණ යාමය

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරදුන් බුදුවීමෙන් පසු තම උපන් ගමට වැඩමවීම ආරම්භ කළ දවසයි. ඡන්න ඇමැති සුදොවුන් රජුගෙන් මහණවීමට අවසර ලබාගෙන බුදුරදුන් සිය උපන් ගමට වැඩම කරවා ගැනීමේ අරමුණ ඇතිව උන්වහන්සේ හමුවී දැන් එහි යාමට සුදුසු කාලය බව දැන් වූ දවසයි. ගමන් කළ යුතු මඟ දෙපස ඇතුළු මහත් පරිසර වර්ණනාවකින් පසු බුදුරදුහු කිඹුල්වත් නුවරට වැඩම කළ අදවන් පොහෝ දිනක උන්වහන්සේ සරණ යාම දුර්ලභ වූ මේ මිනිස් ආත්මභාවයට කරනු ලබන විශිෂ්ට සේවාවකි. යම්කිසි වස්තුවකින් හෝ පුද්ගලයෙකුගෙන් සැපත, සතුට හා ආරක්ෂාව ලබා ගැනීම පිහිටකි. මිනිසා පමණක් නොව ආදරයත් ආරක්ෂාවත් පැතීම ලෝක සත්වයාගේ ස්වභාවයයි. ජීවිතය පවත්වාගෙනයාමට මෙම අපේක්ෂාවන් උදව් කරයි.

ඉතිරිය»

ශ්‍රී පාද ස්ථානය

ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය බෞද්ධාරාමය, කොළඹ නිල ආරාමය, ගල්පොත්තාවල ශ්‍රී පාද රාජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය හා පැල්මඩුලු පුරාණ දාගැබ්, රාජ මහා විහාරය යන විහාරයන්හි අධිපති සබරගමු රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්ම කීර්ති ශී‍්‍ර සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික අධ්‍යාපනික හා සාමාජික වශයෙන් අත්‍යුදාර මහඟු නිහඬ මෙහෙවරක යෙදෙන සංඝපීතෘන් වහන්සේ නමකි. විහාරස්ථාන සංවර්ධනයට නන් අයුරින් ආධාර උපකාර කිරීමත්, නාහිමිවරු නමින් ශිෂ්‍යත්ව පිහිටුවා සසුනට උපකාර කිරීමත් බෞද්ධ සමිති සමාගම් රැසක විවිධ නිලතල දරමින් අසරණ ගිලනුන්ට රෝද පුටු,ඇස් කණ්ණාඩි, වස්ත්‍ර, වියළි සලාක පිරිනැමීම්, පැල්මඩුල්ල නාගරික බෝධිරාජ පදනම පිහිටුවා බෞද්ධ දරුවන් වෙත ශිෂ්‍යාධාර ලබාදීමට කටයුතු කිරීම ආදි උදාර සේවාවන් රැසක ඉතා දිගු කලක සිට නිරත වේ.

ඉතිරිය»

තෙරුවන් සරණයි
සුමන සමන් දෙවි පිහිටයි

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]