[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බක් පුර අටවක පෝ දා 2026-03-25

පසුපස එන කළ කම්

සියලු දුකට මුල තමන්ගේ සිතිවිලි ය. සසර ගමනේ තමන් තුළ වර්ධනය කරගත් අකුසල සිතිවිලි හා ඒ අනුව කළ කී දේ තමන් පසුපසින් පැමිණ ආත්මයෙන් ආත්මයට ජීවිතය තීරණය කරයි. දුක් විඳින කල එකිනෙකාට චෝදනා කළ ද තමන්ගේ දුක කිසිවකු විසින් තමන්ට උරුම නොකරයි. වැපිරූ දෙයට අනුව අස්වනු ලැබෙන්නා සේ සැපය සේ ම දුක් වේදනාව ද තීරණය වන්නේ තමන් කළ කී දේ අනුව ය. එය තමන් ම ගෙවා ගත යුතු ය. කිසිවකු සමඟ හවුලේ භුක්ති විඳිය නොහැකි ය. ජීවිතයේ බොහෝ ප්‍රශ්න ගැටලු, අයහපත් චර්යාවන් මේ සරල කාරණය තේරුම් ගැනීමට තරම් ඉවසීමක් නොවන නිසා ය.

මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතො නං දුක්ඛ මන්වෙති
චක්කංච වහතො පදං

කොපමණ වැරැදි කළත්, අයහපත් සිතිවිලි ප්‍රගුණ කරමින් සිටියත්, මේ මොහොතේ සිට අපගේ ජීවිතය නිවැරැදි මාවතට යොමු කර ගන්නට ධම්ම පදයේ යමක වග්ගයේ එන මේ ගාථා රත්නය ලබා දෙන සදුපදේශය මහඟු මිණක් වැන්න. පාපයේ බරපතළකම, අමිහිරි විපාක සිහි ගන්වමින් එයින් බැහැර වන්නට මඟ පෙන්වයි.

අකුසල් දහම්වලට සිත මුල් වෙයි. අපිරිසුදු සිතින් යම් දෙයක් කළත්, කීවත්, සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එවැනි පුද්ගලයා පසුපස දුක ලුහුබඳී. ගැල බැඳි ගොනු පසුපස යන රියසක මෙනි යනු මේ ගාථා රත්නයේ අර්ථය යි.

යම් සිතක රාගය, ද්වේෂය, මෝහය වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වන්නේ නම් ඒ සිත දූෂිත ය. අපවිත්‍ර ය. පිළිකුල් කටයුතු ය. එවැනි සිතකින්, මුසාව, පරුෂ වචනය, කේළම, සම්ප්‍රප්පලාපය හැර අන් කිසිවක් බලාපොරොත්තු විය නොහැකි ය. සතුන් මැරීම, සොරකම, කාමය වරදවා හැසිරීම් ආදී කාය දුෂ්චරිත මිස සුචරිත බලාපොරොත්තු විය නොහැකිය. අද මිනිසුන් අතර කොපමණ පිරිසක් කායික මානසික දුක්ඛ දෝමනස්සයන්ගෙන් පීඩිත ද? සසර පුරා මුළාවේ වැටී පව් කඳු ගොඩගසා මේ ලැබූ විපාක හමුවේ වුව නිවැරැදි වන්නට ගන්නා උත්සාහයක් බොහෝ දෙනකු තුළ දක්නට නොලැබේ. තව තවත් පරිහානියට ම ගමන් කරන සැටි විද්‍යමාන වේ. පෙර ආත්මයක ඇස් වෙදකුව සිට තමන් රැවටූ කාන්තාවකගෙන් පළිගන්නට සිතා කළ ප්‍රතිකර්මයකින් ඒ කාන්තාව අන්ධ කරවූ පාපයට සම්බුදු සසුනේ ධර්මාවබෝධය කොට උතුම් රහත් බව ලැබූව ද චක්ඛුපාල තෙරුන්ගේ ඇස් අන්ධවීම වැළැක්විය නොහැකි විය. ඒ පාපය විපාක දෙන අයුරු ය.

එහෙයින් පාපයට බිය වි යුතු ය. සුළු හෝ වරදක් නොකරන්නට පුරුදු පුහුණු විය යුතු ය.

බක් පුර අටවක

මාර්තු 25 බදාදා අ.භා. 01.54න් පුර අටවක ලබා 26 බ්‍රහපතින්දා පූ.භා. 11.53න් ගෙවේ.
25 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]