[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මාවතගම ගලවිටියාව රාජමහා විහාරය
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

කාටත් සාධාරණ කර්ම න්‍යාය

කර්මය හා එය විපාක දීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුව කර්මය යනුවෙන් දේශනා කොට ඇත්තේ කුමක්දැයි තේරුම් ගත යුතු ය. කර්මය කුසල අකුසල යනුවෙන් දෙයාකාර ය. අපගේ මනසේ හොඳ මෙන් ම නරක වශයෙන් ද චෛතසික පහළ වේ. ඒ අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා අකුසල කර්ම වශයෙන් ද අලෝභ, අද්වේෂ, අමෝහ වැනි කුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා කුසල කර්ම වශයෙන් ද හඳුන්වා දීමට පුළුවන. අකුසල කර්ම තුළින් දුක්ඛිත ආත්මත්, කුසල කර්ම තුළින් සුඛිත ආත්මත් ලබා දෙනු ඇත. එහිදී කර්මය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සිත මූලික වන අයුරු වටහා ගත යුතු ය. එසේ වුව ද එය විපාක දීමේ දී සෑම කර්මයක් ම එකම අයුරින් විපාක නොදෙනු ඇත. එහිදී විපාක දීම සම්බන්ධයෙන් කර්ම බලවේගය කොටස් 04කට බෙදෙනු ඇත. එනම්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය - එනම් මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදී ම විපාක දීමයි. චුල්ලේකසාටක, සුමන මල්කරු වැනි අය දිට්ඨධම්මවේදනීය වශයෙන් කුසල කර්මවල විපාක ලැබූ අය වූහ. අද සමාජයේ වුව මවුපියන්ට තාඩන පීඩන කරන, සතුන් මරණ, නොයෙක් අකුසල් කරන අයට දිට්ඨධම්ම වේදනීය වශයෙන් අකුසල කර්ම විපාක ලැබෙන අයුරු අපි දැක ඇත්තෙමු.

සම්බුදු දහම පවතින තාක් බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙති

ලෝකයෙහි “බුද්ධ” යන උත්තම ශබ්දය කලාතුරකින් ඇසෙන්නකි. සමහර කාලවල දී කල්ප ගණනාවකිනුත් අසන්නට නො ලැබෙන්නකි. ‘බුද්ධ’ යන උතුම් ශබ්ද මාත්‍රය පවා එ තරම් දුර්ලභ නම්, බුදුවරයන් වහන්සේගේ පහළවීම අතිශයින් දුර්ලභ බව නුවණැත්තන්හට තේරුම් ගැනීම අමාරු නැත. බුදුරජාණන් වහන්සේ නම්; චතුරාර්‍ය සත්‍යය ධර්ම ස්වයම්භු ඥානයෙන් (තමන් වහන්සේගේ ම නුවණින්) අවබෝධ කොට වදාළ මහොත්තමයන් වහන්සේ ය. උන්වහන්සේ දත යුතුතාක් දහම් අතැඹුලක් සේ (අතෙහි තිබෙන නෙල්ලි ගෙඩියක් මෙන්) හැම ලෙසින් ම දැන වදාළ සේක. ශීල - සමාධි - ප්‍රඥා - විමුක්ති - විමුක්ති ඥාන දර්‍ශනාදී ගුණයෙන් උත්තරීතර වන සේක. සවාසන සකල ක්ලේශයන් නසා තුන්ලොවෙහි අසම වූ සේක. බෞද්ධයන්ගේ අනුශාසකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ම වන සේක. අන් සමයන්හි ශාස්තෘවරු මෙන් තථාගතයන් වහන්සේ සියල්ල මැවීම් - රැකීම් -නැසීම් කරන ශාස්තෘවරයෙක් නොවෙති. සත්වයා දුකින් ගලවන්නෙක් හෝ සැපතෙහි අලවන්නෙක් හෝ නොවෙති. ශාපකිරීම් - දඬුවම් දීම් ආදියෙහි සමත් වූ සර්වබලධාරී අදෘශ්‍යමාන දෙවියකු වශයෙන් හෝ හඳුන්වනු නො ලබති. උන්වහන්සේ ක්‍රිස්තු පූර්‍ව 563 - 518 කාලය තුළ මේ මිනිස් ලොව ම වැඩසිටි සේකැ’ යි බෞද්ධ ඉතිහාසය පමණක් නො ව ලෝක ඉතිහාසය ද ලක්‍ෂ ගණන් නෂ්ටාවශේෂ හා සෙල්ලිපි ද උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා නම් වූ ත්‍රිපිටක ධර්‍මය ද හොඳීන් කියාපායි. බුදු වූ මහෝත්තමයන් වහන්සේ වනාහි සුමේධ තාපස කාලයේ සිට ම දානාදි පෙරුම් පුරා ක්‍රමයෙන් ගුණ නුවණින් වැඩෙමින් අවුත් බුද්ධත්වය ලබා ගත් සේක.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන් බවට ත්‍රිපිටකයේ අංශුමාත්‍රයක සාධකයක් නැත

