[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කාටත් සාධාරණ කර්ම න්‍යාය

කර්මය හා එය විපාක දීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පළමුව කර්මය යනුවෙන් දේශනා කොට ඇත්තේ කුමක්දැයි තේරුම් ගත යුතු ය. කර්මය කුසල අකුසල යනුවෙන් දෙයාකාර ය. අපගේ මනසේ හොඳ මෙන් ම නරක වශයෙන් ද චෛතසික පහළ වේ. ඒ අතර ලෝභ, ද්වේෂ, මෝහ වැනි අකුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා අකුසල කර්ම වශයෙන් ද අලෝභ, අද්වේෂ, අමෝහ වැනි කුසල චෛතසික මුල් වී සිදුවන ක්‍රියා කුසල කර්ම වශයෙන් ද හඳුන්වා දීමට පුළුවන. අකුසල කර්ම තුළින් දුක්ඛිත ආත්මත්, කුසල කර්ම තුළින් සුඛිත ආත්මත් ලබා දෙනු ඇත. එහිදී කර්මය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සිත මූලික වන අයුරු වටහා ගත යුතු ය. එසේ වුව ද එය විපාක දීමේ දී සෑම කර්මයක් ම එකම අයුරින් විපාක නොදෙනු ඇත. එහිදී විපාක දීම සම්බන්ධයෙන් කර්ම බලවේගය කොටස් 04කට බෙදෙනු ඇත. එනම්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය - එනම් මේ ආත්මයේ කරන ලද කර්මයකට මෙහිදී ම විපාක දීමයි. චුල්ලේකසාටක, සුමන මල්කරු වැනි අය දිට්ඨධම්මවේදනීය වශයෙන් කුසල කර්මවල විපාක ලැබූ අය වූහ. අද සමාජයේ වුව මවුපියන්ට තාඩන පීඩන කරන, සතුන් මරණ, නොයෙක් අකුසල් කරන අයට දිට්ඨධම්ම වේදනීය වශයෙන් අකුසල කර්ම විපාක ලැබෙන අයුරු අපි දැක ඇත්තෙමු. එසේත් නොවේ නම් දූ දරුවන්ට හෝ එහි විපාක ලැබීමට සිදුවේ. එසේත් නොමැති නම් තම සම්පත්වලට හෝ හානි සිදුවේ. සුප්‍රබුද්ධ, චිංචිමානවිකාව වැනි අය බුදුරදුන් කල ම දිට්ඨධම්මවේදනීය වශයෙන් අකුසල් කර්මවල විපාක ලැබූවන් වූහ. උපපඡ්ඡ වේදනීය කර්මය - එනම් දෙවන භවයේ දී විපාක දෙන කර්මයයි. මෙසේ විපාක දෙනු ලබන්නේ කුසල පක්ෂය නම් අෂ්ට සමාපත්තිත්, අකුසල පක්ෂයෙන් නම් පඤ්චානන්තරීය කර්මත් බව දක්වා තිබේ. නොපිරිහුණු ධ්‍යාන ඇත්තන් බඹලොව ඉපදීම. ආනන්තරීය කර්ම කළ වූවන් අපායෙහි ඉපදීම ද ඒකාන්තයෙන් වන්නේ ය. එක් සමාපත්තියකින් බඹලොව උපන් කල්හි අනික් සමාපත්ති අහෝසි කර්ම වේ. උපපජ්ජවේදනීය වශයෙන් කුසල කර්මවල විපාක ලැබූවන් ලෙස මට්ඨකුණ්ඩලී, ධම්මික උපාසක වැනි අයත්, අකුසල කර්ම විපාක ලැබූවන් ලෙස තෝදෙය්‍ය වැනි සිටුවරු ද බුදුන් දවස ඉතා ප්‍රකට චරිත වූහ. අපරාපරීය වේදනීය කර්මය - එනම් කවදා හෝ කොතැනක දී හෝ විපාක දෙන කර්මය යි. ඒ සම්බන්ධ ව ධම්ම පදයේ පාප වග්ගයේ 12 වැනි ගාථාව ඉතා වැදගත් වේ.


දුරුතු පුර අටවක

ජනවාරි 17 බදාදා අ.භා. 10.12 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 ගෙවේ.
18 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]