UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

සෙල්ජුක්වාදය තේරුම් ගැනීම

ආගමික වුවමනාවන් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග බවට පත්වීම මිනිසා ගේ පිරිහීම කදිමට ප්‍රදර්ශනය කැරෙන අවස්ථාවකි. ඊට හොඳ ම උදාහරණය වන්නේ, යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් තම ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම පිණිස එකළොස් වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස දක්වා කරන ලද කුරුස යුද්ධ පහ ය. පළමු වන කුරුස යුද්ධයට හේතු වූයේ අලුතින් ඉස්ලාම් දහම වැලැඳ ගෙන සිටි තුර්කියේ සෙල්ජුක්වරුන් යටතේ පැවැති ප්‍රදේශ වෙත වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට සිදු කළ පීඩාවන් ය. මුස්ලිම්වරුන් ගෙන් තම ශුද්ධ භූමි ආරක්‍ෂා කැර ගැනීම සඳහා දෙවන අර්බන් පාප්තුමා ගේ ආශිර්වාදය යටතේ ඇරැඹි පළමු වන කුරුස යුද්ධයට (ක්‍රි.ව. 1096 – 1099 ) සහභාගි වන අය ගේ පාප කර්ම වලට සමාව දීමට, ඔවුන් ගේ දේපළ ආරක්‍ෂා කිරීමට හා යුද්ධයේ දී මියයන්නවුන් සදාකාලික ස්වර්ගයට යන බව ප්‍රකාශ කිරීමට පාප්තුමාට සිදු විය. ඉතිරි කුරුස යුද්ධ සතර සඳහා හේතු වූයේ ද මේ ආගම් දෙක අතර පැවැති ගැටුමයි.

යුරෝපා ඉතිහාසයේ එම අඳුරු යුගය ගැන ලිවීමට අප පොළඹ වන ලද්දේ නොවැම්බර් මස 11 වන දා දිනමිණ වාර්තා කළ පුවතකි. පසුගිය දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජාතික සංඝ සම්මේලනයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ලේකම් පණ්ඩිත මිස්සක කමලසිරි හිමියන් මෙ සේ පැවැසූ බව දිනමිණ වාර්තා කැර තිබිණ.

“මාලිගාවත්තේත්, නැඟෙනහිර ඇතැම් ප්‍රදේශවලත් නොක්ස් කල්ලිය, පේටි කල්ලිය, ඔසාමා කල්ලිය, අල්පාඩා කල්ලිය, ඩීන්මලිත් කල්ලිය, වෙන්ඩා කල්ලිය ආදී මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායම් අද ක්‍රියාත්මක වෙනවා. මේවායේ නායකයන් හා ඔවුන්ට සහාය දෙන ඇතැම් දේශපාලන නායකයන් රටට හෙළිදරව් කළ යුතු ව තිබෙනවා. එ සේ ම ඔවුන් වහා ම නිරායුද කළ යුතු ව තිබෙනවා.”

“දොන් බාරොන් ජයතිලක විදුහලේ ධර්මාචාර්ය ගිරාගම සාගර හිමියන් 1980 දී මේ පාසල ආරම්භ කළ අවස්ථාවේ සිට අවුරුදු විසි අටක් තිස්සේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ට අයත් දරුවන් මේ පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.”

“ආරම්භයේ සිට මේ පාසල බෞද්ධ පාසලක් ලෙස පැවතුණා. පාසලේ නිල ලාංඡනය, පාසල් කොඩිය, නිල ඇඳුම, ටයි පටිය ආරම්භයේ සිට මේ දක්වා කිසි ම ගැටලුවක් නැතුව ඒ අයුරින් ම පාවිච්චි කළා.” නිල වශයෙන් දැනුම් දීමකින් තොර ව පසුගිය දා පාසලට කඩා වැදුණු මුස්ලිම් ජාතික පළාත් සභා මන්ත්‍රීවරයකු, මවිලවී කෙනකු සහ තවත් පිරිසක් පාසල් පන්ති කාමරයකට ගොස් මුස්ලිම් ජාතික දරුවන් දැනට අඳින නිල ඇඳුම වෙනුවට පන්ජාබ් ඇඳුම අඳින ලෙස බල කළා. පසු ව පොලීසිය මැදිහත් වීමෙන් ඔවුන් පාසලෙන් නික්ම ගියා. මේ පාසලේ මුස්ලිම් ළමයින් දස දෙනකු හැර අනිකුත් ළමයින් දැනට අඳින නිල ඇඳුම ඇඳීමට කැමැති බව කියනවා.”

