UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය


අම්පිටියේ මංගල අනුනාහිමියන්


මහරගම පදුම
හිමියන්


බුද්ධ ප්‍රතිමාව


යෝගාශ්‍රමයේ දසුනක්

මහරගම සිට ඇඹුල්දෙනිය හරහා නුගේගොඩ යන බස්පාරේ නාවින්නේ ජයගත්පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය සිය දහසක් උවසු උවැසියන් ගේ ගෞරවයට පාත්‍රවූ උතුම් පින්බිමකි.

මේ යෝගාශ්‍රමය බිහිවූයේ 1988 වස්සාන සමයේ ඉංගිරිය මඩකඩ ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ප්‍රථම ශාඛාව වශයෙනි යෝගාවචර භික්‍ෂූන් වහන්සේලා ගිලන් වූ විට ප්‍රතිකාර ගැනීමට අගනුවර රෝහලකට වැඩම කිරීමේ දී නතරවී දින කීපයක් ගත කිරීම සඳහා පර්චස් 36 ක ඉඩමේ කුඩා කුටි දෙකක් ඉදිකළ පී.ඒ.ඊ.පී. ජයතුංග විජේදාස මැතිනිය එය මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලී වන වාස සංඝ සභාවේ අනුනායක අම්පිටියේ මංගල නා හිමියන් ප්‍රමුඛ මහ සඟරුවනට පූජා කළා ය.


රමණීය ධාතු මන්දිරය

මුල් සමයේ පූජ්‍ය ආටිගල බුද්ධසාර හිමියෝ මේ ස්ථානය භාරව සිටියහ. 2000 දී මේ ස්ථානය භාරව මහරගම පදුම හිමියෝ වැඩම කළහ. 1994 පැවිදි බිමට සැපත් වූ පදුම හිමියෝ අති පූජ්‍ය අම්පිටියේ මංගල හිමියන්ගේ ශිෂ්‍යයෙකි. පැවිදි ජීවිතයට අවශ්‍ය ශික්‍ෂණය, ධර්ම අධ්‍යාපනය, මඩකඩ ආරණ්‍ය සේනාසනයේ දී මනාසේ ලැබූ මේ හිමියන් උතුම් දාන පාරමිතාව පුරමින් තම වකුගඩුවක් පවා පූජා කර තිබේ. උන්වහන්සේගේ පැමිණීමෙන් පසු ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය විශාල දියුණුවකට පත් විය.

ධර්මාවබෝධය පිණිස යෝගාශ්‍රමයට එන පිරිස වැඩිවිය. 2000 වන විට තිබුණු කුටි දෙකත් සහ අඩක් නිම කළ ධර්ම ශාලාවත් මේ හිමියන් පැමිණීමෙන් පසු අංග සම්පූර්ණ විය. පහළ ධර්ම ශාලාව සහ විහාරය ඉහළ යෝගාවචර භික්‍ෂූන් සඳහා කැරුණු කුටි පෙළකි. දාන ශාලාව ධාතු මන්දිරය, බෝධිය ඉදි විය පැරැණි කුටි දෙක වෙනුවට අලුත් ආවාසයක් කැරින. ඉඩම ඉඩ මදවිය. සැදැහැවත්තු නුදුරු ඉඩමෙන් කොටසක් ලබා දුන්හ. දැන් එහි ශෝභමාන උපෝෂථාගාරයක් ඉදි වී තිබේ.

මේ සියලු කටයුතු සඳහා ජයතුංග විජේදාස මැතිනියගේ පුත් නිමල් විජේදාස මහතාත් වජිරා මහත්මියත් අති විශාල ධනයක් පරිත්‍යාග කළහ.

නව උපෝෂථාගාරය මෙන්ව ආවාස කුටි සඳහා වැය වූයේ විජේදාස මහතාගේ සහ වජිරා මහත්මියගේ ධනයයි.අගනා රන් වැටක්, ප්‍රාකාරයක් සහිත බෝධිය සඳහා ලීලාවතී උපාසිකා මාතාව විශාල මුදලක් වැය කළා ය.

ජයතුංග යෝගාශ්‍රමයේ කාර්ය සාධක සමිතිය මේ සියලු කටයුතු සංවිධානය කරයි. ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට විශාල මෙහෙයක් ඉටු වන තැනක් වශයෙන් මේ පින්බිම සඳහන් කළ හැකි ය.


රන්වැට සහිත බෝධීන් වහන්සේ


උපෝෂථාගාරය

(බුදුසරණ: 19.10.2007)

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]