[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දහම් සුවයෙන් අරුත් ගැන්වෙන අපේ ජීවිත

සැබෑ බෞද්ධයා තුළ ඇත්තේ විශ්ව ව්‍යාප්ත වූ මෛත්‍රියකි. ඔහු මේ විශ්වයේ පමණක් නොව භවාග්‍රය දක්වාම වූ සෑම ජීවියෙක් ම තම මිතුරකු ලෙස සලකයි. ක්‍රෝධ කිරීම, ගුණමකුකම, කළගුණ නොදන්නාකම, චපල ගති ලෙස නිරතුරුව ම සලකයි. තම වාසියට හෝ බොරු නොකරයි. මවුපිය වැඩිහිටි ගුරුවරුන්ට නොසැලකීම ද වසල බවක් ලෙස සලකා සැබෑ බෞද්ධයා කටයුතු කරයි. පෞද්ගලික ලාබ අපේක්ෂා ප්‍රාර්ථනා ඉටු නොවන විට ධර්මයට නිගරු නොකරයි. තෙරුවන් ගැන අපමණ ශ්‍රද්ධාවක්, ගෞරවයක්, විශ්වාසයක් සැබෑ බෞද්ධයා සතු වේ. ඔහු තෙරුවන් වෙතට එළැඹෙන්නේ අපමණ ශ්‍රද්ධාවෙන් ය. එළඹි සැදැහැ බැවින් සම්‍යක් දෘෂ්ටිය මතුවන ලෙස තෙරුවන් ඇසුරු කරයි. (උපසංකමිත්වා පයිරුපාසති) තෙරුවන් ඇසුරු කරමින් දහමට අනුගත ව කන යොමු කර ධර්මය අසයි. ඇසූ පිරූ දහම් හි අරුත් නැවත නැවත පරික්ෂා කර බලයි. (ධාතානං ධම්මානං අතථං උපපරික්ඛති) දහම නිවැරැදි ව වටහා ගෙන ඒ අනුව එම දහම් මඟ පිළිපැදීමට යොමු වේ.( අත්ථං උපපරික්ඛිත්වා (ධම්මං නිජ්ඣානක්ඛමති) ධර්මය පිළිපැදීමට කැමැත්ත ඇති වු විට ඒ සඳහා දිවා රෑ නොබලා ඒ ධර්මය පිළිපැදීමට කැමැත්ත උපදවා ගනී. ධම්මං නිජ්ඣානාති ඛන්තියා සති ඡන්දෝ ජායති) උපදවා ගත් කැමැත්ත ඇති විට ඒ සඳහා බලවත් වීර්යයක් උපදවා ගනී. (ඡන්ද ජාතො උස්සහති) උත්සාහයෙන් ධර්මය පිළිපැ දී. දහම තම ජීවිතය හා සසඳමින්, තුලනය කරමින් ජීවිතයට ඒකාබද්ධ කර ගනී. සසඳා බලා සිත දහමට අනුව ධ්‍යාන භාවනා මඟින් දියුණු කර ගනී (තුලයිත්ණා පදහති).


දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]