UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රාගම, නව හලන්දුරුව පාරේ අංක 51/ 6 ඒ හි පදිංචි ටිරෝන් පෙරේරා මහතාට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුය.

වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ දුරකතන අංක 4967416, 0777698499 අමතන ලෙස ඔහුගේ භාර්යාව වන ඈන් පෙරේරා මහත්මිය ඉල්ලා සිටී.

********

කුරුණෑගල, රත්කරව්ව, රෝස්වුඩ්වත්ත හි පචිංචි වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරී ලෙස සේවය කළ ධර්මපාල ජයසූරිය මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙන බව කියයි. ඔහු සුව කර ගැනීම සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළයුතු බව වෛද්‍යවරු පවසති. පරිත්‍යාගශීලි පින්වතකු වේනම් 071 8279739 අංකය අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

********

දියතලාව ඇල්බැද්දගල පහළ කදුරුගමුව පදිංචි ආර්. ඇම්. කුසුමාවතී මහත්මිය දරුණු වකුගඩු රෝගයකට ගොදුරු වී සිටින බව මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වේ.

හතලිස් හය හැවිරිදි සිව්දරු මවක් වන ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට සිදුව ඇති බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වේ නම් 0602581418 හෝ 0719207045 යන අංකවලට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

********

රාගම, හොරපේ, නො 175/5, අමරතුංග මාවතේ පදිංචි එක්දරු මවක වන මහී ප්‍රියංකා ආරියදාස (අවු. 38 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙමින් සිටියි.

මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මත ඇයගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බව පවසයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට “ඕ” පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් ඉහත ලිපිනය හෝ දුරකථනය අංක 2960944 අමතන ලෙස ඇයගේ මව ඉල්ලීමක් කරයි.

********

කළගෙඩිහේන, නුගගහලන්ද මාවතේ, අංක 8/31 හි පදිංචි ලෙස්ලි ගුණවර්ධන මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙලෙයි. ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව වෛද්‍යවරු පවසති.

ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ” නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම්, ඉහත ලිපිනයට හෝ දුරකථන අංක 033 2291771, 0718032652 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

තවද ඊට ආධාර කිරීමට කැමති අය වෙතොත් යක්කල කොමර්ෂල් බැංකුවේ 8850008439 දරන ගිණුමට බැර කරන ලෙසද ඉල්ලීමක් කැරේ.

********

කඳාන, දකුණු බටගම නිමලමරියා මාවත අංක 463 බී 1 ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. ඒ. රණවීර බණ්ඩා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 22 ක සේවාකාලයෙන් පසු විශ්‍රාම ගෙන සිටින බව කියයි. ඔහුගේ බිරිඳ වන ශාන්ති මානෙල් සිරිවර්ධන යන අයගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව කොළඹ මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වන අතර ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වා ඇතැයි ද කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ දු. අංක 0774827789 හෝ 0728198254 අංකයට ඉක්මනින් දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර බලාපොරොත්තු වන බවද කියයි. එම ආධාර හෝමාගම සෙලාන් බැංකුවේ ඇයැගේ නමින් අරඹා ඇති 43002185926101 දරන ගිනුම් අංකයට බැර කරන ලෙස ඉල්ලීමක් කැරේ.

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා බදාදා අපරභාග 3.32 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 19 වන දා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 27 වනදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]