[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික කූරගල පුදබිම

යළි පිබිදෙන කූරගල තපෝවනයේ ඓතිහාසික බෞද්ධ උරුමය

කූරගලට මැදින් පොහොය තවත් ඓතිහාසික දිනයක් වෙනු නියත ය. මැදින් පොහොය දින මුල්ගල තැබෙන ඒ මහා චෛත්‍යය නොබෝ දිනකින් ශ්වේත වර්ණයෙන් බැබළෙනු ඇත. කූරගල කඳු මස්තකයට පිවිසුණු කල නෙත් යුගලට පහළින් හරිත වර්ණ කාලතිත්ථ කෙත් යාය ද, ඒ අතර ගලා බසින වලවේ කොමලිය ද, එයින් පිරීයන නීලවර්ණ වැව් දාමය ද දෙඇසට සමව සිටින එකිනෙකට අත්වැල් බැඳගත් කඳු පන්තිය ද නෙත් යුගලට ඉහත්තාවෙන් නෙක රටා මවන අහස්කුස ද ගත සනසවන සිහින් සුළං දාරාව ද ගතට සිතට දනවන්නේ දිව්‍යමය රසයකි. අමෘතයකි. මේ සා සොබාසිරි පිරි නිහඬ අරණක් ඕනෑම වන්නේ මනැස වඩන උත්තමයන්ට ම පමණි. එය එලෙසම අතීතයේ දී සිදුව ඇත. ඉතින් අප මේ පිවිසෙන්නේ දිව්‍ය සිරි ගෙනෙන නිහඬ පරිසරයක නික්ලේෂී යතිවරයාණන් වහන්සේලා නිවන පැතූ කූරගල ආරණ්‍ය සේනාසනයට යි. සමන් දෙවි රැකවරණය ලබන සබරගමු පළාතේ ශ්‍රී පාද මස්තකයෙන් පින් බරිතව මැණික් ජනිත කරන්නා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්ජන්තැන්න ග්‍රාම නිලධාරී වසමට අයත්ව කූරගල බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා තිබේ. ගැඹුරු පර්වත ප්‍රාන්තයක උස්ව පිහිටි කූරගල හා හිටුවන්ගල කඳු ශිඛර දෙක ප්‍රධාන කොටගෙන මෙම තපෝවන අරණ පිහිටා ඇත.

  මැදින් පුර පසළොස්වක 

  මාර්තු 28 ඉරිදා පූර්වභාග 03.27 පසළොස්වක ලබා 29 සඳුදා පූර්වභාග 00.17 ගෙවේ.
ඉරිදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

First Quarterපුර අටවක

අප්‍රේල් 20

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]