අංගුලිමාල සෑ රදුන් වහන්සේ

ඇසළ අමාවක

අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ.
06 බදාද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික වූ තථාගත සෙය්‍යාව

 

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සෑම ක්‍රියාවක් ම ධර්මයෙන් පිරිපුන් වූ අතර, උන් වහන්සේගේ ගමන්බිමන්, කථාබහ, ආහාර ගැනීම මෙන්ම විවේක ගැනීම පවා සාමාන්‍ය මනුෂ්‍යයකුගේ ක්‍රියාවන් මෙන් නොවීය. ඒ අතර විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ‘තථාගත සෙය්‍යාව‘ යන්නයි. එනම් බුදු හිමියන් සැතපෙන ආකාරයයි. මෙය බුදුරජාණන් වහන්සේට පමණක් ආවේණික වූ, උතුම් ආධ්‍යාත්මික තත්ත්වයක් ප්‍රකාශ කරන සෙය්‍යාවකි. බුදුරජාණන් වහන්සේ දෛනික ව රාත්‍රී කාලයේ පශ්චිම යාමයේ (අලුයම) පැය 2කට ආසන්න කාලයක් සිංහ සෙය්‍යාවෙන් (දකුණු පැත්තට හැරී) සැතපෙන සේක. එය මෙසේ ධර්මයේ සඳහන් වී ඇත. “දෙවැනි භාගයේ ගඳකිළියට පිවිස සිහි නුවණින් යුක්ත ව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන සේක.” ඇතැම් විට උන් වහන්සේ දිවා ආහාරයෙන් පසු ද නිසසල වෘක්ෂ මූලයක් යට මෙසේ සැතපී විවේක ගත් බව පෙළ දහමේ සඳහන් ව ඇත. අංගුත්තර නිකායේ සෙය්‍යාචතුක්ක සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් නිදන ඉරියව් (සයනය කිරීමේ ක්‍රම) සතරක් පිළිබඳ දේශනා කර ඇත. සෙය්‍යාව යනු සැතපීම, නිදා ගැනීම, හෝ විවේක ගැනීම සඳහා ගන්නා ඉරියව්ව යන අර්ථය දරයි. බුදුදහමේ දී ‘සෙය්‍යාව‘ යනු ශරීරය තබා ගන්නා ඉරියව්වක් පමණක් නොව, සැතපෙන අවස්ථාවේ සිතේ ස්වභාවය සහ ආධ්‍යාත්මික මට්ටම ද නිරූපණය කරන සංකල්පයකි. එබැවින් සෙය්‍යාචතුක්ක සූත්‍රයේ සෙය්‍යා හතරක් දේශනා කරන්නේ ශාරීරික ඉරියව්ව පමණක් නොව, එයට අදාළ මානසික තත්ත්වය ද සැලකිල්ලට ගනිමිනි.

 


