UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා බ්‍රිතාන්‍යයේ අභිනව ප්‍රධාන සංඝනායක බෝගොඩ සිරි සීලවිමල නා හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණු අවස්ථාව. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, අලුත්ගම ධම්මානන්ද නා හිමි, පල්ලත්තර සුමනජෝති යන නාහිමිවරුද එම අවස්ථාවට සහභාගි වූහ.
සීලවිමල නාහිමියන් වෙත ඉකුත්දා (2) මහනුවර මල්වතු මහා විහාරය මගින් බ්‍රිතාන්‍යයේ සංඝනායක පදවිය පිරිනමන ලදී.උන්වහන්සේ 1965 දී පොල්ගහවෙල පලාගල විහාරයේදී පැවිදි බිමට පත් වූ අතර 1972 මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී අධිසිල් ලැබූහ. හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙනින් මූලික අධ්‍යාපනයද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධිද ලැබූහ.ධර්මරාජ විද්‍යාලය සහ හිදගල මහා විද්‍යාලයේද ධර්මාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ උන්වහන්සේ 1992 ලන්ඩන් නුවර තේමිස් විහාරයට වැඩම කළහ.

සේයාරුව - සුදත් සිල්වා
සටහන - කීරවැල්ලේ මොහාන් වික්‍රමසිංහ

ඉන්දු - ශ්‍රී ලංකා සංස්කෘතික වැඩ සටහනක් බුද්ධගයාවේදී 19 - 20 දිනවල

දහම් නැණ පුබුදුව පදනම සහ ඉන්දියානු මහා බෝධි සමාගම එක්ව ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහනක් මෙම 19 - 20 දිනවලදී ඉන්දියාවේ බුද්ධගයා භූමියේදී පැවැත්වේ. එම ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික වැඩසටහන දහම් නැණ පුබුදුව පදනම මගින් සංවිධානය කර ඇත.

ඉතිරිය»

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]