[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සත්‍යයෙහි ප්‍රභේද

මනස දියුණු කරලීමේ ප්‍රතිඵල වශයෙන් දාර්ශනිකයන් ලොව විවිධ කාලවල දී පහළ වී තිබේ. ඔවුන් විවිධ සංකල්ප පිළිබඳ නොයෙක් අදහස් සහ මතවාද ඉදිරිපත් කර තිබේ. මෙම දාර්ශනික සංකල්ප විමසා බැලීමේ දී ඒවා ප්‍රධාන වශයෙන් පෙරදිග සහ අපරදිග වශයෙන් කොටස් දෙකකට බෙදා බැලීමට ද, ආගමික සහ සාමාජීය වශයෙන් ද දැකීමට පුළුවන. සත්‍ය යන සංකල්පය පිළිබඳ පෙරපර දෙදිග ම දාර්ශනික චින්තාවට ලක් වූ වදනකි. මීට පෙර කලාපවල දී පෙන්වා දෙනු ලැබුවේ බුදු සමය තුළ සත්‍ය සංකල්පය විග්‍රහ කර ඇති ආකාරය පිළිබඳ විවරණයකි. මෙම ලිපිය තුළ දී බලාපොරොත්තු වනුයේ බටහිර සංකල්ප තුළ සත්‍ය සංකල්පය පිළිබඳ ඉදිරිපත් කර ඇති අදහස් සහ ඒ පිළිබඳ බෞද්ධ මතවාදය තුලනාත්මක ලෙස විමසා බැලීමකි. සත්‍යය යන සංකල්පය විග්‍රහ කිරීමේ දී බටහිර දර්ශනයට අනුව සංකල්ප තුනක් පෙන්වා දිය හැකි ය. එනම් අනුරූප්‍යතාවාදය, අනුසන්තානවාදය සහ උපයෝගිතාවාදය යනුවෙනි. බුද්ධ දේශනාව තුළ බොරුවෙන් වැළකීම පිළිබඳ විග්‍රහ කර ඇති ආකාරය බොහෝ සූත්‍ර දේශනා තුළ මෙසේ දැක්වේ. “සච්චවාදී සච්චසන්‍ධො ථෙතො - පච්චයිකො අවිසංවාදකො ලෝකස්ස” මෙම දේශනා පාඨයෙහි අර්ථය විග්‍රහ කර බැලීමේ දී පූර්වෝක්ත සංකල්ප තුනෙන් පෙන්වා දෙන අර්ථකථන ගැබ් වී ඇත. “සච්ච සන්‍ධො” යනු භාෂානුසාරයෙන් ප්‍රකාශ වන සෑම දෙයකට ම මූල, මැද, අග ගැළපීමක් තිබිය යුතු බවයි. පළමුවෙන් ප්‍රකාශ කළ දෙයට පටහැනි යමක් මැද දී හෝ අග දී හෝ ප්‍රකාශ විය නොහැකි ය. මුල, මැද, අග යන තුන් තැන දී ම සත්‍ය වචනය වෙනසක් නොවිය යුතු ය. බටහිර දර්ශනය තුළ “අනුසන්‍ධානවාදය” ලෙස පෙන්වා දෙන්නේ මෙයයි. බුද්ධ දේශනාව තුළ වචනයට හා භාෂාවට එපිටින් ගොස් අනුසන්‍ධානයේ තවත් ප්‍රමිතියක් ඉදිරිපත් කරනු ලැබේ. එනම් ප්‍රකාශය හා භාවිතය අතර පරස්පර විරෝධයක් නො තිබිය යුතු බවයි. බුදුරජාණන් වහන්සේ “යථාවාදී තථාකාරී - යථාකාරී තථාවාදී” යන ගුණයෙන් එය ප්‍රකට කර තිබීමෙන් පැහැදිලි වේ.


වෙසක් අව අටවක

ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]