[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැනසුම් සුවයට නිරවුල් පවුලක්

සැනසුම් සුවයට නිරවුල් පවුලක්

පවුලක් යනු මනුෂ්‍ය වර්ගයාගේ නිරවුල් පැවැත්ම උදෙසා තනාගත් ආකෘතියකි. සාමූහිකත්වයේ ඒකකයකි. තාවකාලික හෝ දීර්ඝ කාලීන හෝ වශයෙන් මවුපිය, දූ දරු පිරිස් අතර සමූහගත වීමක් පවුල යන පදයෙන් අදහස් කරනු ලැබේ.

මිනිස් වර්ගයා මෙන් ම විරුද්ධ ලිංගික පක්ෂීන් ද, ජෝඩුවීමෙන් පසු කැදලි තැනීමේදීත්, බිජු රැකීමේදීත්, පැටවුන් පෝෂණය කිරීමේදීත්, කුරුලු දෙමාපියෝ සහයෝගයෙන් ක්‍රියා කරති. ක්ෂීරපායි ගණයට අයත් සතුන් අතර ද මෙම ලක්ෂණ ප්‍රකට කෙරෙයි.

නිදසුන් ලෙස චිම්පන්සීන් පෙන්වා දිය හැකි ය. ඔවුන්ගේ ගැහැනු සතා හා පැටවුන් ගස උඩ නිදන අතරතුර පිරිමි සතා ගස මුල සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සලසන බව කියනු ලැබේ.

ස්වකීය ආරක්ෂාව තහවුරු කරනු සඳහා මෙන් ම පහසුවෙන් ජීවත්වීම සඳහා මිනිසා ද, අනෙක් සත්ත්ව ප්‍රජාව ද විවිධ සමූහ ගතවීම්, රංචු ගැසීම් කරනු ලබන බව සමාජ විද්‍යාඥයින් විසින් අනාවරණය කරනු ලැබේ. සමූහගත වීමේ සංවර්ධනීය සංවර්ධිත අවස්ථාවක් ලෙස මිනිසාගේ පවුල නමැති ඒකකය හඳුනාගත හැකි ය.

සමස්ත සත්ත්ව ප්‍රජාවගෙන් මිනිසා වෙන් කොට හඳුනා ගත හැකි ප්‍රකට ලක්ෂණ කිහිපයක් ඇත. එනම් ඔහු සතු බුද්ධිමත් බව, තාර්කිකත්වය, ඔහුට ම සුවිශේෂි වූ නිර්මාණාත්මක ක්‍රියාවලිය ඒ අතර ප්‍රධාන ය. මිනිසා අන්‍ය සත්ත්වයින්ට සාපේක්ෂ ව සභ්‍යත්වය, ශිෂ්ටාචාරය පවත්වන්නේ එම සුවිශේෂී ගුණාංගය පදනම් කර ගනිමිනි. මිනිසාගේ පැවැත්ම අර්බුද රහිත කරගෙන යාමේ අපේක්ෂාවෙන් ඔහු විවිධ නිර්මාණ සිදු කළේ ය. ඒ අතර සමාජ ආයතන ප්‍රධාන තැනක් ගනියි. ඒවායින් පවුල ද සමාජ ආයතනයකි. Institution ලෙස එය අර්ථකථනය කළ හැකි ය.

අන්‍යොන්‍ය සම්බන්ධතා රැහැනකින් සැදුම්ලත් මිනිසා විසින් ඒවා නිවැරැදි ආකාරයෙන් ක්‍රියාවට නැඟීම උදෙසා සමාජ ආයතන තනාගෙන ඇත. තම ජීවිතය සමාජයට සාපේක්ෂ ව තෘප්තිමත් තලයක පවත්වා ගත හැක්කේ එම ආයතන නිවැරැදි ආකාරයෙන් ක්‍රියාත්මක වන විටයි. ගොෆ්මන් නම් සමාජ විද්‍යාඥයා සමාජ ආයතනයක් නිර්වචනය කරන්නේ සමානකම් ඇති පුරවැසියන් එක් ව වාසය කරන, මහා සමාජයෙන් වෙන් වූ සහ පොදු පාලනයකට වෙන් වූ විශේෂයෙන් තම අනන්‍යතාව වෙන්කර හඳුනා ගැනීමේ අපේක්ෂාව සහිත පරිසරයක්, සංස්ථාවක් නම් වෙයි යනුවෙනි.

සමාජ විද්‍යාඥයන් සංස්ථා පහක එකතුව සමාජයක් ලෙස අර්ථවත් වන බව පෙන්වා දෙයි. එම සංස්ථා පහ මෙසේ ය. දේශපාලන සංස්ථාව, පවුල් සංස්ථාව, ආර්ථික සංස්ථාව, අධ්‍යාපන සංස්ථාව, ආගමික සංස්ථාව යනුවෙනි. මෙයින් පවුල් සංස්ථාව යනු මානව ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය සහ සංවිධානාත්මක සමාජ ඒකකයයි. එය ස්ත්‍රී පුරුෂ දෙදෙනකු අතර ඇති කර ගනු ලබන විවාහය නිසා ඔවුන්ගේ සංයෝගයෙන් බිහිවන දරුවන්ගෙන් හෝ බැහැරින් ගෙන හදා වඩාගත් දරුවෙකුගෙන් හෝ දරුවන්ගෙන් සමන්විත වෙයි.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]