UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය

අපේ‍්‍රල් මස 01,02 හා 03 යන දිනයන්හිදී අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍රකර ගනිමින් මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා” පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබද ශී‍්‍ර සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේද” දරණාගම කුසලධම්ම නාහිමියන් වහන්සේ දැක්වූ අදහස් මෙසේය.

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා නමින් පුණ්‍ය මහෝත්සවයක් පවත්වනු ලබන්නේ කුමක් අරමුණු කරගෙනද?

පූජණීය අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍රකර ගනිමින් පවත්වනු ලබන පුණ්‍ය මහෝත්සවය තමයි “මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා” කියල කියන්නේ. අප සැදැහැ සිතින් මේ පුණ්‍ය මහෝත්සවය පවත්වනු ලබන්නේ රට දැය සසුන රැක දුන් වීරෝදාර දුටුගැමුණුූ මහ රජතුමන් ප්‍රධාන සිංහල රජ දරුවන්ට, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන් ප්‍රධාන හෙළ විරුවන්ට, රට වෙනුවෙන් දිවි පිදු අභීත රණවිරුවන්ට සහ මීට වසර එකහමාරකට පමණ පෙර අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධ රක්ඛිත මහානායක ස්වාමීන් වහන්සේට සහ පසුගිය මාර්තු 9 වනදා අපවත් වී වදාළ අති පූජ්‍ය ගලගම ධම්මසිද්ධී ශ්‍රී ධම්මානන්ද අත්ථ දස්්‍යාභිධාන මහානායක හිමිපාණන්ට පින් පැමණවීමේ අරමුණිනි.

එහිදී පුණ්‍ය මහෝත්සවය පැවැත්වෙන්නේ කිනම් ආකාරයෙන්ද?

මහ බෝ මහ සෑ අටමස්ථාන වන්දනා පුණ්‍ය මහෝත්සවය යටතේ පින්කම් රාශියක් පැවැත්වෙනවා. එහිදී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට අගනා රන් පළදනාවක් පළඳවා අටපිරිකර පන්දහසක් පූජා කිරීම සිදු කරනවා. සමන් මල්, රෝස මල්, කිරි ආහාර , බෙහෙත් ඖෂධ ආදී අපමණ පූජාවන් පැවැත්වීම සිදුකරනු ලබනවා.

එමෙන්ම දුටුගැමුණු මහ රජතුමන් කර වූ උතුම් ස්වර්ණමාලි චෛත්‍යය රාජයාණන් වහන්සේට කප්රුක් සතක් පළඳවා අටපිරිකර පන්දහසක් පූජා කිරීම, සුවඳ දුම් පූජා, බෙහෙත් ඖෂධ ගිලන්පස පූජා පැවැත්වීම, මල්කෝටියක් පූජා කිරීම, ශබ්ද පූජා හා රාත්‍රි පහන් වන තුරු ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් පැවැත්වීම සිදු කරනවා. ථූපාරාම චෛත්‍ය මලින් වැසීම, අටපිරිකර දහසක් පූජා කිරීම ආලෝක පුජා, ගිලන්පස පූජා, මල් පූජා, ශබ්ද පුජා පැවැත්වීම අභයගිරි චෛත්‍යය ජේතවනාරාම ය චෛත්‍යය රාජයානන් වහන්සේට, මිරිසවැටිය චෛත්‍යය රාජයාණන් වහන්සේට, ලංකාරාම චෛත්‍යෙය රාජයාණන් වහන්සේට,අටපිරිකර දහස බැගින් පුජා කොට, මල් පහන් සුවඳ දුම් පූජා කිරීම, මෙම සියලු චෛත්‍යයාරාජයාණන් වහන්සේලාට අසූහාර දහසක පිත්තල පහන් පුජාවක්ද සිදු කරනු ලබනවා. ස්වාමින් වහන්සේ දහස් නමකට දවල් මහා සාංඝික දානයක්ද අප පිළිගන්වනු ලබනවා. එමෙන්ම මෙම ප්‍රදේශයේ දිළිදු පවුල් දහසකට සහල්, සීනි, කිරිපිටි ද්‍රව්‍ය ඇතුළු වියළි ආහාර පාර්සල් පිරිනැමීම, ආර්ථික අපහසුතා ඇති පාසල් සිසුන් දහසකට අභ්‍යාස පොත්පත් හා පාසල් උපකරණ බෙදාදීම සිදු කරනු ලබනවා. මෙම පින්කම් මාලාව යටතේම අටමස්ථානයම ආවරණය වන පරිදි ගුවනින් මල් ඉසීමත් අපේ‍්‍රල් දෙවනදා උදෑසන ලක්ෂ සංඛ්‍යාත උපාසක උපාසිකාවන් සිල් සමාදන් කරවීමත්, රුවන්වැලි , ථූපරාමය, අභයගිරි, ජේතවනාරාම, මිරිසවැටිය, ලංකාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේට, ව්‍යංජන 1008 ක හා මහා බුද්ධ පූජාවක් පැවැත්වීම සිදුකරනු ලබනවා. එයට අමතරව ලෝවාමහා ප්‍රාසාදයේ සිට විශේෂ ධර්ම දේශණාවක් පැවැත්වීම, අපේ‍්‍රල් මස 03 වන දින ජය ශී‍්‍ර මහා බෝධිය අසල මහා පින්කමක් සහ එදිනම සවස ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස විශේෂ පූජාවන් රාත්‍රී පහන් වන තුරු ධර්ම දේශනා භාවනා වැඩසටහන් හා ධර්ම සාකච්ඡා පැවැත්වීමද සිදු කරනු ලබනවා. ඒ ආකාරයට අටමස්ථානයම මුල් කරගනිමින් පින්කම් රැසක් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ‘මහ බෝ මහ ස’ අටමස්ථාන වන්දනා “ පුණ්‍ය මහෝත්සවය සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්රීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපුජනීය දවුල්දෙන ඤාණිස්සර මහා නා හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ, මල් වතු පාර්ශ්වයේ අනුනායක අග්ග මහා පණ්ඩිත ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන්ගේ වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ග මහා පණ්ඩිත දිඹුල් කුඹූරේ විමලධම්ම අනුනාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික මුතියංගන රාජ මහා විහාරාධිති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජනීය වරකාගොඩ ඤාණරතන අනුනාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික පොළොන්නරු සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජනීය වේඬරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික අතිපූජනීය මහානාහිමිපාණන් වහන්සේ, අනුනාහිමිපාණන් වහන්සේලා වරම් ප්‍රමුඛ ආරණ්‍යවාසි සහ ග්‍රාමවාසී ගරුතර මහා සඟරුවන වැඩම වීමට නියමිතයි.

පින් කැමැති හැමදෙනාටම ආරාධනය කරනවා මෙම උතුම් පුණ්‍ය මහෝත්සවයට සහභාගි වීමට අපේ‍්‍රල් එක, දෙක, තුන යන දිනයන්හි අනුරාධපුර අටමස්ථාන පින් බිමට පැමිණෙන්න කියලා

 

 මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 22 වනදා අඟහරුවාදා අපරභාග 3.12 ට ලබයි. 23 වනදා බදාදා අපරභාග 5.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 22 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 31 වනදා බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]