UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෝදා පෙරවරු. 6.00 – 6.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 6.30 – 7.00 උදෑසන බුද්ධ පූජාව, 8.00 – 9.00 භාවනා වැඩසටහන ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 – 10.00 ධර්මදේශනාව බොරැල්ලේ සිරිසුමන හිමි, 10.00 – 11.00 ධම්මපදයෙන් බිඳක් විද්‍යාලංකාර මහ පිරිවෙන් ආචාර්ය, දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි, 11.00 – 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 – 2.00 සීල භාවනා සමිතිය, 2.00 – 3.00 වෛද්‍ය විද්‍යා දේශනය මාතර මහා රෝහලේ වෛද්‍ය මාලින් බටගොඩ මහතා, 3.00 – 4.00 ධර්මදේශනාව නාවින්නේ සුගුණධම්ම හිමි, 4.00 - 5.00 විශේෂ දේශනය අනගාරික ධර්මසේකරතුමා, 5.00 – 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 – 7.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 – 8.00 ධර්මදේශනාව තිතපොල මෙත්තානන්ද හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහානා හිමි, 8.00 – 9.00 ගිහිදේශනය ශාස්ත්‍රපති ජයසේන එදිරිසිංහ මහතා, 9.00 – 10.00 ධර්මානුශාසනාව ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 10.00 – 11.15 භාවනාව අනුශාසනාව සහ බුද්ධ පූජාව ගම්පහ පාසාදික හිමි, පස්වරු 12.15 – 1.00 සෙත් පිරිත් ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කඹුරුගමුවේ මහානාග හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 2.00 – 3.00 ධර්මානුශාසනාව, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 3.15 – 04.15 භාවනාව සහ අනුශාසනාව පිටිපන සාසනරතන හිමි, 4.15 – 05.15 ධර්මානුශාසනාව රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 5.15 – 6.00 ධර්මානුශාසනාව සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමි, 6.00 – 6.30 සිල් අලුත් කිරීම හා අටවිසි බුද්ධ වන්දනාව සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.


ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය තලවතුගොඩ

පෝදා පෙරවරු 6.00 – 7.00 කිරිපිඬු පූජාව සීල සමාදානය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 – 9.00 ධර්ම දේශනාව, ඉඟුරුවත්තේ ධම්මගවේෂි හිමි, 9.00 – 9.30 භාවනාව, 9.30 - 10.30 ධර්ම දේශනාව එප්පාවල සාගර සුමන හිමි, 10.30 – 11.00 දෙතිස්ව්‍යංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 – 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනාව, 1.00 – 2.00 ධර්ම දේශනාව කැලණියේ අජිත හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ගම්පහ මහානාම හිමි, 3.30 – 4.30 ධර්ම සාකච්ඡාව මහකෙළියේ නාහිමි සමඟ මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 සිල් පවාරණය කරණීය මෙත්ත සූත්‍ර දේශනාව, 6.00 ඖෂධ 108 සහිත සම්බුදු වන්දනාව පැවැත්වේ.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

කැලණි තරුණ බෞද්ධ සමිතිය මැදින් පෝදා දවස පුරා ආගමික වතාවත් සිදු කෙරෙන අතර එදින උදෑසන 6.30 ට සීල සමාදානය මෙහෙයවීම ගාල්ලේ කුමාරකාශ්‍යප හිමියන් විසින්ද 9.30 ට දහම් දෙසුම බටලන්දේ චන්ද කිත්ති හිමියන් විසින් 10.30ට බුද්ධ පූජාව ඇටැම්පිටියේ සාරානන්ද හිමියන් විසින් ද 5.30ට බෝධි පූජාව ඇටම්පිටියේ සාරානන්ද හිමියන් විසින්ද පවත්වනු ලැබේ.