භාවනාවේ දී මතුවන බාධා දෙස සන්සුන් සිතින් බලන්න

අප අවට ලෝකය මෙන් ම අපගේ මනෝ ලෝකයත් ඉච්ඡා භංගත්වයෙන්, අසහනයෙන් හා පරස්පර විරෝධි බලවේගවලින් පිරී පවතී. ඒවායෙන් ජය ලැබීමට හෝ ඒවාට එදිරිව සටන් කිරීමට තරම් හෝ ශක්තියක් අපට නැති බව අපි අත්දැකීමෙන් ම දනිමු. අප කැමති සියල්ල කැමති පරිදි ලබා ගැනීමට මේ ලෝකයේ දී නොහැක්කේ ය. මනෝ ලෝකයේ දී පවා ආශා, හැඟීම් හා හිතුවක්කාර සිතිවිලි සාධාරණත්වය ද, වගකීම් ද, බුද්ධිමය අපේක්ෂා ද යටපත් කරගෙන නැඟී සිටියි. අමනාප අවස්ථාවලට එරෙහි වීමෙන් ඒවා තව තවත් අප්‍රසන්න තත්ත්වයට පෙරළෙන බව ද අපි දනිමු. කාමාශාව මැඬ පැවැත්වීමට දැඩි චිත්ත ශක්තියක් යෙදුවොත් කාමාශා තව තවත් වැඩි වන අයුරු අපි දන්නෙමු. මත භේද, රණ්ඩුවල දී කෝප සහගත ව කටයුතු කිරීමෙන් තව තවත් ඒවා තර වන්නේ ආහාර ලැබුණු කලෙක මෙනි. අනෙකාගේ එදිරිවාදිකම් මැඬලීමට කරන ප්‍රයත්න හරහා එදිරිවාදිකම් උග්‍ර වන්නේ ය. කටයුත්තක යෙදී සිටින විටෙක හෝ් විවේකී ව සිටින විටෙක හෝ නැත්නම් භාවනා කරන විටෙක මතු වන බාධාවක දී යමකු නුරුස්නාසුලු ව ප්‍රතික්‍රියා කළොත් හෝ මැඬලීමට යත්න දැරුවොත් හෝ එම බාධාව දිගින් දිගට ඇදී යනවාක් මෙන්ම එන්න එන්න ම උග්‍රවීම ද වැළැක්විය නොහැකි ය.

දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා කෞතුක වස්තු වූ ඇත්තු

“කෞතුකාගාරය” යන නාමය ඇසූ සැණින් බොහෝ දෙනෙකුට එකවර සිහියට නැඟෙන්නේ පැරැණි නෂ්ඨාවශේෂවලින් පිරි ගොඩනැඟිල්ලකි. “කටුගේ” ලෙස ද ජනවහරේ ප්‍රචලිත මෙහි තැන්පත් කර ඇති සියලුම දෑ ඉතා ඈත අතීතයෙන් ශේෂ වූ නිර්මාණයෝ වෙති. මෙරට කෞතුකාගාරයන් හි ඉතිහාසය විමසා බලනවිට මෙරට බිහිවූ ප්‍රථම කෞතුකාගාරය ලෙස හඳුනාගත හැක්කේ 1877 වර්ෂයේ බිහිවූ කොළඹ ජාතික කෞතුකාගාරයයි. එතැන් පටන් මෙරට බිහිවී ඇති කෞතුකාගාර ප්‍රමාණය අති විශාල ය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල යන මුඛ්‍ය ආයතන මඟින් මෙන් ම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද, පෞද්ගලික වශයෙන් ද බිහි කරන ලද එම කෞතුකාගාරයන් හි ප්‍රදර්ශනය කරනු ලබන්නේ අතීත මුතුන් මිත්තන්ගෙන් නූතනයට දායාද වූ පුරාවිද්‍යා ගවේෂණ, කැණීම් මඟින් අනාවරණය කරගත් හා අහඹු ලෙස මතුවූ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් උරුමයන් ය. මෙසේ පැරැණි කෘති සඳහා වෙන් වූ කෞතුකාගාරය යන ගොඩනැඟිල්ල තුළ පැරැණි නොවූ දෑ ද ප්‍රදර්ශනය කරනු ලබන බව ප්‍රකාශ කළහොත් එය ඇතැමුන්ට කුතුහලය දනවනු ඇත. නමුත් එය සත්‍යයකි. කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ සධාතුක කරඬුව තම කර මතින් වැඩම කර දිවියෙන් සමුගත් දළදා මාලිගාවේ රාජා, හෙයියන්තුඩුවේ රාජා හා මිල්ලන්ගොඩ රාජා යන ඇත් රජුන් තිදෙනාගේ සිරුරු සංරක්ෂණය කර කෞතුකාගාර ත්‍රිත්වයක කෞතුක වස්තු ලෙස ප්‍රදර්ශනයට තබා තිබේ. ඒ එම ඇතුන් තිදෙනා මෙරට ජාතික උරුමයන් ලෙස හඳුනාගන්නා නිසාවෙනි.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]