[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හිමි අනුරුව

හිමි අනුරුව

ගැලුවේ මුහුද ගොඩ සේසත සේදෙන්න
බැලුවේ නොමැත දෙවියන් රට බේරන්න
හෙලුවේ සුසුම් වේරම්භය පරදන්න
ගැලුවේ කඳුළු නව සයුරක් උපදන්න

මවට ද පියාට ද දරුවන් අහිමි විය
දරුවන් හට ද මව්පියවරු අහිමි විය
ජීවන ගමන් මඟ ඉදිරිය අඳුරු විය
සාගර යකුන් ඒ තරමට රුදුරු විය

මිනිසත් ගුණය මතු විය මෙම විනාශයෙන්
මනුසත් දහම ඔපවත් වුනි සුනාමියෙන්
දිරිමත් කරන්නට අසරණ අනාථයින්
ගුණවත් මිනිස් හද උණුවිය නිමේශයෙන්

සිරිමත් අසිරිමත් සිරියක මිහිතලයේ
‘මනුසත්වයේ දෙවියන්’ මතුවිය හෙළයේ
එනමුත් තැනින් තැන මේ ව්‍යසනතලයේ
මරුමුස් යකුන් මතුවූවලු මනු කුලයේ

ගස් ගල් ගෙවල් දොරවල් ඈ සියලු දෙය
බස් ලොරි කාර් දුම්රිය සුනු විසුණු විය
විස්තර කළ නොහැකි පුදුමෙක මහ ‘සිරිය’විය
සිත් සනසමින් හිමි අනුරුව ඉතිරි විය

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]