අනුරාධපුර මහා විහාරය

ඓතිහාසික මහාවිහාරයේ පුන් පොහෝ දින දාන, ශීල, භාවනා ආගමික වැඩසටහන් මාලාවේ මැදින් පුන් පොහොය වැඩසටහන මෙම මස 22 වැනි පොහෝ දින දවස පුරා මහාවිහාරයේ ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ (බෝමළුව පන්සලේ) සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

ආචාර්ය පල්ලේගම සිරිනිවාස අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා පරිදි, බෝමළුව විහාරවාසී ශාස්ත්‍රවේදී පහළතලාවේ සුමනසිරි හිමියෝ පොහොය වැඩසටහන සම්බන්ධීකරණය කරති. මෙවර වැඩසටහන පහත දැක්වේ.

පෙරවරු 6.00 අටසිල් සමාදන් වීම, 6.30 උදෑසන බුද්ධ පූජාව 7.00 – 8.00 ධර්ම දේශනාව ආචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමි, 9.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම, 9.15 ගිහි දේශනය ශාස්ත්‍රපති ඊ.එම්. ධර්මවර්ධන මහතා, 10.15 දේශනයට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 10.30 දහවල් බුද්ධ පූජාව දහවල් 12.00 ජාතක කතා දේශනාව රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි පස්වරු 01.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාවනැල්ලේ බෝදානන්ද හිමි, 2.00 ධර්ම දේශනාවට අදාළ ගැටලු සාකච්ඡා කිරීම 2.45 දම්සභා මණ්ඩපය, ශාස්ත්‍රවේදී කපුගොල්ලෑවේ රතනසිරි හිමි, ශාස්ත්‍රපති රත්න ශ්‍රී බණ්ඩාර මහතා ශාස්ත්‍රපති ඒ.එම්. අබේරත්න මහතා, 4.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, පණ්ඩිත ඉපලව පේමානන්ද හිමි, 5.00 බෝධි පූජාව, මෙහෙයවීම ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත හිමි, 5.55 සිල්පවාරණය ප.ව. 6.00 නිමාව.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර සංඝමිත්තාරාමයෙහි මැදින් පුන් පොහෝ දින අලුයම 5.30ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ඕපනායක නිරාශා දසසිල් මෑණියන් විසින් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන් පැවැත්වේ.

පෙරවරු 8.00 සිට 10.00 දහම් දෙසුම පන්නිපිටිය බ්‍රාහ්මනගම කන්දේ පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රවේදී බඹරැන්දේ වජිර හිමි භාවනා වැඩසටහන මෙහෙයවීම 10.15 – 11.00 උඩහමුල්ලේ තාදී දසසිල් මෑණියන් විසිනි. 11.00 දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව දහවල් 12.00 – 12.15 ධම්ම පදයෙන් ගාථාවක් ද 12.15 – ප.ව. 1.00 ධම්මචක්ක පවත්තන සූත්‍ර සජ්ඣායනද ආරාමවාසී මෑණියන් වහන්සේලා විසින් ද පස්වරු 2.00 දහම් දෙසුම මහරගම ධර්මායතනවාසී උල්ලිදුවාවේ විනය ධම්ම හිමි 2.15 – 3.00 දහම් දෙසුම උඩහමුල්ලේ තාදී දසසිල් මෑණියන් විසින්. 3.00 – 4.00 දහම් දෙසුම වත්තල අරියරතන හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී අතුරුගිරියේ ධම්මවිහාරී හිමි අනතුරුව තුන්සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් උඩහමුල්ලේ තාදී දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පසළොස්වක පොහොය දිනයෙහි දී ද සිල්වත් පිරිස අතර ද ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකු මැණිකේ ඉඩම්පිටිය මෑණියන්ගේ සාදර අනුග්‍රහයෙනි.


හුණුපිටිය විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථනයෙහි මැදින් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි අම්බලන්ගොඩ සුමනනන්ද, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චන්දරතන, වේවැල්දූවේ ධම්මකිත්ති යන හිමිවරුන්ද ගාල්ලේ සුදම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිතය.


