UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්


කැලණියේ දුරුතු මහා පුණ්‍යොත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ දී 2009 ජනවාරි 2 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අවිදු අඳුර දුරලමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කොනුහාසො කිමානෙන්ද්‍ර – නිච්චං පජ්ජලිතෙ සති අන්ධකාරෙන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ”


සැදැහැවතුනි,

ධර්මානුශාසනාව සඳහා ඉහතින් දැක් වූ ගාථාව ධම්ම පදයේ ජරා වග්ගයේ පළමු ගාථාවයි. එහි අදහස නම්, “කුමන හිනාවක්ද?, කුමන ආනන්දයක් ද? අන්ධකාරයෙන් වැසීගෙන නිරතුරුව දැවෙනව, කිම ආලෝකයක් නොසොයන්නෙ? යන්නයි. පින්වත අප සසර දුකට පත්ව ඇති බැවින් බුදු සසුන පරිහරණය කළ යුත්තේ සසරින් මිදීම සඳහා ය.

ඉතිරිය»

දේව කතා පුරාණය

ආගම් බිහිවීම පිළිබඳ ඓතිහාසික පසුබිම අවබෝධ කැර ගැනීම පිණිස දේවකතා පුරාණය හැදෑරීම අවශ්‍ය ය. එහෙත් අප සමාජයේ බහුතරයකට අවස්ථාව ඇත්තේ භාරතීය දේව පුරාණ ගැන හැදෑරීමට පමණි. ග්ලොරියර් මල්ටිමීඩියා විශ්වකෝෂය ඇසුරින් නාරාවිල පැට්රික් විසින් ලියන ලද මේ ලිපි පෙළ ඒ අඩුව පිරිමසාලයි. මෙහි පළමු කොටස ඉල් පුර පසළොස්වක පොහොය දා (නොවැම්බර් 12 ) පළ විය. අද දින මෙහි පහත පළ කැරෙනුයේ දෙවන කොටසයි.

ඉතිරිය»

අනුරාධපුර ‘අට මුනි’ සෑය

අනුරාධපුරය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය පුණ්‍යභූමියයි. මේ කල්පයේ බුදු වී වදාළ සතර බුදුවරු ඒ ඒ අවධීන්හි මෙහි වැඩම කොට බුදු පා පහසින් පවිත්‍රත්වයට පත් කළහ. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ අවස්ථාවේ මහා මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූතයන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කළේ ද අනුරාධපුර ආසන්න මිහින්තලා ප්‍රදේශයට ය. සිංහලයේ පළමු රාජධානිය වූයේ ද අනුරාධපුරයයි. ඓතිහාසික හා ආගමික වටිනාකම් අතින් අනුරාධපුරයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ඉතිරිය»

පිළියන්දල විශ්වකලා බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ: පිළියන්දල විශ්වකලා බෞද්ධ මධ්‍යස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇති විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමාව ලෙස ප්‍රකට ය. පිළිම වහන්සේගේ උස රියන් 38 කි. (අඩි 57 කි) මෙම ප්‍රතිමාව සෑදවීම ආරම්භ කරන ලද්දේ 1971 වසරේදී හිටපු සංස්කෘතික උප ඇමැති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසිනි. මාපලගම විපුලසාර හිමි හා හෙන්රි ධර්මසේන යන ප්‍රකට මූර්ති ශිල්පීන් මෙහි නිර්මාණ කටයුතු වලට දායක වී තිබේ.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]