[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුකෙහිත් සතුටෙහිත් වගකීම තමන් සතුයි

දුකෙහිත් සතුටෙහිත් වගකීම තමන් සතුයි

අප මේ ගෙවන ජීවිතයේ දී සොයාගෙන යන්නේ ම සැපය යි. එහෙත් මේ ජීවිතයට උරුම ව පවතින්නේ දුකමයි. ඇයි අප මේ දුක ගැන කතා කරන්නේ. එය දුකට කරන ආරාධනාවක් ද? නෑ එය සැපයට කරන ආරාධනාවක් ලෙස ධර්මයට අනුව සිතා බලමු.

අප කැමති අරමුණුූ, සිතුම් පැතුම් ඉටු කර ගන්න බැරි වුණොත් ඒක දුකක්. මේ නිසා ජීවිතයේ යථාර්ථය දැක ගන්න මානසික පරිසරයක් ඇති කර ගන්න ඕනෑ. එවන් පරිසරයක් තුළ සිතේ දුක නිදහස් වූයේ නම් ඔබට ඔබේ පරිසරය දුකක් නොවේ. ඔබ පැලක හෝ ගහක් යට හිටියත් එය සැපක් හැටියටයි දැනෙන්නේ. එහෙම නම් දුකේ නිර්මාණකරු ඔබමයි. ඒ වගේ ම සැපතෙහි, සතුටෙහි නිර්මාණකරුවත් ඔබමයි. මෙයින් කුමක් ද තේරුම් ගන්නට ඕනෑ.

බුදුරජාණන් වහන්සේ අපට මඟක් පෙන්නා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරන විට ඔබ දකින්න උතුම් මනුෂ්‍ය රත්නයක් හැටියට උන්වහන්සේ කිසිදු වෙනසකින් තොරව, බෙදීමකින් තොරව මනුෂ්‍යත්වයට වටිනාකමක් දුන්නා. තිරිසන් සතුන් ඇතුළු සියලු සත්වයන්ට ම ගෞරව කළ, ඒ ජීවිතවලටත් වටිනාකමක් ලබා දුන් උතුම් මනුෂ්‍ය රත්නයක්. ඒ බුදුරජාණන් වහන්සේ කුමක් ද ලෝකයට පෙන්නුම් කළේ. ජීවිතයේ යථාර්ථයයි. හටගත් හැම දෙයක් ම නැතිව යනවා. ඉපදුණු හැම කෙනෙක් ම යම් දවසක මිය යනවා. එය ඔබත්, මමත් ජීවත්වන මේ සමාජයට අමුතු දෙයක් නොවේ. ඒ වගේම මේ කරුණු පිළිබඳ අප නිතර ම ධර්මය තුළින් අසා තිබෙනවා. ඒ කරුණු ඇසුවාට පමණක් මදි. ඒවා ජීවිතයේ යථාර්ථය බවට පත් කර ගන්න හිතන්න වෙනවා. ඒ වගේම මේ පෘථග්ජන සිත පුරුදු කරන්න වෙනවා.

හට ගත් හැම දෙයක් ම නැති වෙනවා නම්, ඉපදුන හැම කෙනෙක්ම මිය යනවා නම් කුමක් ද කළ යුත්තේ. ඒ බව තේරුම් අරගෙන ජීවිතය ගත කිරීමයි.

ඕනම මොහොතක් මම – මගේ කියූ සියල්ල ම අතහැර දමා යන්න වෙයි නම්, යන්න සිදුවේ නම් ගතවෙන හැම මොහොතක් ම තමන් තමන්ට ම සතුටු වෙන්න පුළුවන් සත්පුරුෂ මනුෂ්‍යයෙක් වෙන්නට ඕනෑ.

මම, මම ගැන සිතන විට දුක් වෙනවාට වඩා මම – මම ගැන සිතන විට මහ මෙරක් තරමට බොහෝ දේ ලෝකයෙන් ලැබුණේ නැති වුණාට, අන් අයට උදව් කළේ නැති වුණාට, එහෙත් මගේ සිත ගැන සිතල මට යමෙකුට කළ හැකි උපකාරයක් ගැන දැකල, ඒ දේ එහෙම කරල මට සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා මට මම ගැන ඇතිවන්නේ සතුටක්.

ඒ වගේම මේ ලෝකයේ හැම කෙනෙක් ම සතුට සොයා ගෙන යන විට ඔවුනොවුන් ගැන සිතන්නෙත් ඒ ආකාරයට. ඒ නිසා සියල්ල හට අරගෙන නැතිව යන ලෝකයක ඕනම මොහොතක් ජීවිතයේ අවසන් මොහොත විය හැකි ලෝකයක "මට – මම ගැනම සතුටු විය හැකි" මනුෂ්‍යයෙක් වෙන්නට ඕනෑ.

එහෙම නම් තමන්ගේ සතුටේ නිර්මාණකරු තමා තුළමයි. ලද දෙයින් සතුටුවෙනවා. උත්සාහය, අධිෂ්ඨානය ධෛර්යෙන් යුක්තව කටයුතු කරන වද? ලද දෙයක් සමඟ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න එතැන ඊර්ෂ්‍යාව තරහව, අතෘප්තිකර ආශාව නෑ අන් අය ගැන හිතන, හදවතක් ඇති මනුෂ්‍යයෙක් වෙන්න පුළුවන්.

මේ තත්වය තමන්ගේ නිවෙසින් ආරම්භ වෙන විට අම්මා - අප්පච්චී, දුව – පුතා, ස්වාමියා – බිරිඳ වශයෙන් සුන්දර ලෝකය තුළ දුක නොවන සැප ඔබ එතැන ම නිර්මාණය කර ගෙන තිබෙනවා. ඔබ රටේ ලෝකයේ කොතැනක ගමන් කළත් තම නිවසට පැමිණි පසු ඒ නිවස ඔබට හරියට දිව්‍ය ලෝකයක් වගේ දැනේවි. සතුට එතැන තියෙනවා.

ඔබට මොනයම් වෙලාවක හෝ දැනෙයි මොනතරම් ජීවිතයේ ලෙඩදුක් බාධකවලට මුහුණ දුන්නත්, හිඟපාඩුවලට මුහුණ දුන්නත් ඒ ඒ අනුව ඒවා නිවැරැදි කරගෙන එහෙත් ජීවිතයේ යථාර්ථය දැක, හට අරගෙන බිඳී නැතිව යන ලෝකයක අපි හැම මොහොතක් ම සතුටින් කියලා. එහෙම නම් දුකෙහි නිර්මාණකරු ඔබයි. එතැනින් බැහැර විය යුතු ඔබම යි. සතුටේ නිර්මාණකරු ඔබයි, අපි නතර විය යුතු එතැනයි.

දුරුතු අව අටවක

පෙබරවාරි 02 සිකුරාදා
අ.භා. 04.00 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 ගෙවේ.
02 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

Full Moonපසළොස්වක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]