UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අරන්තලාවේ හිමිවරු සමරුවට පින්කම්

අරන්තලා භික්‍ෂු ඝාතනයට වසර 21 ක් පිරීම නිමිත්තෙන් මැයි මස 1 වන දා ඇරැඹුණු ධර්ම දේශනා පින්කම් මාලාව හා ගුණ සමරු පුණ්‍ය මහෝත්සවය ජූනි මස 3 වනදා දක්වා මහාවාපි මහා විහාරාධිපති ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ දී පැවැත් වේ.

ඒ අනුව මෙම 19 වැනි දා සිට 31 වැනි දා දක්වා පිළිවෙලින් දිනපතා දම්දෙසුම් පැවැත් වේ. 19 වැනි දා බුද්ධංගල ආනන්ද හිමි 20 දා ඇත්කඳුරේ සුමනසාර හිමි 21 වනදා ගිරාඹේ මංගල නාහිමි, 22 වන දා අලවතුගොඩ මේධාවි හිමි 23 වන දා බොරැල්ලේ අතුල නා හිමි, 24 වන දා මාකුඹුරේ සුමන හිමි, 25 වනදා පුවක්ගහවෙළ සද්ධාසාර හිමි, 26 වනදා කොටපොල අමරකිත්ති හිමි, 27 වන දා මුංහේනේ මෙත්තාරාම හිමි, 28 වන දා හෑගොඩ විපස්සි හිමි, 29 වනදා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, 30 වන දා වලල්ලාවිට විමලඤාණ හිමි, 31 වනදා බණ්ඩාරවෙල අමිතානන්ද හිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති. 30 වන දා ඇස් කණ්ණාඩි බෙදාදීමද ජූනි 1 වන දා පස්වරු 3 ට ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය වීවෘත කිරීම හා රාත්‍රී 9 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත් වේ. ජූනි 2 වන දා දවල් ශතාධික සංඝගත දක්‍ෂිණාව පැවැත් වේ. අනතුරුව සවස 5 ට පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් විසින් සිදු කරනු ලැබේ.

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]