[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

නීරෝගි වන්න ලේ ධාතුව පිරිසුදු කර ගන්න

යො වෙ උප්පතිතං කෝධං - රථං භන්තං ව ධාරයෙ, - තමහං සාරථිං බ්‍රෑමි - රස්මිග්ගාහො ඉතරො ජනො කෙනෙක් සැණින් උපන්නා වූ කෝපය, ඉතා වේගයෙන් නොනිසි සේ දුවන රියක ගමන් වේගය වළකන්නට සමත් රියදුරකු මෙන් මැඩ පවත්වා ගනී ද ඔහුට මම උතුම් රියදුරා යැයි කියමි. අන් ජනයා රැහැන් අල්ලා ගන්නෝ නම් වෙත්. ඔවුහු නියම රියදුරෝ නොවෙත්. ධම්මපදය කෝධ වග්ගය. අලවි නුවර අග්ගාලව නම් වූ වෙහෙරක තනියම වෙසෙන තෙර නමක් උන් වහන්සේ ම තම සෙනසුන තනාගනු සඳහා මනාව වැඩුණු ගසක් දැක එයින් ලී දඬු සපයා ගැනීමේ අරමුණින් එය කපන්නට විය. ඒ වෘක්ෂය විමානය කර ගත් දෙව්දුව ඉන් මහත් සංවේගයට පත්ව උන්වහන්සේගෙන් ගස නොකපන ලෙස ඇයැද සිටියා ය. දෙතුන් වරක් ආයාචනා කළත් තෙරණුවෝ ගස කැපීම නොනවත්වාම කරගෙන ගියහ. දෙව්දුව කියන්නී හිමියනි, මේ ගස කපා දැමුවොත් මට සේ ම මඟේ මේ බිළිඳාටත් යන්නට අන් තැනක් නොමැති බැවින් ගස නොකපන ලෙස සිය බිළිඳා ද පෙන්වමින් බැගෑපත් වුව ද තෙරණුවෝ නොනවත්වාම ගස කපන්නට විය. අවසානයේ දී ගස කපන තැන අත්තෙහි දරුවා නිදි කළ ද හිමියන් ගස කැපීම නැවැත්වූයේ නැත. ඔසවා ගැසූ පොරෝ පහරක වේගය නවතා ගත නොහී දරුවාගේ අතක් තුවාල විය. එයින් මහත් දුකටත්' කෝපයටත් පත් දෙව්දුව ඒ හිමිනමට ගසන්නට ඔසවා ගත් අතැතිව ම මෙසේ සිතන්නට විය. මුන් වහන්සේ සිල්වත් ය. දඬුවම් කොට පව් පුරවා ගැනීම දුකට හේතු වන්නේ ය. එසේ සිතා බලවත් කෝපය මැඩගෙන බුදුරදුන් වෙත ගොස් හඬමින් එකත්පස්ව වැඳ හොත්තී ය. දෙව් දුවණියනි, නුඹ හඬන්නේ මන්දැයි විමසද්දී සියලු පුවත් සැළකොට මා තුළ හටගත් දරුණු කෝපය මැඩගෙන ඔබ වහන්සේ හමුවට ආවෙමි'යි කියා සිටියා ය. හටගත් කෝපය නවතා ගැනීමේ වීර්යය පිළිබඳ දෙව්දුවට ප්‍රශංසා කළ බුදුරජාණන් වහන්සේ, යමෙක් උපන් කෝපය වේගයෙන් දුවන රියක් මෙන් හසුරුවා ගනී ද ඔහු නියම රියදුරෙකි’යි මම කියමි. අන් රිය එළවන ජනයා තෝන් ලණුව අල්වා ගත්තා පමණක් වන්නේ ය, යයි මේ ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.


බක් අව අටවක

අප්‍රේල් 23 සෙනසුරාදා පූ.භා. 06.29 අව අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.32 ගෙවේ
23 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

Full Moonපසළොස්වක

මැයි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]