ශ්‍රී ලංකා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කොළඹ 07

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම බුද්ධ පූජාව මිතලාවේ විනීත නාහිමි, 8.00 – 9.30 ධර්ම දේශනාව මීතලාවේ විනීත නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව තල්ගමුවේ සුධීරානන්ද හිමි, පස්වරු 12.15 – 1.00 පිරිත් සූත්‍ර දේශනා 1.00 – 2.00 ගිහි දේශනය වෛද්‍ය කුමුදු කුරුප්පු මහතා, 3.00 – 4.30 ධර්ම සාකච්ඡාව, දිගන සුගතවංශ හිමි, 5.00 සිල් පවාරණය බෝධි පූජාව.


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ මැදින්පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ්වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යයේ පැළඳවීමේ කංචුක පූජාව පැවැත්වේ.

උදේ ධර්මදේශනාව හක්මන ඌරුමුත්තේ ආරණ්‍ය සේනාසනාවාසී අරියධම්ම හිමියන් විසින් විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්වෙන අතර භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. සවස කිරිවෙහෙර විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීමට අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධීකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් පවත්වනු ලැබේ.

රාත්‍රී 7.00ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධිපූජාව අටවිසි බෝමළුවේ දී බෝධිපූජාව ද කිරිවෙහෙර 3වන මළුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සමිතිය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතය විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.


කුප්පියාවත්ත ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත, ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ පුරපසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්ම දේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ, පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30ට උපෝසථශීලය හා කෙටි අනුශාසනාව ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්දනාහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන, ශ්‍රී ජයශේඛරාරාම වාසී ශාස්ත්‍රවේදී කන්තලේ සුමිත්ත හිමි, 9.15 – 10.15 ධර්ම දේශනාව පැලවත්ත මයුරපාද පරිවේණාධිපති සහ විහාරාධිපති වලේබොඩ ගුණසිරි නාහිමි, 10.30 – 11.00 දහවල් සම්බුද්ධ පූජාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.45ට සෙත් පිරිත් දේශනය ශ්‍රී ජයශේඛරාරාමවාසී ස්වාමීන්වහන්සේලා, 1.00 – 2.00 දක්වා මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.15 ධර්මදේශනය, ජයශේඛරාරාමවාසී, සෙවනගල අජිතහිමි, 3.30 – 4.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව 6.00ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 ගිලන්පස පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00ට රාත්‍රී ධර්ම දේශනය (පටිගත කරන ලද දේශනයක්)


තෙලවල විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල, විජයරූපාරාම ධර්මායතනාධිපති, කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන හිමියන්ගේ අනුශාසනා පරිද 8.00 – 9.00 ධර්ම දේශනාව වැලිමඩ ඤාණරාම හිමි, 9.30 – 10.30 ජාතක කතා දේශනාව ශාස්ත්‍රවේදී නිමල් අමරවංශ මහතා, 10.30 – 11.00 භාවනාව වඳුරඹ ඤාණාලෝක හිමි, 11.00 – 12.00 දහවල සම්බුද්ධ පූජව දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 2.00 මැදින් පුර පොහොය පිළිබඳ දේශනය ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.00 – 3.00 ගිහි දේශනය හෝමාගම ජාතික සාරධර්ම ප්‍රවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 3.00 – 4.00 ධර්ම දේශනය වඳුරඹ ඤාණාලෝක හිමි, 4.00 – 5.00 මහ පිරිත් දේශනාව සහිත ‘මහාසමය සූත්‍ර’ දේශනාව ධර්මායතනවාසී ස්වාමීන් වහන්සේලා, 5.00ට සිල් පවාරණය සිදු කිරීම ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 6.30 – 7.30 අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ අටවිසි ගිලන්පස බෝධි පූජාව සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නා හිමි, 12.15 බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස බෙදාදීම දායකත්වය ඔක්කම්පිටිය බුරුතගොල්ල පදිංචි චමිලා පි‍්‍රයදර්ශනි මෙනවිය විසිනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදි මැදින් පෝදා පැවැත්වෙන වැඩ සටහන් මෙසේය. උදෑසන 6.15-7.15 සීලසමාදානය මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි.7.30-9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම කඩවත පඤ්ඤානන්ද හිමි 10-11.30 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම උණවටුනේ වංශානන්ද හිමි, පස්වරු 1- ධර්ම සාකච්ඡාව මෙහෙයවීම ශාන්ත දිසානායක මහතා 3.15-4.15 දහම් දෙසුම ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි. 4.30-6 දහම් දෙසුම තිනියාවල ඤාණින්ද හිමි. 6.30 -7.45 පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ පැවැත්වු ධර්ම දේශනාව (පටිගත කළ එකකි) 8-9 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදි පහන් පුජාව 9.15 සිට රූපවාහිනී තුළින් බෞද්ධ වෙහෙර විහාර නැරඹීම


