ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර අටවක පෝ දා 2026 මාර්තු 25 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යාපනය සරසවියේ සෑ රදුන් වහන්සේ. සේයාරුව - සංදීප තරින්ද
මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ. 25 බදාදා සිල්
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
මහ බෝසතාණන් වහන්සේ පූරිත පාරමී බල මහිමයෙන් මහා ප්‍රඥාවෙන් අවබෝධ කොට, පන්සාළිස් වසක් පුරා ලෝක සත්වයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් සුදේශිත ශ්‍රී සද්ධර්මය අනුපූර්ව ප්‍රතිපදාවෙකින් අනුගමනය කිරීමෙන් හා වැඩීමෙන් අවබෝධ කර ගත යුතු ය. එකී ධර්මය තුළින් ලොවුතුරා දහමින් සිත සනසා ගැනීමෙන් සත්වයාගේ චිත්ත සන්තානයෙන් සකල ක්ලේෂයන් මුලිනුපුටා දමා නිවන් සුවයෙන් සැනසීම උදාකර ගනී. මෙකී නිවන් සුව උපදවා ගැනීමට බලාපොරොත්තු වන සැම දෙනා විසින් සිය ශික්ෂණය සඳහා දේශිත ශික්ෂා මාර්ගය (හික්මිය යුතු පිළිවෙළ) අධිශීල ශික්ෂා, අධිචිත්ත ශික්ෂා, අධිප්‍රඥා ශික්ෂා යන වශයෙන් තුන් ආකාර වෙයි. ආර්යය අෂ්ටාංගික මාර්ගය වශයෙන් ගැනෙන්නේ ද සප්ත විශුද්ධිය ලෙස පෙන්වා දෙන්නේ ද මෙකී තුන ම ය. අධිශීල ශික්ෂාව යනු උසස් ශිලයෙහි හික්මීම යි. ගිහියකු විසින් නිත්‍ය ශීලය වශයෙන් රැක්ක මනා - රැකිය යුතු ම වූ ශීලය පංචශීලය යි. එබැවින් ගිහියකුට පංචශීලය අධිශීලයෙකි. තවත් උත්සාහ ඇත්නම්, අටසිල් රැකිය හැකි ය. අටසිල් රකින්නාට පංචශීලය ශීලයෙකි. අට ශීලය අධි ශීලයෙකි. ගිහි දසසිල් රක්නාට දසසිල් අධි ශීලයෙකි. අටසිල් ශීලයෙකි. උපසම්පදා ශීලයෙහි ලා ගැනෙන ශීලය ම අධි ශීලයයි. එයට වඩා උසස් ශීලයක් නොමැත. මේ අනුව කය, වචන, සංවරය තුළින් උපදවා ගනු ලබන ශික්ෂණය හේතුවෙන් සිය චිත්ත සන්තානයේ සංවරය ඇති කර ගනු ලැබේ. අධිචිත්ත ශික්ෂාව නමින් හඳුන්වනු ලබන්නේ මේ සමාධිය යි. චිත්ත විසුද්ධිය යනුවෙන් ද හැඳීන්වෙන්නේ මෙම සමාධිය ම වේ. එහෙයින් සමාධිය යි කී කල බුදුරජාණන් වහන්සේ විසින් පෙන්නුම් කොට වදාළ ශික්ෂා ක්රමයෙහි තුනෙන් එකක් ගැණෙන බව පැහැදිලි ය. බුද්ධඝෝෂාචාර්යපාදයන් වහන්සේ විසින් ලියන ලද විශුද්ධි මාර්ග නම් මහා ග්‍රන්ථයෙන් පරිච්ඡේද 9 ක් ම වෙන් කොට ඇත්තේ මෙම සමාධිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ය.
