UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

අලව්ව නුගවෙල පුරාණ විහාරාධිපති ශ්‍රී සෝනුත්තර පරිවෙනාධ්‍යක්‍ෂ පණ්ඩිත පින්නගොඩකන්දේ විපස්සි හිමි, මකුල්වැවේ විමලජෝති හිමි, කෝන්වැවේ සිරිසුමන හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය මහනුවර අස්ගිරිය මහා විහාර පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලද පින්නගොඩකන්දේ පියදස්සි සාමණේරයන් වහන්සේ මෙම 24 වැනිදා අස්ගිරිය මහා විහාරිය මංගල උපෝසථාගාරයේදී අධිසිල් ලබති. උන්වහන්සේ කෑගල්ල පින්නගොඩකන්ද වෙද ආරච්චිල්ලාගේ මෛත්‍රීපාල සහ මොහොට්ටාලලාගේ බිසෝ මැණිකේ යන දම්පතීන් ගේ පුත්‍ර රත්නය වේ.

------------------------------------------------------------------------

පොල්ගහවෙල පනලීය ගෝඨාභය රාජමහා විහාරය හෙට්ටිමුල්ලේ කවුඩුගම රජමහා විහාරය යන උභය විහාරාධිපති ඇවුණුගල්ලේ සෝභිතා භිධාන ලොකුහාමුදුරුවන් වහන්සේ ගේ සහ නිල්වක්කේ ධම්මජෝති හිමි ගුන්නෑපානේ සෝමරතන හිමි යන හිමිවරුන් ගේ ශිෂ්‍ය දැනට පොල්ගහවෙල වෙහෙරපිටිය කු/ විද්‍යාර්ථෝදය මහ පිරිවෙන්හි ශාස්ත්‍රොත් ග්‍රහණයෙහි නියුතු අඩම්පනේ ධම්මානන්ද සාමණේරයන් වහන්සේ මැයි 25 වන ඉරුදින මහනුවර මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිසිල් ලබති.

නවක උපසම්පදා ලාභී පොඩිහාමුදුරුවන් වහන්සේ සිය විහාරස්ථානයට වැඩම කරවීම හා පිළිගැනීමේ උත්සව සභාව මැයි 26 වන දින ප.ව. 3.00 ට සිය විහාරස්ථානයේදි සිදු කැරේ.

එම උත්සව සභාවේ මූලාසනය හොබවනු ලබන්නේ දෙල්දෙණියේ රතනසාර නා හිමියන් විසිනි.

උන් වහන්සේගේ මංගල ධර්ම දේශනය ජුනි 18 වෙනි පොසොන් පුන් පොහෝ දින රාත්‍රී 7. 30 ට පැවැත්වේ.

අඩම්පනේ ධම්මානන්ද හිමියෝ ත්‍රිකුණාමල කට්ටකුලම් පත්තුවේ ගෝමරන්කඩවල අඩම්පනේ පදිංචි හේරත් මුදියන්සේලාගේ තිලකරත්න සහ පියදාසගේ විපුලාවතී යන දම්පතීන්ගේ පුත්‍ර රත්නය වෙති.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]