මාතර සිරිවජිරඤාණ ධර්මායතනය

පින්කම් වැඩසටහන ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමියන්ගේ අනුශාසනා පරිදි හක්මන මධුරධම්ම යටිරාවණ ධම්මාරාම, කොලොන්නාවේ හේමසිරි, මීවල සුදස්සි යන හිමිවරු මෙහෙයවති.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

වලස්ගල පුන්නජි මයුරවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, හොරපාවිට, ධම්මිස්සර, කුඩාගොඩ ඤාණවංශ, බලංගොඩ ශාන්තසිරි බලංගොඩ දමිත, කෝංගල සරණ, බුත්තල හේමාලෝක, බුත්තල විසුද්ධි යන හිමිවරු මැදින් පෝදා පින්කම මෙහෙයවති.


උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

බඹරැන්දේ රාහුල මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි පසළොස්වක පෝදා දවස පුරා පින්කම් පැවැත්වේ. රොටුඹ සෝමරතන, විටියල තුසිතරතන, තවලම සුමනරතන, ගාල්ලේ නන්දරතන, අලුත්වැව රතනසාර, කාම්බෝජයේ ධම්මරුචි, බෝගල සමිතරතන යන ස්වාමීන් වහන්සේලා පින්කම මෙහෙයවති.


මාතර ආරෝග්‍ය සේවා සංගමය

මාසිකව පැවැත්වෙන එම ගිලන් සංග්‍රහය මෙවර පෝදා මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ සබන් පරිත්‍යාග කිරීම ‘සිත්සුව‘ දහම් පත්‍රිකාව බෙදා දීම රෝහල් කමිටුවේ අනුශාසක වලස්ගල පඤ්ඤාසිරි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පසළොස්වක පෝදා පැවැත්වෙන පින්කම හොරපාවිට ගුණසිරි, දෙහිගස්පේ සිරිවිමල, ගම්මැදගම චන්ද්‍රජෝති, දෙනියායේ විමල ධම්ම, යටිගල ඤාණසිරි යන හිමිවරු පින්කම මෙහෙයවති. ධර්මාචාර්ය නීතිඥ නිලන්ත හෙට්ටිගේ සූරීන්, දේශමාන්‍ය කාවින්ද සිරිවර්ධන සම්මාන සභාපති දොස්තර එස්.පී. කුලරත්න මැතිතුමාගේ ගුණ සැමරුම ද සිදු කෙරේ.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