වරක් එක් සෙන් ශිෂ්‍යයෙක් තමාගේ ගුරුවරයා වෙත පැමිණ මෙසේ ඇසීය. “ගුරුතුමනි, මම ඉතාම ලස්සන, සශ්‍රීක රටක උපන් කෙනෙක්. මම දන්නවා අපේ රටේ ඉතිහාසය, උරුමය සහ සංස්කෘතිය ඉතා උතුම් බව. එහෙත් සෙන් දහම මට උගන්වන්නේ සියල්ල අනිත්‍ය බවත්, කිසිවකටත් බැඳීමක් නොතිබිය යුතු බවත් ය. එසේ නම් මා මව්බිම කෙරෙහි අභිමානයක් දැක්විය යුතු ද?” සෙන් ගුරුවරයා කිසිවක් නොකියාම ශිෂ්‍යයා උද්‍යානයට කැඳවාගෙන ගියේ ය. එහි තිබූ පැරණි ගසක් පෙන්වා මෙසේ ඇසීය. “මේ ගස බලන්න. මේ ගස මේ පොළොවේ ම මුල් බැසගෙන තිබේ. එය වෙනත් තැනකට යන්නට උත්සාහ කරන්නේ නැත. එහෙත් එය සූර්යයා දෙසට අතු විහිදුවා මුළු ලෝකයට ම සෙවණ සලසයි. මෙය අනිත්‍ය බව දන්නා නිසා ගස තමන්ගේ මුල් උගුල්ලාගෙන මිය යන්නේ නැත.” පසුව ගුරුවරයා මෙසේ පැවසීය: “ඔබ උපන් බිම යනු ඔබේ මුල් (අධධබඵ) ය. ඔබේ අභිමානය යනු එම මුල්වලට දක්වන ගෞරවය යි. ඔබේ මනස මුළු විශ්වය පුරා පැතිරෙන්නට ඉඩ හරින්න, නමුත් ඔබේ පාද තමන් උපන් පොළොව මත ස්ථිර ව තබන්න. තමන් උපන් බිම අමතක කරන තැනැත්තා මුල් කැපූ ගසක් වැනි ය. ඔහුට අන් අයට සෙවණක් වීමට නොහැක.” භූගෝලීය පදනම, එහි පාරිසරික වටිනාකම, සංස්කෘතික හරධර්ම, වටිනාකම් සියල්ල රටයි. ඒ නිසයි කෙනකුට තම උපන් රට වටිනා රටක් වන්නේ. තමන් උපන් භූමිය හෙවත් මාතෘ භූමිය පිළිබඳ ව අභිමානයක් තිබීම ඉතා වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය දෙයක්. එය හුදෙක් හැඟීම්බර වීමක් පමණක් නොව, පුද්ගලයකුගේ අනන්‍යතාව සහ වගකීම හා බැඳුණු කරුණක්. මාතෘ භූමිය ගැන අභිමානයක් තිබිය යුතු ප්‍රධාන හේතු කිහිපයක් වෙයි. අනන්‍යතාව සහ අයිතිවාසිකම එහි පළමු වැන්නයි. සෑම පුද්ගලයකුටම ලෝකය තුළ නිශ්චිත අනන්‍යතාවක් ලැබෙන්නේ තමන් උපන් රට, එහි සංස්කෘතිය සහ උරුමය හරහායි. තමන්ගේ මුල් (Roots) පිළිබඳ ආඩම්බර විය හැකි පුද්ගලයකුට ඕනෑම තැනක ආත්ම විශ්වාසයෙන් යුතුව පෙනී සිටිය හැකියි.කෘතගුණ සැලකීම දෙවැන්නයි. අප හුස්ම ගන්නා වාතය, බොන ජලය සහ අපව පෝෂණය කළ පස අපට ලැබුණේ මේ පොළොවෙන්. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකවරණය සඳහා මව්බිමෙන් ලැබුණු දායකත්වයට ගරු කිරීම උතුම් මනුෂ්‍ය ගුණාංගයකි.
