ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් අව අටවක පෝ දා 2026 ජූනි 08 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සේයාරුව - සුදත් මලවීර
ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ. 08 සඳුදා සිල්
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
පසළොස්වක
ජුනි 29
මනස දියුණු කරලීමේ ප්‍රතිඵල වශයෙන් දාර්ශනිකයන් ලොව විවිධ කාලවල දී පහළ වී තිබේ. ඔවුන් විවිධ සංකල්ප පිළිබඳ නොයෙක් අදහස් සහ මතවාද ඉදිරිපත් කර තිබේ. මෙම දාර්ශනික සංකල්ප විමසා බැලීමේ දී ඒවා ප්‍රධාන වශයෙන් පෙරදිග සහ අපරදිග වශයෙන් කොටස් දෙකකට බෙදා බැලීමට ද, ආගමික සහ සාමාජීය වශයෙන් ද දැකීමට පුළුවන. සත්‍ය යන සංකල්පය පිළිබඳ පෙරපර දෙදිග ම දාර්ශනික චින්තාවට ලක් වූ වදනකි. මීට පෙර කලාපවල දී පෙන්වා දෙනු ලැබුවේ බුදු සමය තුළ සත්‍ය සංකල්පය විග්රහ කර ඇති ආකාරය පිළිබඳ විවරණයකි. මෙම ලිපිය තුළ දී බලාපොරොත්තු වනුයේ බටහිර සංකල්ප තුළ සත්‍ය සංකල්පය පිළිබඳ ඉදිරිපත් කර ඇති අදහස් සහ ඒ පිළිබඳ බෞද්ධ මතවාදය තුලනාත්මක ලෙස විමසා බැලීමකි. සත්‍යය යන සංකල්පය විග්රහ කිරීමේ දී බටහිර දර්ශනයට අනුව සංකල්ප තුනක් පෙන්වා දිය හැකි ය. එනම් අනුරූප්යතාවාදය, අනුසන්තානවාදය සහ උපයෝගිතාවාදය යනුවෙනි. බුද්ධ දේශනාව තුළ බොරුවෙන් වැළකීම පිළිබඳ විග්රහ කර ඇති ආකාරය බොහෝ සූත්‍ර දේශනා තුළ මෙසේ දැක්වේ. “සච්චවාදී සච්චසන්ධො ථෙතො - පච්චයිකො අවිසංවාදකො ලෝකස්ස” මෙම දේශනා පාඨයෙහි අර්ථය විග්රහ කර බැලීමේ දී පූර්වෝක්ත සංකල්ප තුනෙන් පෙන්වා දෙන අර්ථකථන ගැබ් වී ඇත. “සච්ච සන්ධො” යනු භාෂානුසාරයෙන් ප්‍රකාශ වන සෑම දෙයකට ම මූල, මැද, අග ගැළපීමක් තිබිය යුතු බවයි. පළමුවෙන් ප්‍රකාශ කළ දෙයට පටහැනි යමක් මැද දී හෝ අග දී හෝ ප්‍රකාශ විය නොහැකි ය. මුල, මැද, අග යන තුන් තැන දී ම සත්‍ය වචනය වෙනසක් නොවිය යුතු ය. බටහිර දර්ශනය තුළ “අනුසන්ධානවාදය” ලෙස පෙන්වා දෙන්නේ මෙයයි. බුද්ධ දේශනාව තුළ වචනයට හා භාෂාවට එපිටින් ගොස් අනුසන්ධානයේ තවත් ප්‍රමිතියක් ඉදිරිපත් කරනු ලැබේ. එනම් ප්‍රකාශය හා භාවිතය අතර පරස්පර විරෝධයක් නො තිබිය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ “යථාවාදී තථාකාරී - යථාකාරී තථාවාදී” යන ගුණයෙන් එය ප්‍රකට කර තිබීමෙන් පැහැදිලි වේ.
විස්මිත ප්‍රඥා කෞශල්‍යයෙන් මුළුමහත් ලෝකය ම අවබෝධ කළ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ කොට ගෙන ආර්ය ශ්‍රාවක බවට පත්වීමට ලැබීම මේ ජීවිතයේ අප ලද මහත් ම භාග්‍යය යි. ඒ සම්මා සම්බුදු රජාණන වහන්සේ සරණ යාම මේ ලොව ප්‍රඥාවන්තයන් විසින් පමණක් සිදු කරන්නකි. ඒ සරණ දුෂ්්ප්රාඥයන්ට හඳුනා ගැනීමට නො හැකි ය. එනිසා පිබිදෙන්නට සූදානමින් හිරු මඬල නැඟෙන තුරු බලා සිටින පියුමන් බඳු ප්‍රඥාවන්තයන්ට අප සම්බුදු රජාණෝ මහා හිරු මඬලක් බඳු ය. ඒ හිරු මඬලේ සරණ ලැබුවෝ ලොව නුවණැත්තෝ ම පමණි. එබඳු නුවණැත්තෝ මිනිසුන් අතර සිටිති. එමෙන් ම දෙවියන් අතර ද සිටිති. ඒ නුවණැති බොහෝ දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් තථාගතයාණෝ ලොව පහළ වී වදාළහ. දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝ සතුන් එක ම කටුවක සිර වී සිටින්නෝ ය. ඒ කටුව වූ කලී ‘අවිද්‍යාව‘ යි. තීක්ෂණ ප්‍රඥාව නම් වූ නිය සිළෙන් අවිද්‍යා කටුව සිඳගෙන විද්‍යාව පහළ කර ගත්තේ අපගේ පරමෝත්තම ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. ඒ මහෝත්තමයාණෝ අවිද්‍යා කටුව සිඳලූ නිසාවෙන්, ඒ කටුව ගැනත් මනාව දන්නා සේක. ඒ කටුව සිඳිනා අයුරුත් මනාව දන්නා සේක. කටුව සිඳලූ පසු උදාවන ආලෝකය ගැනත් දන්නා සේක. ඒ පුළුල් අවබෝධය සහිත ව අපගේ සම්බුදු රදුන් වහන්සේ අන්ත අසරණ ව සසර ගමනක පැටළුණු ලෝ සතුන්ට උතුම් පිළිසරණ දායාද කළ සේක. ඒ පිළිසරණ නම් උතුම් බුද්ධ රත්නයේ සරණ ය. අමෘතයක් බඳු වූ ධර්ම රත්නයේ සරණ ය. අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝ රත්නයේ සරණ ය. සියලු දුක් නැසීමටත්, ක්ෂේම වූ නිවන අත්දැකීමටත්, උතුම් ම සරණ වූ තෙරුවන් සරණේ පිහිටීමටත් පරිපූර්ණ මඟ පෙන්වීම කරන හෙයින් අප බුදුරජාණන් වහන්සේ සත්ථා හෙවත් ශාස්තෘ වන සේක. ඒ මඟ පෙන්වීම නුවණැති දෙවියන්ටත්, නුවණැති මිනිසුන්ටත් ජීවිතාවබෝධය කිරීමට හේතු වන නිසා, උන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ නොහොත් සත්ථා දේවමනුස්සානං වන සේක.