තරුණසීල සමාදාන වැඩසටහන

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව උල්ලිඳුවාවේ විනයධම්ම හිමි, 08.00-9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00-10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මීගොඩ සුඛිත හිමි, 10.00-11.15 පරෝපකාර සංග්‍රහය – අනුශාසනාව හා බුද්ධ පුජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි පස්වරු 12.25 -12.30- විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ,12.30 -1.00 පිරිත් හා තෙරුවන් ගුණ – බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 -2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි2.00 -3.00 ධර්ම දේශනාව – ශාස්ත්‍රපති ඇල්පිටිවල නන්දවිමල හිමි, 03.00-4.00 ගිහි දේශනය –මනෝ විද්‍යා උපදේශක කැළුම් ගයාන් සෞම්‍යසිරි මහතා 4.15-5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි,5.00-06.00 ධර්ම දේශනාව විනයාචාර්ය කොටපොල උපාලි හිමි, 6.00-6.30 බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 08.00-09.00 භාවනාව – විනයාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 අභිධර්ම සාකච්ඡාව පියදාස මුතුගම මහතා 11.00-11.15 බුද්ධ පූජාව මහගම සුජාත හිමි, පැනසිහගම ඛේම හිමි, පස්වරු 12.30-12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.35-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානි හිමි, පන්විල සරණ හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත උඩුදුම්බර ලංකානන්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව, රදාවඩුන්නේ ඤාණවිමල හිමි, 03.00-03.45 ධර්ම දේශනාව වටගෙදර විමලබුද්ධි අනුනාහිමි, 04.00-05.00 ධර්ම දේශනාව මිනුවන්ගොඩ මොරාවත්තේ සුභූති හිමි, 05.00-06.00 ධම්මපදය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම – ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමණසිරි හිමි


ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරුවරු 5.30-6.00 :– කිරි ආහාර බුද්ධ පූජාව බෞද්ධයා රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශී‍්‍ර සම්බෝධි විහාරයේ විහාරාධිපති, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදි’ දරණාගම කුසලධම්ම නාහිමි, 06.00-07.30 මෙහෙයවීම– සීල සමාදානය , බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමි, 08.00-09.00 ධර්ම දේශනාව බුද්ධංගල ආරණ්‍ය සේනාසනවාසී බුද්ධංගල ආනන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, 09.30-10.30 ධර්ම දේශනාව වරකාපලහේනේ සුගතඥාන හිමි, 11.00-11.30 මෙහෙයවීම -ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව ශ්‍රී සම්බෝධි විහාරවාසි අනුරාධපුරයේ ධම්මසිරි හිමි, 12.30-2.00 – ‘දම්සභා මණ්ඩපය” සාකච්ඡාව ,”හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ.එම්. ස්වර්ණසිංහ මහතා මෙහෙයවීම, නීතිඥ ශෂික ජයතිලක මහතා 02.00-3.00 ධර්ම දේශනාව අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමවාසී ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ නාහිමි 3.30-4.30 ධර්ම දේශනාව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන හිමි, 4.30-5.30 ධර්ම දේශනාව කදුබොඩ සියනෑ විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිකාරි ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත දියසෙන්පුර විමල හිමි, 5.30-6.00 මහා ඖෂධ පූජාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය කළුබෝවිල සමාධි චිත්ත වේවාකාශ්‍රමයේ අනුශාසක මහරගම පදුම හිමි


සංකල්ප විහාරයේ මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කම

පිළියන්දල මාකන්දන වැලිතොටුවත්ත “සංකල්ප” ගම ශ්‍රී සංකල්ප විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මල් ලක්ෂයක් පූජා කිරීමේ පින්කම මෙවරද මැදින් පෝදා සවස 6.00ට පැවැත්වේ. ඉන්දියාවෙන් රැගෙන එන ‘දාස් මල්’ ‘රෝස මල්’ ‘නෙළුම් අරලිය’ සමඟින් මල් හාර ලක්ෂයක් පූජා කිරීමේ අසිරිමත් පින්කම සවස 6.00ට බෝ සමිඳුන් අබියස දී මිදු කැරේ.

පෝදින පෙරවරු 5.00 සිට දවස පුරා දාන, ශීල භාවනා ඇතුළත් මහා පින්කම් මාලාවක් ද, සවස 5.30ට මල් තැන්පත් කිරීම, සවස 6.00ට මල් පූජා කිරීමේ මහා පින්කමක් ද, මල් භාර ගැනීමේ විශේෂ කාර්යාලය මෙදින පෙරවරු 8.00 සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අබියස විවෘතව පවතී. දාස් මල් සහ නෙළුම් මල් අවශ්‍ය අය කාර්යාලයට මුදල් ගෙවා මල් ලබා ගත හැක.