“මේ ප්‍රශ්නයෙන් පසු ව තවත් ළමයින් කොටසක් ළමා සාරිය හා ජාතික ඇඳුම ඇඳගෙන පාසලට එන්නට පටන් ගත්තා. කෙ සේ වෙතත් පසුගිය 13 වන දා සිට පාසලේ අධ්‍යාපන කටයුතු ඇණහිටලා”

මෙය සුළු සිද්ධියක් යැයි පෙනී යා හැකි වූවත්, ඇමැති පාඨලී චම්පික මහතා ගේ ප්‍රකාශයකට විරෝධය පළ කිරීම සඳහා පසුගිය 7 වන දා කොළඹ දී පැවැති මුස්ලිම් විරෝධතාව සංවිධානය කැර තිබූ ආකාරය හා ඊට සහභාගි වූවන් ගේ හැසිරීම සලකා බැලූ විට මේවායේ බැරෑරුම්කම වටහාගත හැකි ය.

අප ගේ 2008.03.07 දිනැති කතු වැකියෙන් කල්මුණේ දී පැවැති උත්සවයක දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා හිටපු ඇමැති බසීර් සේගුදාවුද් මහතා කළ කතා උපුටා දක්වා ඇත. එහි දී බසීර් සේගුදාවුද් මහතා මෙ සේ කියා තිබිණ.

“කොසොවෝ වැනි වෙන් වූ රටවල් 193 ක් තිබෙනවා. අපේ රටේත් එවැනි දෙයක් සිදුවීමෙන් එය 194 ක් බවට පත් වෙනවා. මුස්ලිම්වරුන් ගැන සිතන්නට අපට දැන් කාලය ඇවිත්. ඒ පිළිබඳ ව හැඟීම්බර ව බැරෑරුම් ලෙස මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යි. බහුතර ජනතාව ගේ ආධිපත්‍යයට යටත් නො වී අනෙකුත් සුළු ජාතීන් සමඟ ද එක් වී මේ සඳහා වැඩ සටහනක් යොදා ගෙන යනවා.

මේ ආගමික දේශපාලනය රටට ඉතා අහිතකර වූව ද එය පරාජය කිරිමට කිසිවකුට අවශ්‍ය බවක් නො පෙනේ. මේ අන්තවාදී ආගමික දේශපාලනය පරාජය කිරීම යනුවෙන් අදහස් කැරෙනුයේ තුර්කියේ සෙල්ජුක්වරුන්ට එරෙහි ව දියත් කළ කුරුස යුද්ධය වැනි විසැඳුමක් නො වන බව ද කිව යුතු ය. එහෙත්, මේ ප්‍රවණතාව බරපතළ තර්ජනයක් බව අවබෝධ කැර ගැනීම බෞද්ධයක් ගේ වගකීමකි.ගමික වුවමනාවන් ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග බවට පත්වීම මිනිසා ගේ පිරිහීම කදිමට ප්‍රදර්ශනය කැරෙන අවස්ථාවකි. ඊට හොඳ ම උදාහරණය වන්නේ, යුරෝපීය ක්‍රිස්තු භක්තිකයන් විසින් තම ශුද්ධ භූමි මුස්ලිම් ආධිපත්‍යයෙන් මුදවා ගැනීම පිණිස එකළොස් වන සියවස අවසානයේ සිට දහතුන් වන සියවස දක්වා කරන ලද කුරුස යුද්ධ පහ ය. පළමු වන කුරුස යුද්ධයට හේතු වූයේ අලුතින් ඉස්ලාම් දහම වැලැඳ ගෙන සිටි තුර්කියේ සෙල්ජුක්වරුන් යටතේ පැවැති ප්‍රදේශ වෙත වන්දනාවේ ගිය ක්‍රිස්තු භක්තිකයන්ට සිදු කළ පීඩාවන් ය. මුස්ලිම්වරුන් ගෙන් තම ශුද්ධ භූමි ආරක්‍ෂා කැර ගැනීම සඳහා දෙවන අර්බන් පාප්තුමා ගේ ආශිර්වාදය යටතේ ඇරැඹි පළමු වන කුරුස යුද්ධයට (ක්‍රි.ව. 1096 – 1099 ) සහභාගි වන අය ගේ පාප කර්ම වලට සමාව දීමට, ඔවුන් ගේ දේපළ ආරක්‍ෂා කිරීමට හා යුද්ධයේ දී මියයන්නවුන් සදාකාලික ස්වර්ගයට යන බව ප්‍රකාශ කිරීමට පාප්තුමාට සිදු විය. ඉතිරි කුරුස යුද්ධ සතර සඳහා හේතු වූයේ ද මේ ආගම් දෙක අතර පැවැති ගැටුමයි.

යුරෝපා ඉතිහාසයේ එම අඳුරු යුගය ගැන ලිවීමට අප පොළඹ වන ලද්දේ නොවැම්බර් මස 11 වන දා දිනමිණ වාර්තා කළ පුවතකි. පසුගිය දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජාතික සංඝ සම්මේලනයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ ලේකම් පණ්ඩිත මිස්සක කමලසිරි හිමියන් මෙ සේ පැවැසූ බව දිනමිණ වාර්තා කැර තිබිණ.