මුගලන් මහරහතන් වහන්සේ දිනක් “ගිජ්ඣකූට” පර්වතයෙන් බැස වඩින විට, අහසේ පා වෙමින් අතිශය දුක් විඳීන භයානක ප්‍රේතයකු දැක, පසුව ඒ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කරුණු විමසා සිටියහ. එහිදී බුදුරජාණන් වහන්සේ මෙම ප්‍රේතයාගේ අතීත කතාව දේශනා කළ සේක. පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ අධිකරණයේ නඩු විසඳීමට එක්තරා ඇමතිවරයකු පත් කර සිටියේ ය. මෙම ඇමතිවරයා තමන්ට ලැබුණු රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කළේ ය. දෙපාර්ශ්වයෙන් ම හොර රහසේ අල්ලස් සහ විවිධ තෑගිබෝග ලබා ගැනීමට පුරුදු විය. ඔහු අල්ලස් දෙන ධනවත් වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කළ අතර, අල්ලස් දීමට වත්කමක් නැති අහිංසක දුප්පත් මිනිසුන් වැරැදිකරුවන් කරමින් ඔවුන්ගේ දේපළ රාජසන්තක කළේ ය. මේ අයුරින් මහජනතාව හඬවමින්, වංචාවෙන් මඩි තර කරගත් ඔහු කිසිදු පිනක් දහමක් නොකර කලුරිය කළේ ය. මරණින් මතු ලැබූ බිහිසුණු විපාකය වූයේ තමන් කළ ඒ මහා සාපරාධී අකුසල කර්මය හේතුවෙන් අතිශය පිළිකුල් සහගත, බියකරු පෙනුමකින් යුත් ප්‍රේතයකු ව උපත ලැබීම යි. මෙම ප්‍රේතයාට තිබූ ලොකු ම දුක්ඛිත විපාකය වූයේ දැඩි බඩගින්න යි. නමුත් ඔහුට කෑමට කිසිදු ආහාරයක් ලැබුණේ නැත. අවසානයේ ඔහු කරන්නේ කුමක් ද? තමන්ගේ ම තියුණු නියවලින් තමාගේ ම ශරීරයේ මස් හූරාගෙන, ලේ වැගිරෙමින් තිබිය දී ම අනුභව කිරීම යි. ඔහු තමන්ගේ ම මස් කන සෑම වාරයක් පාසා ම මුළු ශරීරය ම මහා ගින්නකින් දැවී යන්නට විය. මහා මුගලන් රහතන් වහන්සේ මෙම ප්‍රේතයාගෙන් “නුඹ තමන්ගේ ම මස් හූරා කන්නට තරම් සිදු කර ගත් අකුසලය කුමක් ද?” කියා විමසූ විට, ප්‍රේතයා තමා මිනිස් ලොව සිටිය දී අල්ලස් ගනිමින්, අනුන්ගේ ධනය වංචා කරමින් කළ දූෂිත ක්‍රියා සියල්ල ප්‍රකාශ කළේ ය.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට ක්ෂීරපායාස පූජාවක්...
තණමල්විල පිණ්ඩපාත චාරිකාව
බිබිල යශෝධරා බාලිකාවේ සීල සමාදානය
අඩු ආදායම්ලාභී පවුල් 150කට වියළි සලාක
යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියස සීල සමාදානයෙන්....
සිංහගිරි දහම් පාසලේ දරු දැරියන්ට ආචාරධර්ම පුහුණු වැඩමුළුවක්
ඉතිරිය»
සුවපත් මනසක් සුවබර දිවියක් - 54 කොටස: තරහව සමඟ ගනුදෙනු කිරීම
ජීවමාන චරිත සංවර්ධනයකට මහානාම සූත්‍රය
ලෝක පාලන ධර්ම
සම්බුද්ධ ජන්ම භූමිය
අපවත්වී වදාළ හොරතැපල පාලිත නාහිමිපාණෝ
තල්පත්වල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ අලුවිහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]