සංකල්ප දායක සභාව, සංකල්ප දහම් පාසල, සංකල්ප වැඩිහිටි සමිතිය, සංකල්ප යෞවන සමාජය, සංකල්ප ක්‍රීඩා සමාජය, සංකල්ප අමෝන්‍යාධාර සමිතිය, සංකල්ප නව යෞවන එකමුතුව එම පින්කම සංවිධානය කර ඇත.


මොරවැව

මැදින් පුර පසළොස්වක පෝයදා ත්‍රිකුණාමලය, මොරවැව, ගුවන්හමුදා මූලස්ථානයේ දී මොරවැව, වේප්පන්කුලම කිතුල්උතුව, ශ්‍රී ශාක්‍යසිංහාරාමයේ අරුග්ගොඩවිමලරතන ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනා කරනු ලැබේ.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෝදා පෙරවරු 6.00-7.00 සීල සමාදානය සහ අනුශාසනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00-7.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 8.15-9.30 භාවනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30-11.00 ධර්ම දේශනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00-11.30 තෙරුවන් ගුණ සජ්ඣායනාව 1.00-2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති අළුත්වෙල ධම්මසති හිමි, 2.00-3.30 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස හිමි, 4.00-5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති මහඔය අනුරුද්ධ හිමි, 5.00-6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති නාවලපිටියේ සරණජෝති හිමි,

සීල සමාදානයෙහි පිහිටා සිටින සියලු දෙනාට ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථය පිරිනැමේ.


කුරුණෑගල දඹුල්ල පාර ශ්‍රී සාරානාත් විහාරය

පෝදා පෙරවරු 6.30-7.45 සීල සමාදානය , කිරි ආහාර පූජාව, තෙරුවන් වන්දනාව – විහාරාධිපති උප්පලවත්තේ විමලානන්ද හිමි, 8.15-10.15 භාවනාව මෙහෙයවීම – විශ්‍රාමික නිමල් රාජපක්ෂ මහතා 11.00 දවල් සම්බුද්ධ පුජාව බැමිණිගල්ලේ සාන්ත හිමි, සීල ආවර්ජන, තෙරුවන් වන්දනාව, තුන් සූත්‍ර දේශනාව – සිල් පිරිස පස්වරු 2.00 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම – විශ්‍රාමික අධ්‍යාපන නිලධාරි චරිත වික්‍රමසිංහ මහතා 4.00 විශේෂ ධර්මානුශාසනාව 6.00 අධිෂ්ඨාන පහන් පූජාව සහ ආශිර්වාද බෝධි පුජාව මෙහෙයවීම – උප්පලවත්තේ විමලානන්ද හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය මැදින් පුර පොහොය නිමිති කරගෙන දවස පුරා පැවැත්වීමට ශ්‍රී ගෝතමී විහාරාධිපති තෙල් වත්තේ නාගිත හිමියන් සහ දායක දායිකාවන් විසින් සංවිධානය කර ඇත.එදින වැඩපිළිවෙල පෙරවරු 6.30 – උපෝසථ ශීලයෙහි පිහිටුවීම සම්බුද්ධ පූජාව හා අනුශාසනාව, ශාස්ත්‍රපති තෙල්වත්තේ නන්දතිස්ස හිමි, 8.15 භාවනාව මෙහෙයවීම, කම්මඨානාචාර්යය ජදුරේ සුනීත හිමි, 9.45 බුදුසරණ පුවත්පත බෙදාදීම හසිත දියබලනගේ සහ තිලංක දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව කො/ද/ ආනන්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාවණාගොඩ ඤාණ රතන හිමි, 11.00 සම්බුද්ධ පූජාව ශාස්ත්‍රපති ගතාරේ පඤ්ඤාසාර හිමි, පස්වරු 1.30 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති මුරුතවෙල සීවලී හිමි, 3.00 ධර්ම දේශනාව පණ්ඩිත ඇතුන්ගම ධම්මජීව හිමි, 4.30 ධර්ම දේශනාව සහ අටවිසි බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වෙරලුගොල්ලේ උදය නන්ද හිමි, 6.00 සීල පවාරණය

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]