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම සම්බන්ධ ඓතිහාසික මූලාශ්‍රයන් අතර බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා උන්වහන්සේ වදාළ ධර්ම විනය ප්‍රධාන වේ. ඒ බව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ලෝක සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේ ය. “යඤ්ච භික්ඛවේ රත්තිං තථාගතො - අභිසම්බුජ්ඣති යඤ්ච රත්තිං පරිනිබ්බායති - යං එකස්මිං අන්තරෙ හාසති ලපති - නිද්දිසති සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා”, මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුස්සතපාවබෝධය කරන සේක් ද, යම් රැයෙක පිරිනිවන්පාන සේක ද, මේ අතර යමක් දේශනා කරන සේක් ද, තෙපලන සේක් ද නිදෙසන සේක් ද, එහැම එසේම වෙයි. වෙනස් නොවෙයි.” එම නිසා බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නේ නම් ඒ හා සම්බන්ධ කුමන හෝ කරුණක් තුන් පිටකයේ අඩංගු විය යුතුයි. එවැනි උපකල්පනයක හෝ එළඹීමට බුද්ධ දේශනාවේ අංශුමාත්‍රයක සාධකයක් නොමැති බව නිසැකව ප්‍රකාශ කළ හැකි ය. තවදුරටත් මේ පිළිබඳ කෙටියෙන් විමසා බලනවා නම්, එනම්, ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨම පාලකයා වූ අශෝක අධිරාජයාගේ මෙහෙයවීමෙන් ඔහුගේ පුත්‍ර රත්නය වූ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ අප රටට බුදුදහම හඳුන්වාදුන් සේක. ඓතිහාසික කෘතිවල එනම් දීපවංශය, මහාවංසය සමන්තපාසාදිකා ආදී කෘතිවල ථෙරවාද බුදුදහම වශයෙන් මෙය සඳහන් ය.

නිරවුල් මනසින් මිථ්‍යාව පිටුදකිමු

මාස කිහිපයකට පෙර, පසුගිය වසරේ නොබෙල් සම්මානය ලැබුණ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරිණ. මානව ජීවිතය ශක්තිමත් කරවීමට දායක වූ මිනිසුන්ගේ ජීවන තොරතුරු දැන ගැන්මට ඉමහත් රුචිකත්වයක් දක්වන මා ඒ අයගේ නම් නිවේදනය කෙරෙන තෙක් පසුවූයේ දැඩි කුතුහලයකිනි. ඒ අතර ම, සමහර අවස්ථාවල මට මෙවන් අදහසක් ද ඇති වෙයි. මේ ලෝකයට මොන ම ප්‍රයෝජනයක් හෝ නොමැති, අතිශයින් විනාශකාරී සොයා ගැනීම් කරන, අදහස් දරන, එවන් දේ ලියා පළ කරවන මිනිසුන් සොයා ඒ සා මෝඩකම් කළ හැකි මිනිසුන් ද සිටින බව වාර්ෂික ව හෙළිදරව් කෙරෙන වැඩ පිළිවෙළක් ද අවශ්‍ය බව ය. එයට සමහර විට ‘අධමයා සම්මානය,’ යැයි නම් කිරීමට ද හැකිවනු ඇත. එවන් සම්මානයක් පිහිටුවා, එම සම්මාන ලාභියා නිශ්චය කෙරෙන කමිටු සාමාජිකත්වයක් මට ද ලැබුණේ නම්, මේ වසරේ එම සම්මානය ලබා දෙනුයේ, බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි උපන්නේ යැයි කියනවුන්ට ය. ​ඒ අතර ම, අඩු ම තරමින් සිනහ දනවන මේ අදහස තහවුරු කළ හැකි පරමාණුවක් තරම සාක්ෂියක් වත් නොමැති නිසා, මානව සමාජයෙහි මෙතෙක් පහළ වූ උත්තරීතර ම මිනිසා වන බුදුන් වහන්සේ ඉන්දීය අර්ධද්වීපය තුළ උපත ලැබූ, මුළු ජීවිත කාලය ම ඉන්දියාවෙහි ජීවත් වූ, ඉන්දියානුවකු බව තහවුරු කෙරෙන කන්දක් පමණ වූ සාක්ෂි අතරින් කිසියම් ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]