UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බුදුසරණ රීදී බන්දේසිය නිමංසලාට

කොළඹ තරුණ බෞද්ධ සංගමය සංවිධානය කළ 2007 – 10 ශ්‍රේණියේ දහම් දැනුම තරගයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රත්මලාන අත්තිඩිය පාර ශ්‍රී රත්නාරාම විහාරස්ථ ශ්‍රී රතනපාල දහම් පාසලේ, ඒ.එන්. නිමංසලා පෙරේරා සිසුවිය සමත් වූවා ය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් බුදුසරණ පුවත්පත වාර්ෂිකව ප්‍රදානය කරනු ලබන රිදී බන්දේසිය ද ඇයට හිමි විය.

කායකකන්ද යහපත් එඬේරාගේ බාලිකා මහා විද්‍යාලයේ බෞද්ධ සිසුවියන් හා බෞද්ධ ආචාර්ය මහත්ම මහත්මීන් විසින් විද්‍යාලයේ බෞද්ධ සංගමයක් පිහිටුවාගෙන ඇත. ඉකුත් පෝදා එම සංගමයේ සාමාජිකාවෝ හැඳල පුරාණ විහාරස්ථානයේ දී ශීල සමාදානයට සම්බන්ධ වී පෙහෙවස් සමාදන් වූහ. එදින සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට හැඳල පුරාණ විහාරස්ථානයේ කාන්තා සංවිධාන විසින් හීල්දානය හා දවල් දානය පිරිනමන ලදී. සම්බන්ධීකාරක ලෙස හිග්ගොඩ චන්දිම හිමියෝ ක්‍රියා කළහ. පෙහෙවස් සමාදන් වූ නායක කන්ද යහපත් එඬේරාගේ බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්ට දානය පිළිගන්වන ලද මොහොත.
ජුලසන් කෝරාළගේ, හැඳල විශේෂ

උදම්මිට උත්තමාරාම පුරාණ විහාරස්ථානයේ ශ්‍රී සංඝතිස්ස ධම්මාලංකාර දහම් පාසලේ නව දහම් පාසල් ශ්‍රවණාගාරය විවෘත කරමින් ඒ සඳහා වූ සමරු ඵලකය කැනඩාවේ සේවය කරන වෛද්‍ය සුමිත්‍රා පීරිස් මහත්මිය විසින් නිරාවරණය කළ අයුරු. අමරපුර මහානිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක උදම්මිට උත්තමාරාමාධිපති උදම්මිට අස්සජිතිස්ස හා කටාන මීගමුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පණ්ඩිත සිදුවේ සුමනවංශ යන හිමිවරුද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය - සීදූව සමූහ නිශ්ශංක පියරතන

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]