මහා දිය විල්, සිව් මහා සමුදුර සිඳී වියැළී යන කාලයක් එනවා. මහා සෙල්කුළු, මේ මහා පෘථිවිය නැසී යන කාලයක් එනවා. ඒ වගේ ම යි ළදරු, තරුණ, මහලු ඕනෑම වයසක දී මරණය අප කරා පැමිණෙනවා. උදේට නැඟෙන හිරු හවසට බැහැල යනව වගේ, මරණය ස්ථිර යි. මිනිසා වටා තියෙන ධනධාන්‍ය, දේපළ, වස්තුව, අඹුදරුවන්, නම්බුනාම, ගරු සත්කාර ඔහු සමඟ රැඳන්නේ මේ මනුලොවට සමුදෙන දිනය තෙක් පමණයි. නමුත් අපි කැමැති වුණත්, අකැමැති වුණත් එක දෙයක් අප පසුපස එනවා ම යි. ඒ අප ජීවත් ව සිටින කාලය තුළ ලොවට මුදාහල වචනයෙන්, කළ ක්‍රියාවෙන්, සිතූ සිතිවිලි සමුදායෙන් දායාද වූ කර්ම විපාකයි. එදාට අහසේ හෝ සයුරේ හෝ ගිරි ගුහාවක හෝ සැඟවී එයින් මිදෙන්න, වෙට්ටු දාන්න කාටවත් ම බෑ. කර්ම දායාදය එබඳු දෙයක්. ධනපාල.....ඔහු දසන්න රටේ නුවරක ප්‍රධාන සිටුවරයෙක්. අමු රන් විතරක් කරත්ත 84ක් පිරෙන්න තිබුණා. රන්, රිදී, වෛරෝඩ්, මුතු, මැණික් සෑහෙන්න තිබුණා. අප තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිස් ලොව හිටපු කෙනෙක්. මොහු කෑවේ, බිව්වේ දොරවල් වහගෙන. එතරම් ම මසුරුයි. තණපතක අගින් වෑහෙන දිය තරම්වත් දෙයක් අන් අයට නොදුන් කෙනෙක්. දන් දෙන අයවත් ඒ පිනෙන් වැළැක්වූවා. සීලය ගැන කවර කතා ද? ඒ මදිවාට පොදු යහපත පිණිස හදල තිබුණ ළිං, පැන් පොකුණු වහල දැම්මා. උයන් වතු වනසල දැම්මා. ඒදඬු පාලම් කඩල දැම්මා. ඔය අතරේ ම ඔහුටත් හොරා ඔහුගේ ආයුෂත් ගෙවී ගියා. ඉපදුණේ මරුකතරේ පේ‍්‍රතයෙක් වෙලා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූවාට පසුව උපාසක පිරිසකට ඔහුව හමු වුණා. ඇඟේ නූල් පොටක් නැති, කටුගැහිච්ච පේ‍්‍රතයෙක්. ගංගාවක වතුර කටට වත්කළත් උගුරෙන් පහලට දිය බිඳක්වත් නොයෙන පේ‍්‍රතයෙක්. ඒ වෙනකොට අවුරුදු 55ක්. ඔහුට තව මාස 4කින් චුත වෙලා යන්න නියම මහා නිරයක් පේනවා. කර්ම දායාදයෙන් අන්ත අසරණ වෙච්ච ඔහු මෙහෙම පවසනවා. “ඔබ එළිපිටවත්, රහසේවත් පව් කියන ජාතිය කරන්න එපා! මවට, පියාට,වැඩිහිටියන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හොඳට සලකන්න.
“යතිවර මා පිය නිවහන” බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන
දස ලක්ෂයේ අසිරිමත් මල් පූජා පින්කම සංකල්ප විහාරයේදී
කුල දරුවන් තිදෙනකු පැවිදි බිමට
බොදු පුවත් (ඡායාරූප)
ඉතිරිය»
කෙලෙස් කම්පා කරවන ධූතාංග ධර්මයෝ
සුවපත් මනසක් සුවබර දිවියක් - 47 කොටස: අනාත්මබවේ සත්‍යය දැකගන්න
සිත පුහුණු කරන සුවිශේෂී උගැන්වීම ගිරිමානන්ද සූත්‍රය ඇසුරින්
සැදැහැවත් රූමතියගේ දහම් දෙසුම
සසුන’ඹර එළිය කළ කනංකේ විමලඥාන මාහිමිපාණන් වහන්සේ
පොලොන්නරුව පොත්ගුල් විහාරය
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]