[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

බුදු හිමි

සුවඳ මල් ගෙන

සුවය විඳ විඳ
පාරමි පුරණා
නොමද සිල් ගුණ
නැමඳ නිරතුරු
තුන්සිත ම නිවනා

වැළඳ මද නළ
නෙත සිසිල රඳනා
මළ ද කම් නැත
දහම් රස විඳ
පින් ගඟුල හඳුනා

විළඳ මී පැණි
නොමැත පිදුමට
එහෙත් සිත පිරුණා
බුදු සමිඳු දුටුවා

පැහැද වැඳ වැඳ
මහද සැඟවෙන
බණ පොතක තිබෙනා
ඇවිද සසරේ සොය සොයා ආ
මග දකිමි හඳුනා...


සිත් සුවපත් කරමු

භාවනාව මඟින් සියලු ම පුද්ගලයන්ගේ චංචල සිත එක්තැන් කරනු ලබයි. අද ලොව දෙස බලද්දී මිනිසුන්ගේ සිත දැඩි ලෙස දූෂණය වී ඇත. එකිනෙකා මරා ගනිමින්, ලේ හලමින් සතුටුවන අයහපත් සමාජයක් ගොඩනැඟී එන අයුරු අපට පෙනේ. ලෝකයේ අසත්පුරුෂයන්ගෙන් තොර සත්පුරුෂයන් ඇති කර ගැනීමට ධර්මානුකූල ව සිටිමින් භාවනාව ප්‍රගුණ කළ යුතු වේ. භාවනාව ප්‍රගුණ කිරීම මඟින් සිත එක්තැන් කොටගෙන කුසල් අරමුණක් තුළින් සිතට පැමිණෙන අයහපත් සිතිවිලි යටපත් කිරීමට හැකිවේ. තව ද මානසික සුවය සඳහා භාවනාව ලොකු කුඩා සැමට එක සේ උපකාරී වේ.

වගීෂ සඳරුස් ආරියරත්න
9 වසර
වාද්දූව මධ්‍ය විද්‍යාලය, කළුතර


විනය නැති තැන

සම්බුදු සසුන රැකුමට
විනය රැක ගමු හැමවිට
සිතා මෙය හොඳ හැටි
අපිත් කැප වෙමු විනය රැකුමට

විනය නැති වූ තැන
විනාශයම යි හැම විට
ගිහි පැවිදි හැම හට
විනය මුල් වෙයි සසුන රැකුමට


අනාථපිණ්ඩික සිටුතුමා

සුදත්ත සිටුතුමා සැවැත්නුවර සිටි ධනවත් සිටුවරයෙක්. එතුමා ‘බුද්ධ’ යන වනය අසා මහත් සතුටට පත් වුණා. තෙරුවන් සරණ ගියා. දිනපතා සිටු මැදුරේ දී මහා සංඝ රත්නයට දානය පූජා කළා. දුගී මගී යාචකයන්ටත් දන් දුන්නා. මේ නිසා ම සුදත්ත සිටුතුමා අනේ පිඬු සිටුතුමා නමින් ප්‍රසිද්ධ වුණා. බුදු සසුනේ අග්‍ර දායක තනතුර හිමි වුණෙත් අනේපිඬු සිටුතුමාට යි.

බුදු බණ අසා සෝවාන් වූ අනේපිඬු සිටුතුමා මිය ගොස් දිව්‍ය ලෝකයේ මහානුභාව සම්පන්න දෙවියකු ලෙස උපන්නා.


බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]