[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි

 

සසුන් කෙත බැබළවූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණෝ

භික්ෂු ජීවිතයක් බහු ජනතාවගේ හිතසුව සඳහා යෙදවීමට භික්ෂූන් වහන්සේ කෙරෙහි ප්‍රධාන වශයෙන් උපයෝගී වන්නේ ජනපි‍්‍රය ධර්ම කථිකත්වය සහ පරිණත ධර්ම ශාස්ත්‍රීය ඥානයයි. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම අංශ දෙකෙහි ම සම්පූර්ණත්වය නිසා ස්වකීය ජීවිතය අර්ථ සම්පන්න කළ සංඝ පීතෘවරයාණ කෙනෙකි. සම්බුද්ධ දේශිත ධර්මයේ ආශීර්වාදය සමාජයේ සෑම අංශයක් කෙරෙහි ම යොමු කරවමින් ජනතාවගේ ගුණ මානසිකත්වය සංවර්ධනය කරනු සඳහා නාහිමිපාණන් වහන්සේ විසින් දරන ලද ප්‍රයත්නය අතිශයින් ම ප්‍රශස්ත ය. මෙසේ සසුන් කෙත ශොභාවත් කරමින් වැඩ සිටි අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම සම්බුද්ධ ශාසනයට කිව නො හැකි තරමේ පාඩුවකි. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටුගොඩ ඉතා සම්භාවනීය පරපුරක් වන මහනුවර රජ වාසල සම්බන්ධ තනතුරු නම්බුනාම ලබාගත් ඇඳවිතාරණගේ හරමානිස් රුද්‍රිගු හා ඇඳවිතාරණගේ සෙලෙස්තිනා රුද්‍රිගු නම් සැදැහැති දම්පතීන් නිසා 1933 ජනවාරි මස 26 වන දින උපත ලද උන්වහන්සේ කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ආරම්භ කොට ඉගෙනුමෙහි යෙදී සිටියදී ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති ව වැඩ විසූ පූජ්‍ය උණවටුනේ ධම්මපාල මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1948 අගෝස්තු 12 වන දින සම්බුදු සසුනට ඇතුළත් වූහ


  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]