UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුරෝපයට බෞද්ධ විශ්ව විද්‍යාලයක්!

බෞද්ධ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් යුරෝපයේ ප්‍රථම බෞද්ධ විශ්වවිද්‍යාලය ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට් නගරයේ ස්ථාපිත කර තිබේ. පර්මනියේ යොහානස් ගුටන්බර්ග් සර්සවියේ කථිකාචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමි හා පත්හුයි (බුද්ධ ප්‍රඥා) ආයතනයේ අධ්‍යක්‍ෂ නිච් තිං සොං යන හිමිවරුන්ගේ අදහසකට අනුව ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලය යුරෝපා බුද්ධායන සරසවිය නමින් නම් කොට ඇත.

ප්‍රථමයෙන්ම මෙහි පාඨමාලාවන් සඳහා ආසියාවේ අනෙකුත් බෞද්ධ විශ්වවිද්‍යාල හා ඒකාබද්ධව සිසුන් සූදානම් කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සිය අනුමැතිය මේ වන විටත් ලබා දී ඇති හෙයින් එහි බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව මෙම නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා අභ්‍යන්තර පාඨමාලාවක් වෙනුවෙන් සතියකට දින 3 ක් දේශනා පැවැත්වෙන අතර මාසිකව සති අන්ත සම්මන්ත්‍රණ සංවිධානය කොට ඇත. බාහිර සිසුන් සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ හා සති අන්ත සම්මන්ත්‍රණ මඟින් පාඨමාලාවන් ආවරණය කිරීමට කටයුතු කෙරේ.

කාර්තුවකට මාස 4 ක් බැඟින් කාර්තු දෙකක දී සිය අධ්‍යයන කටයුතු නිම කරන සිසුන් සඳහා 2008 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පවත්වන ‘බුද්ධ ධර්ම ඩිප්ලෝමා’ පරීක්‍ෂණයට ජර්මනියේ දී පෙනී සිටිය හැකිය. මේ සඳහා 2007 දෙසැම්බර් 15 දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

අයදුම්පත් මෙම ලිපිනයට යොමු කළ යුතු ය.

 Europe Buddhist University Pagode Phat Hue Hanauer Land Str 443 60314 Frankfurt
GERMANY.


ජර්මනියේ සරසවි කිහිපයකම ඉන්දියානු දර්ශන විෂය යටතේ පැවැත්වෙන බුද්ධ ධර්මය පිළිබඳ අධ්‍යයනය ඉතා සීමිත විෂය පථයකට සීමා වූවකි. බර්ලින් ප්‍රාන්තය 2003 වර්ෂයේ බුද්ධ ධර්මය පාසල් විෂයක් ලෙස අනුමත කරනු ලැබූවද බුද්ධ ධර්මය විෂයක් ලෙස ඉගැන්වීම සඳහා සුදුසුකම් ලත් පිරිසක් නොමැතිවීම අදටද මුහුණ දී සිටින බලවත් ගැටලුවකි. මෙකී අඩුපාඩු සපුරාලමින් යුරෝපය පුරා වෙසෙන බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාටම බෞද්ධ දර්ශනයේ සියලු සම්ප්‍රදායන් පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීමට මෙන්ම එකී දැනුමට සරිලන වටිනාකමක් ලබා දීමටත් හැකි වෙතැයි මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන රත්මලේ පුඤ්ඤරතන හිමියෝ විශ්වාසය පළකරති.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]