යුරෝපයට බෞද්ධ විශ්ව විද්‍යාලයක්!
			
			 
			බෞද්ධ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුරෝපයේ ප්‍රථම බෞද්ධ 
			විශ්වවිද්‍යාලය ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නගරයේ ස්ථාපිත කර තිබේ. 
			පර්මනියේ යොහානස් ගුටන්බර්ග් සර්සවියේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමි 
			හා පත්හුයි (බුද්ධ ප්‍රඥා) ආයතනයේ අධ්යක්ෂ නිච් තිං සොං යන 
			හිමිවරුන්ගේ අදහසකට අනුව ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය යුරෝපා 
			බුද්ධායන සරසවිය නමින් නම් කොට ඇත. 
								ඉතිරිය» ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම
								
			 
			මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කඨින චීවර පූජා පින්කම ඔක්තෝම්බර් මස 26, 
			27 දිනවලදී පැවැත්වේ.
			මෙවර පින්කමේ දායකත්වය දරනු ලබන්නේ පින්කමේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන 
			මහනුවර කටුකැලේ ලේඩ්බ්ලේක් උපාසිකාරාමාධිපතිනි කොත්මලේ සුදර්මා සිල් 
			මෑණියන්ගේ අනුශාසනා පරිදි ලක්වාසි බෞද්ධ ජනතාව සමග කොළඹ එදිරිසිංහ 
			පවුලේ පිරිසයි. 
								ඉතිරිය»
								
								 ධර්ම දේශනාව: 
								
			වැසි සමයෙන් ඇරැඹුණු
			මහ පිනැ’ති පින්කම
						
			 
			 
			 
			“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං අත්ථත 
			කඨිනානං වෝ භික්ඛවේ භික්ඛවේ පංච කප්පිස්සන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ 
			ගණ භෝජනං යාචදත්ථ චීවරං, යෝ ච තත්ථ චිවරුප්පාදෝ සෝ නේසං භවිස්සති, 
			අත්ථක කඨිනානං වො භික්ඛවෙ ඉමානි පංච කප්පිස්සන්ති” 
  
			විනය පිටකයට අයත්, මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධකයෙහි එන මෙම පාඨය මාතෘකාව 
			වශයෙන් යොදා ගත්තේ, ඒ සම්බන්ධයෙන් කථා කරන්නට සුදුසු ම කාලය එළැඹ ඇති 
			බැවිනි. බුද දහමත්, බෞද්ධ විනයත්, බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසයත් 
			එකට කැටිවුණු ඉතා වැදගත් සංසිද්ධියක් වන කඨින මහා පුණ්‍ය කර්මය 
			පැවැත්වෙන්නේ මේ කාල සීමාව තුළ දී වීම ඊට හේතුවයි. භික්ෂූන් වහන්සේට 
			වස් සමාදන්වීම ගැනත්, වස් කාලය නිසියාකාර නිම කිරීමෙන් පසු කඨිනයක් ලබා 
			ගැනීම ගැනත් කඨිනය ලබන භික්ෂුවට ශාසනික පක්ෂයෙන් ලැබෙන වරප්‍රසාදත් 
			සඳහන් වන මෙම පාඨය, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ක්‍රි. පූ, 6 
			වන ශත වර්ෂය දක්වා වසර 2550 ක දීර්ඝ ඉතිහාසයක් වෙත අපගේ අවධානය යොමු 
			කරවන්නක් ලෙස හඳුන්වා දිය හැකි ය. 
						ඉතිරිය» බුදු සිවුරේ 
			වංශ කථාව
			
						 
			 
			 
			 
			 
			බුද්ධකාලීනව පැවිදි වූ භික්ෂූන් වහන්සේගේ මූලික අපේක්ෂා සතරක් පැවති 
			බව, විනය පිටක මහාවග්ග පාලි මහා ඛන්ධකයේ දැක්වේ.’සතර නිස’ නාමයෙන් 
			හැඳින්වෙන එම මූලික අපේක්ෂා සතර මෙසේ ය. 1.
			පිණ්ඩියාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා, 2.
			පංසුකූල වීවරං නිස්සාය පබ්බජ්ජා, 3. රුක්ඛමූල සේනාසනං නිස්සාය පබ්බජ්ජ, 
			4.
			පූතිමුත්ත භේසජ්ජං තිස්සාය පබ්බජ්ජා මෙම මූලික අපේක්ෂා හතරින් අපගේ 
			අවධානය යොමුවනුයේ ‘පංසුකූල වීවරං’ යන්නටයි. පාංශුකූලික සිවුර පෙරවීම 
			මුල්කාලීන භික්ෂූන් වහන්සේලා විසින් සිදුකරන ලදී. 
						 
						ඉතිරිය» 
						   |