“මාලිගාවත්තේත්, නැඟෙනහිර ඇතැම් ප්‍රදේශවලත් නොක්ස් කල්ලිය, පේටි කල්ලිය, ඔසාමා කල්ලිය, අල්පාඩා කල්ලිය, ඩීන්මලිත් කල්ලිය, වෙන්ඩා කල්ලිය ආදී මූලධර්මවාදී අන්තවාදී කණ්ඩායම් අද ක්‍රියාත්මක වෙනවා. මේවායේ නායකයන් හා ඔවුන්ට සහාය දෙන ඇතැම් දේශපාලන නායකයන් රටට හෙළිදරව් කළ යුතු ව තිබෙනවා. එ සේ ම ඔවුන් වහා ම නිරායුද කළ යුතු ව තිබෙනවා.”

“දොන් බාරොන් ජයතිලක විදුහලේ ධර්මාචාර්ය ගිරාගම සාගර හිමියන් 1980 දී මේ පාසල ආරම්භ කළ අවස්ථාවේ සිට අවුරුදු විසි අටක් තිස්සේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සියලු ජාතීන්ට අයත් දරුවන් මේ පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.”

“ආරම්භයේ සිට මේ පාසල බෞද්ධ පාසලක් ලෙස පැවතුණා. පාසලේ නිල ලාංඡනය, පාසල් කොඩිය, නිල ඇඳුම, ටයි පටිය ආරම්භයේ සිට මේ දක්වා කිසි ම ගැටලුවක් නැතුව ඒ අයුරින් ම පාවිච්චි කළා.” නිල වශයෙන් දැනුම් දීමකින් තොර ව පසුගිය දා පාසලට කඩා වැදුණු මුස්ලිම් ජාතික පළාත් සභා මන්ත්‍රීවරයකු, මවිලවී කෙනකු සහ තවත් පිරිසක් පාසල් පන්ති කාමරයකට ගොස් මුස්ලිම් ජාතික දරුවන් දැනට අඳින නිල ඇඳුම වෙනුවට පන්ජාබ් ඇඳුම අඳින ලෙස බල කළා. පසු ව පොලීසිය මැදිහත් වීමෙන් ඔවුන් පාසලෙන් නික්ම ගියා. මේ පාසලේ මුස්ලිම් ළමයින් දස දෙනකු හැර අනිකුත් ළමයින් දැනට අඳින නිල ඇඳුම ඇඳීමට කැමැති බව කියනවා.”

“මේ ප්‍රශ්නයෙන් පසු ව තවත් ළමයින් කොටසක් ළමා සාරිය හා ජාතික ඇඳුම ඇඳගෙන පාසලට එන්නට පටන් ගත්තා. කෙ සේ වෙතත් පසුගිය 13 වන දා සිට පාසලේ අධ්‍යාපන කටයුතු ඇණහිටලා”

මෙය සුළු සිද්ධියක් යැයි පෙනී යා හැකි වූවත්, ඇමැති පාඨලී චම්පික මහතා ගේ ප්‍රකාශයකට විරෝධය පළ කිරීම සඳහා පසුගිය 7 වන දා කොළඹ දී පැවැති මුස්ලිම් විරෝධතාව සංවිධානය කැර තිබූ ආකාරය හා ඊට සහභාගි වූවන් ගේ හැසිරීම සලකා බැලූ විට මේවායේ බැරෑරුම්කම වටහාගත හැකි ය.

අප ගේ 2008.03.07 දිනැති කතු වැකියෙන් කල්මුණේ දී පැවැති උත්සවයක දී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා හිටපු ඇමැති බසීර් සේගුදාවුද් මහතා කළ කතා උපුටා දක්වා ඇත. එහි දී බසීර් සේගුදාවුද් මහතා මෙ සේ කියා තිබිණ.

“කොසොවෝ වැනි වෙන් වූ රටවල් 193 ක් තිබෙනවා. අපේ රටේත් එවැනි දෙයක් සිදුවීමෙන් එය 194 ක් බවට පත් වෙනවා. මුස්ලිම්වරුන් ගැන සිතන්නට අපට දැන් කාලය ඇවිත්. ඒ පිළිබඳ ව හැඟීම්බර ව බැරෑරුම් ලෙස මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතු යි. බහුතර ජනතාව ගේ ආධිපත්‍යයට යටත් නො වී අනෙකුත් සුළු ජාතීන් සමඟ ද එක් වී මේ සඳහා වැඩ සටහනක් යොදා ගෙන යනවා.

මේ ආගමික දේශපාලනය රටට ඉතා අහිතකර වූව ද එය පරාජය කිරිමට කිසිවකුට අවශ්‍ය බවක් නො පෙනේ. මේ අන්තවාදී ආගමික දේශපාලනය පරාජය කිරීම යනුවෙන් අදහස් කැරෙනුයේ තුර්කියේ සෙල්ජුක්වරුන්ට එරෙහි ව දියත් කළ කුරුස යුද්ධය වැනි විසැඳුමක් නො වන බව ද කිව යුතු ය. එහෙත්, මේ ප්‍රවණතාව බරපතළ තර්ජනයක් බව අවබෝධ කැර ගැනීම බෞද්ධයක් ගේ වගකීමකි.

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]