[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිහියෙන් ඉන්නට පුරුදු පුහුණු කළොත් දරුවන්ගේ හෙට දවස නිසැකවම සැපවත්

අලුත උපන් දරුවකු දෙස මොහොතක් බලා සිටින්න. තව දශක කිහිපයකින් ඉතාම නින්දනීය ලෙස ජීවත් වන්නට සිදුවන මිනිසකුගේ සිට ඉතාම වන්දනීය ලෙස ජීවත්වන මිනිසකු දක්වා පරාසයක පුද්ගලයෙක් එම දරුවා තුළ සිටී. අද සමාජයේ නින්දාවට පත්වෙමින් සිර මැදිරිවලට කොටුකර සිටින්නේත්, නීතියේ රැහැනින් පලායමින් සැඟවෙමින් සිටින්නේත්, අනුනට යහපත් සේවා සහ නිපැයුම් ලබා දෙමින් සමාජයේ උන්නතිය පිණිස කටයුතු කරන්නේත්, සමාජයෙන් වැඳුම් පිදුම් ලබන්නේත් මීට දශක කීපයකට උඩ දී උපන් සිඟිති දරුවෙකි. දරුවකුගේ පුද්ගල සංවර්ධනය පිණිස සමාජයෙන් කුමන අන්දමේ තල්ලුවක් ලැබුණ ද, තම චරිතය ගොඩනැඟීම සඳහා මූලික සහ විශාලතම දායකත්වය ලැබෙනුයේ තමා ගේ සිත තුළින් ම ය. පුද්ගලයකුගේ බාහිරින් පෙනෙන ශරීර ස්වරූපයත්, වචන සහ හැසිරීමත් මත ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාව රඳා පවතී. මුලින් කී ශරීර ස්වභාවයට අනුව සුදනන් හෝ දුදනන් හඳුනා ගත නොහැකි ය. ඒ අනුව, පුද්ගල අනන්‍යතාව කෙරේ දිගු කාලීන වශයෙන් බලපානුයේ වචන සහ හැසිරීම ය. මේ කරුණු දෙකට මූලික වන්නේ සිත ය. සිතට නැඟෙන සිතිවිලි නිසා සිතේ ගුණය වෙනස් වේ. එවිට එයින් නිපන් වචන සහ ක්‍රියා ද වෙනස් වේ.


බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]